saravita-anim2

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා

International - timelapse 7558 hours ago

LATEST

රුසියාවේ එන්නත් ලබන්නට ආවොත් නොමිලේ අයිස්ක්‍රීම්

calendar_today 2021 පෙබ 24 - 08:50 remove_red_eye - 963  

රුසියාව පසුගියදා සිය ස්පුට්නික්-වී එන්නත නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා නවතම කර්මාන්ත ශාලාව ජාත්‍යන්තර මාධ්‍ය වෙත විවෘත කර තිබේ. මීට පෙර සෝවියට් විද්‍යාඥයන් ජීව විද්‍යාත්මක ආයුධ පිළිබඳව පර්යේෂණ මෙම ස්ථානය දැන් මහා පරිමාණ එන්නත් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් බවට පරිවර්තනය කර ඇත.

පොරොන්දු වූ පරිදි චීනය සංවර්ධනය වෙමින් පවතින රටවල් 53කට එන්නත් ආධාර ලබාදෙන අතර සමහර රටවලට දැනටමත් චීන ආධාර ලැබී ඇති බව එරට විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඊයේ (23දා) නිතුක් කළ නව වාර්තාවක් අනතුරු අඟවා සිටියේ කොරෝනා වෛරසයේ වැඩි සම්ප්‍රේෂණ හැකියාවක් ඇති නව ප්‍රභේදයක් හේතුවෙන් මාර්තු මාසයේ ආසාදන යළි ඉහළ යා හැකි බැවින්, දෙවැනි මාත්‍රාව කල්දමා වැඩි පිරිසකට එන්නත ලබාදිය හැකි ලෙස එන්නත් වැඩසටහන වේගවත් කරන ලෙසය.

Read More

වසංගතය සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කළ චීනය, වියට්නාමය, තායිවානය ආදී රටවල මුල සිටම මුඛ ආවරණ භාවිතයේදී ජනතාව ඒ කෙරෙහි දැක්වූ උනන්දුව මෙන්ම, එම රටවල රජයන් හා පාලකයන් මෙන්ම ආයතනිනක පරිසරයන්ද ඒ කෙරෙහි ජනතාව හා තම සේවකවන් නැඹුරු කරවීමට දැක්වූ ප්‍රයත්නය බොහෝසෙයින් අද මල්ඵල ගැන්වී ඇත.

Read More

චීන එන්නතෙහි පළමු තොගය මාර්තු 1දා පැමිණෙන බව ඉරාක සෞඛ්‍ය අමාත්‍ය හසන් අල් තමිමි තහවුරු කළේය.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ COVAX වැඩසටහන හරහා ඉන්දියාව සිය ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 එන්නත අප්‍රිකාව පුරා රටවල් වෙත නැව්ගත කිරීම ආරම්භ කර ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අනුරග් ශ්‍රීවස්තවා නිවේදනය කරයි.

Read More

ප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස්ට අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු ධාවනය කළ කාරයේ වායු බෑග් ක්‍රියාත්මක වී ඇති අතර, වුඩ්ස් ආසන පටි පැළඳ සිට ඇත. ලොස් ඇන්ජලීස් ෂෙරිෆ් පැවසුවේ මෙය ඔහුගේ ජීවිතය බේරීමට හේතු වන්නට ඇති බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,483,500ක සීමාවේ තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වීමේ අඩුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

ධනවත් රටවල් එන්නත් මාත්‍රාව බිලියන ගණනක් ඉල්ලුම් කර ඇති අතර, සමහර රටවල් තම ජනගහනයට එක් වරකට වඩා එන්නත් කිරීම සඳහා ප්‍රමාණවත් තරම් මාත්‍රාවන් තබාගෙන සිටියි. මේ තත්ත්වය තුළ සංවර්ධනය වෙමින් පවතින රටවල සමහර රටවලට එන්නත් සුළු වශයෙන් හේ කිසිවක් නොමැත.

Read More

අග්නිදිග ආසියානු කලාපයේ චීනයේ සීනොවැක් එන්නත ලබාගන්නා පළමු පුද්ගලයන් අතර තමාද සිටිය හැකි බව තායිලන්ත අගමැති ප්‍රයූත් චාන්-චා ඊයේ (22දා) පැවසීය.

Read More

වෛද්‍ය ඇන්තනී ෆවුසි කියා සිටියේ වසංගතය එක්සත් ජනපදයට පැමිණියේ දේශපාලන බෙදීම් හේතුවෙන් රට වෙස්වලාගෙන සිටින පසුබිමක බවය. ඒ වනවිට මුඛ ආවරණයක් පැලඳීම මහජන සෞඛ්‍ය පියවරකට වඩා දේශපාලන ප්‍රකාශයක් බවට පත්ව තිබූ බවද ඔහු කියා සිටියේය.

Read More

ඉතාලි තානාපතිවරයා සමග ඔහුගේ ආරක්ෂාවට සිටි ඉතාලි සොල්දාදුවෙකුද ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඔවුන් ගමන් කළ රථ පෙළට ගෝමා හිදී එල්ල වූ ප්‍රහාරයකිනි.

Read More

මෙම ඉහළ මට්ටමේ ආරක්ෂාව දෙසැම්බර් මාසයේදී එක්සත් රාජධානියේදී ප්‍රථම වරට හඳුනාගත් B.1.1.7 කොරෝනා වෛරස ප්‍රභේදය දක්වා විහිදෙන බවද එංගලන්ත මහජන සෞඛ්‍ය ආයතනනය පවසයි.

