දිල්ලියේ රෝහල්වලට අමතර ඇඳන් 80,000ක් අවශ්‍ය වනු ඇතැයි දිල්ලි නියෝජ්‍ය මහ ඇමති මනීෂ් සිසෝඩියා ආපදා කළමනාකරණ අධිකාරියේ රැස්වීමට සහභාගී වෙමින් කියයි.
ආහාර අර්බුදය හේතුවෙන් උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක නැවත සලකා බැලීමට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ක්වින්ටනා, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය දිරිගන්වා තිබේ.
Read Moreඔහුගේ දේහය ෆවුන්ටන් ඔෆ් ප්‍රයිස් පල්ලියේ සිට හූස්ටන් හි අනුස්මරණ උද්‍යානය වෙත රැගෙන යන ලදී. පසුව එය හූස්ටන් නගරයට දකුණින් පිහිටි පෙයාර්ලන්ඩ් හි පෞද්ගලික සුසානයක තැන්පත් කෙරිණි.
Read Moreලතින් ඇමෙරිකා කලාපයේ කෝවිඩ්-19 වසංගතයේ උණුසුම් ස්ථානයක් බවට පේරු රාජ්‍යයද පත්ව ඇති අතර, සමස්ත මරණ 5,738ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreබ්‍රසීලය තුළ වෛරසය පැතිරයාම ආරම්භ වී පැය 24ක් තුළ නව ආසාදිතයන් 30,000කට අධික සංඛ්‍යාවක් වාර්තා කළ සිව්වැනි දිනය ඊයේ (09දා) දිනයයි.
Read Moreවසර 15ක් බලයේ සිටි 55 හැවිරිදි ජනාධිපති පියරේ නුරුන්සියා එලැඹෙන අගෝස්තු මාසයේදී ඉල්ලා අස්වීමට නියමිතව සිටියේය.
Read Moreජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව කියුබාවේ කොරෝනා වෛරස ආසාදිතයන් 2,200ක් සහ මරණ 83ක් වාර්තා වී තිබේ.
Read Moreඇමෙරිකානු හා දකුණු ආසියානු කලාපයේ රටවල් 10කින් ඉරිදා වාර්තා වූ ආසාදිතයන්ගෙන් 75%ක්ම වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.
Read Moreලෝක බැංකුව පුරෝකථනය කරන්නේ ලෝක යුද්ධයෙන් පසු මේ වසරේ ගෝලීය ආර්ථික වර්ධනය වඩාත්ම හැකිලෙනු ඇති බවයි.
Read Moreප්‍රාන්ත යළිත් අගුලු දැමීමට හෝ සමාජ දුරස්ථකරණ ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර නොගතහොත්, තත්ත්වය වඩාත් නරක අතට හැරෙනු ඇති.
Read Moreනිකරගුවාවේ සමස්ත ආසාදිත අගය 1,118ක් හා මරණ 46ක් බව කීවත්, ආසාදිතයන් 5,027ක් සහ මරණ 1,015ක් බව ස්වාධීන නිරීක්ෂකයන් පවසයි.
Read Moreබ්‍රසීලයේ කොවිඩ්-19 ආසාදිතයන් ලක්ෂ 7ක් ඉක්මවා ඇති අතර, සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාවද 37,000ක් ඉක්මවා වාර්තා වෙයි.
Read Moreමැයි මස මැද සිට ජපානය දිනකට නව ආසාදිතයන් 100 කට වඩා අඩු සංඛ්‍යාවක් වාර්තා කර ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreආර්ථිකයට ප්‍රතිලාභයක් ලබාදෙන බව නිරූපණය කළ හැකි නම් සමහර විදේශීය අමුත්තන්ට සහ ව්‍යාපාරිකයින්ට නවසීලන්තයට ඇතුළු වී එහි සේවය කිරීමට අවසර දෙනු ලැබේ.
