තායිවානයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පසුව තවත් පසු කම්පන කිහිපයක්ම ඇති වූ බව විදෙස් වාර්තා පවසයි.
රික්ටර් පරිමාණ 6.4ක භූ කම්පනය එරට වේලාවෙන් රාත්‍රී 11.50 ට පමණ ඇති වී තිබෙන අතර, එහි අපිකේන්ද්‍රය තායිවානයේ නැගෙනහිර වෙරළට කිලෝමීටර් 20ක් පමණ ඔබ්බෙන් වාර්තා වී ඇත.
භූ කම්පනයෙන් දැඩි හානි සිදුවූ සංචාරක පුරවරයක් ලෙස සැලකෙන හුආලෙයින් පළාතේ වෙසෙන ජනතාවට සිය නිවෙස්වලින් ඉවත්ව ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස දැනුම් දී ඇති අතර, දැනටමත් 800ක පමණ පිරිසක් කඳවුරුවල රැඳී සිටින බව කියැවෙයි.
මෙම භූ කම්පනයෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 100කට ආසන්න පිරිසක් තුවාල ලැබීය.
සහන කණ්ඩායම් කඩා වැටුණු ගොඩනැගිලිවල සිටින 150ක පමණ පිරිසක් මුදාගෙන තිබුණු අතර, තවත් දරුණු පසු කම්පන කිහිපයක්ම ඇති වූ නිසා සහන කටයුතු තරමක් පවා වන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.