Read More

පසුගිය සතියේ බදාදා සන්නද්ධ කල්ලියක් විසින් කගරා රජයේ පාසලෙන් පැහැර ගැනුණු ළමයින් 42ක් සහ කාර්ය මණ්ඩලය බේරාගැනීමේ උත්සාහයේ කොටසක් ලෙස මෙම යානය නයිජර් ප්‍රාන්තයේ නිරීක්ෂණ මෙහෙයුම්වල යෙදී සිටින බව ගුවන් හමුදා ප්‍රකාශකයෙකු පැවසීය.

Read More

’’අනේ කරුණාකරලා මට කැමතියි කියන්න. කරුණාකරලා මට ගරු කරන්න, කරුණාකරලා මං වැදගත් බව දැනගන්න, කරුණාකර මාව අගය කරන්න’ ආදී වශයෙන් මගේ දරුවන්ගේ දරුවන්ගේ දරුවනුත් පවසනවා දකින්නට මට අවශ්‍ය නැහැ. මේ මොකක්ද?’’ වත්මන් දේශපාලන අර්බුදය හමුවේ ඇමෙරිකාව වැටී ඇති අගාධය ඔහු ඉඟි කළේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 111,697,000ක් ඉක්මවා තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වීමේ අඩුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත් ලෝකය වෙත ඉන් ආරක්ෂා වීමට අවශ්‍ය නවෝත්පාදන රැසක් මෙවර ප්‍රදර්ශනයට ඉදිරිපත්ව තිබූ අතර, වායු පවිත්‍රකාරක, විෂබීජ නාශක පාරජම්බුල උපකරණ සහ තවත් බොහෝ උපාංග ඒ අතර දක්නට ලැබුණි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් ප්‍රකාශ කළේ ලෝක නායකයන්ගේ නව කැපවීම් පිළිබඳව තමා කෘතඥ වන නමුත්, ලෝකයේ එන්නත් කිරීමේ අසමතුලිතතාවයට පිළියම් යෙදීම සඳහා තවත් බොහෝ දේ අවශ්‍ය බවයි.

Read More

පැය දෙකක් ඇතුළත බීජිං හි තාවකාලික එන්නත ලබාදෙන ස්ථානයකදී සෞඛ්‍ය සේවකයන් විසින් නිවැසියන් 1,600 දෙනෙකුට කොවිඩ්-19 එන්නතෙහි පළමු මාත්‍රාව ඊයේ (21දා) උදෑසන ලබාදී තිබුණි.

Read More

2020 වසරේ ඔක්තෝම්බර් මාසයේදී, පෙර වසරේ එම මාසයට සාපේක්ෂව ජපානයේ කාන්තා සියදිවි නසා ගැනීමේ අනුපාතය 70%කට වඩා වැඩිවී තිබේ.

Read More

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රංශ නායක එමානුවෙල් මැක්‍රෝන් පැවසුවේ එන්නත් බෙදා ගැනීමට අපොහොසත් වීම ගෝලීය අසමානතාවයට හේතු වන බවයි.

Read More

ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නත් මාත්‍රා 312,390ක් ක්වාලලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී මැලේසියානු නිලධාරීන් විසින් පිළිගන්නා ලදී.

Read More

ඩොනල්ඩ් ට්‍රම්ප් 2015 න්‍යෂ්ටික ගිවිසුම අතහැර දැමූ දා සිට එක්සත් ජනපදය පනවා තිබූ සම්බාධක ඉවත් නොකිරීම නිසා ඉරානය අඟහරුවාදා සිට සිය ප්‍රවේශ ප්‍රතිපත්තිය වෙනස් කරමින් සිටී.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 111,330,000ක සීමාවට පැමිණ තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වීමේ අඩුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

’’අද අපි අපේ ඉතිහාසයේ විශාලතම ප්‍රතිශක්තිකරණ වැඩසටහන ආරම්භ කරන්නේ, අපේ දේශසීමා ශ්‍රම බලකායට එන්නත් ලබාදීමෙනුයි. එය ඕකලන්ඩ් හි සියල්ලන් ආරක්ෂා කිරීමේ තීරණාත්මක පියවරක්’’ යැයි නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍ය ඈෂ්ලි බ්ලූම්ෆීල්ඩ් ඕක්ලන්ඩ් හි වාර්තාකරුවන්ට පැවසුවේය.

Read More

කොවිවැක් ලෙස නම් කර ඇති මෙම එන්නත් තොගයේ 120,000ක පළමු මාත්‍රා තොගය මාර්තු මාසයේදී ලබාදීම සඳහා මුදාහරින බව කියයි.

Read More

ලොව පුරා දැනට ලබාදී ඇති එන්නත් මාත්‍රාවන්ගෙන් 45%ක් පමණ G7 රටවල් හෙවත් ලොව සංවර්ධිත රාජ්‍යයන්හි වෙසෙන ජනතාවට ලබාදී ඇති බවද පැවසෙයි.

Read More

චීන ඖෂධ සමාගම් වන සීනොවැක් බයෝටෙක් සහ කැන්සිනෝ ජෛව විද්‍යා ආයතනය විසින් සංවර්ධනය කරන ලද කොවිඩ්-19 එන්නත් සඳහා හදිසි අනුමැතිය පසුගිය සතියේ මෙක්සිකානු රජය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

Read More

විශේෂයෙන්ම රෝවර් යානය ගොබෑමට සම්බන්ධ වූ ජෙට්පැක් ආශ්‍රිත කැමරාව නිසා රෝවරයට ඔබ්බෙන් සිට පවා ඡායාරූප ගැනීමට හැකිවී තිබේ.

Read More

නව කොරෝනා වෛරසයේ මූලාරම්භය සොයා ගැනීම, ගෝලීය සහයෝගීතාවයෙන් දැඩි ලෙස පැවැත්විය යුතු විද්‍යාත්මක ප්‍රශ්නයක් බව චීනය සැමවිටම විශ්වාස කරන බව අවධාරණය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.