Read More’’51 හැවිරිදි මහ ඇමති දියවැඩියා රෝගියෙක්. එබැවින් වෛද්‍යවරු ඔහුගෙන් ඉල්ලා සිටින්නේ ස්වයං හුදෙකලා වී පූර්වාරක්ෂාව ගන්නා ලෙසයි.’’
Read Moreනවසීලන්තයේ වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 1,504කි. එරට වෛරසය ආසාදිතව පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අභාවය සිහිපත් කරන ’බ්ලැක් ලයිව්ස් මැටර්’ උද්ඝොෂණ මාලාව දෙවැනි සති අන්තයේදී පොදු ස්ථාන රැසක වඩාත් උණුසුම් ස්වරූපයකින් පැවැත්විණි.
Read Moreලොවපුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 402,699ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඋද්ඝෝෂණ මැඬපැවැත්වීම සඳහා හමුදාව යොදා ගන්නා බවට තර්ජනය කිරීම දැඩිව විවේචනය කර ඇති ඔහු, තමා ඩිමොක්‍රටික් අපේක්ෂකයාට මෙවර ඡන්දය ප්‍රකාශ කරන බවද කියයි.
Read Moreඇමෙරිකානුවන් මිලියන 2කට ආසන්න සංඛ්‍යාවක් නව කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බව අනාවරණය වෙයි.
Read Moreවැඩිම මරණ එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර, එක්සත් රාජධානිය, බ්‍රසීලය සහ ඉතාලිය එහි මරණ සංඛ්‍යාව අනුව පසුපසින් පෙළ ගැසෙයි.
Read Moreදකුණු ඇමරිකාවේ, මැදපෙරදිග හා අප්‍රිකාවේ සම්ප්‍රේෂණ වේගය වේගවත් වී ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.
Read Moreවිරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම කොරෝනා වෛරසය පැතිරීම තවදුරටත් වර්ධනය කිරීමක් බව විශේෂඥයෝ පවසති.
Read Moreහමුදා වාහන සහ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් වොෂිංටන් ඩී.සී. නගරයේ බොහෝ ප්‍රදේශ ගමනාගමනය සඳහා වසා දමා තිබුණි.
Read Moreපේරු රාජ්‍යයේ මිනිසුන් වෛරසය ආසාදිතව පාරේ ඇද වැටෙන අතර, තවත් සමහරු දැඩි ලෙස රෝගාතුර වූ ඥාතීන් රෝහල්වලට ඇතුළත් නොකරති.
Read Moreබ්‍රසීලයේ වාර්තාගත ලෙස නව කොරෝනා ආසදිත අගය ඉහළ යන අතර, සමස්ත ආසාදිතයන් 645,771ක් සහ මරණ 35,026ක් වාර්තා වෙයි.
Read Moreකොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතව ලොව පුරා සම්පූර්ණයෙන් සුවය ලැබූ පිරිස ලක්ෂ 30 ඉක්මවා යයි.
Read Moreජනවාරියේ එන්නතක් ඒමට නම් සෑම දෙයක්ම ඇදහිය නොහැකි තරම් හොඳින් සිදුවිය යුතු බව වෛරස් විද්‍යාව, ප්‍රතිශක්ති විද්‍යාව සහ එන්නත් සංවර්ධනය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලැරී කෝරි කියයි.
Read Moreමැඩගස්කරයේ කොවිඩ්-19 පාලනයට යැයි කියා නුසුදුසු ලොල්පොප් ඇණවුම් කිරීමට ගිය ඇමතිවරයා ධුරයෙන් පහ කළ ජනාධිපතිවරයාද ඊට නොදෙවැනි ලෙස නව කොරෝනා වෛරසය සඳහා අත් බෙහෙත් ප්‍රවර්ධනය කරන්නෙකි.
Read Moreඋතුරු අප්‍රිකාවේ අල්කයිඩා නායක අබ්දෙල්මාලෙක් ඩෘක්ඩෙල් සහ ඔහුගේ අභ්‍යන්තර කවයේ සාමාජිකයන් මෙම ප්‍රහාරයේදී ඝාතනය වී තිබේ.
Read More