saravita-anim2

2026 මාර්තු මස 16 වන සඳුදා

2026 මාර්තු මස 16 වන සඳුදා

International - timelapse 7368 hours ago

LATEST

කොරෝනා ආසාදන වැඩි වී වියට්නාමයේ සීමා දැඩි වෙයි

calendar_today 2021 ජුලි 31 - 18:30 remove_red_eye - 189  

වසංගතයේ රැලි කිහිපයකදීම වෛරසය හොඳින්ම පාලනය කළ රටවල් අතර සිටි වියට්නාමය, මෙම අවස්ථාවේදී රට පුරා වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යන අවදානමකට ලක්ව සිටියි.

ජෙයිෂ්-ඊ-මොහොමඩ් සටන්කාමී සංවිධානයේ අණ දෙන්නා වූ මොහොමඩ් ඉස්මයිල් අල්වි, ප්‍රාදේශීය අගනුවර වන ශ්‍රීනගර් නගරයට දකුණින් මෙසේ ඝාතනයට ලක්වූ බව කාශ්මීරයේ පොලිස් ප්‍රධානී පැවසීය.

Read More

’’වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් සඳහා තුන්වැනි මාත්‍රාව ලබා දීමෙන් ඊශ්‍රායලය පුරෝගාමියෙක් බවට ප්තවෙනවා. කොවිඩ්-19 වසංගතයට එරෙහි සටන ගෝලීය සටනක්. අපට කොවිඩ් පරාජය කළ හැකි එකම ක්‍රමය එක්ව කටයුතු කිරීමයි’’ ඊශ්‍රායල අගමැති බෙනට් පැවසීය.

Read More

ජපාන රජය ටෝකියෝ නගරයේ අසල්වැසි චිබා, කනගාවා සහ සයිටමා යන ප්‍රාන්ත තුන තුළ මෙන්ම, ඔසාකා ප්‍රාන්තයේ එලැඹෙන අගෝස්තු 2දා සිට 31දා දක්වා පැවැත්වෙන කොවිඩ්-19 ට එරෙහිව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

සෑම මසකම පාහේ නව සෞඛ්‍ය ආරක්ෂක පියවරයන් මෙන්ම, රටේ සෑම පුරවැසියෙකු සඳහා අනිවාර්ය එන්නත් ලබා දීමෙන්, ග්‍රීසියේ සංචාරක ව්‍යාපාරයට හිරු එළිය ලබාදීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කරන බව ග්‍රීක රජය පවසයි.

Read More

වොෂිංටන් පෝස්ට් පුවත්පත විසින් අනාවරණය කරන ලද අභ්‍යන්තර CDC ලේඛනයේ සඳහන් වූයේ ප්‍රථම වරට ඉන්දියාවේදී සොයාගත් සහ දැන් ලොව පුරා පැතිර ගොස් ඇති මෙම ප්‍රභේදය පැපොල රෝගය මෙන් වේගයෙන් බෝවන හා සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවට හෝ උණට වඩා වේගවත් සම්ප්‍රේෂණයක් සහිත ප්‍රභේදයක් බවයි.

Read More

’’වෙහෙස මහන්සි වී ලබාගත් ජයග්‍රහණ අනතුරේ හෝ නැති වී යනවා. බොහෝ රටවල සෞඛ්‍ය පද්ධති කඩා වැටීමට ආසන්නයි’’ WHO ප්‍රධානියා පැවසීය. එනමුදු ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරනලද එන්නත්වල ඵලදායී බව ගැන විශ්වාසය තබමින් එන්නත්කරණය වේගවත් කරන ලෙසද එම සංවිධානය අවධාරණය කරයි.

Read More

පාකිස්තානයේ ෆෙඩරල් රජය එන්නත් ලබාගත් සහතිකය නොමැතිව පොදු කාර්යාල, පාසල්, ආපනශාලා, පොදු ප්‍රවාහන, සාප්පු සංකීර්ණ සහ ගුවන් ගමන් සඳහා යොමුවීම තහනම් කරන බව නිවේදනය කළේය.

Read More

ජුනි මස අග භාගයේදී වෛද්‍ය විශේෂඥයන් පැවසුවේ ඔක්තෝබර් මාසය වනවිට ඉන්දියාවට තුන්වැනි කොරෝනා රැල්ලක් ඇති විය හැකි නමුත් එය විනාශකාරී අප්‍රේල්-මැයි වසංගතයට වඩා හොඳින් පාලනය කළ කරගැනීමට හැකිවනු ඇති බවයි.

Read More

කොරෝනා වෛරසයේ ඉතා බෝවන ඩෙල්ටා ප්‍රභේදය ඉතාලියේ ආධිපත්‍යය ලබාගෙන ඇති බව එරට ජාතික සෞඛ්‍ය ආයතනය අද (30දා) ප්‍රකාශ කළ අතර, ජූලි 20දා වනවිට වාර්තා වන ආසාදිතයන්ගෙන් 94.8%ක්ම ඩෙල්ටා ආසාදිතයන් බව පවසයි.

Read More

මියන්මාරයේ අවුන්සාන් සු කීගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුව පසුගිය පෙබරවාරි 01දා බලයෙන් පහ කළ දින සිට හමුදාව සහ අලුතින් පිහිටුවන ලද කැරලි හමුදාවන් අතර විරෝධතා හා සටන් සමග මියන්මාරය අවුල් ජාලාවක් වී තිබේ.

Read More

අග්නිදිග ආසියාවේ ආසාදන රැල්ලක් සමග පොරබදමින් සිටින මියන්මාරයේ හමුදා පාලකයා කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවෙන් වැඩි සහයෝගයක් අපේක්ෂා කරන බව එරට රාජ්‍ය මාධ්‍ය අද (28දා) වාර්තා කළේය.

Read More

ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාම වැළැක්වීම සඳහා රටේ විශාලතම නගරයේ පදිංචිකරුවන් තවත් මාසයකට දැඩි පීඩනයකට ලක්ව ඇති බැවින් එන්නත් කිරීමෙන් පමණක් සිඩ්නි නුවර කොවිඩ්-19 අගුලු දැමීම අවසන් නොවන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් අවධාරණය කරයි.

Read More

පසුගිය සතියේ සිට ඔලිම්පික් උළෙල සඳහා සත්කාරකත්වය සැපයූ ටෝකියෝ නුවරින් පමණක් අද දිනයේ දෛනිකව කොවිඩ්-19 ආසාදිතයන් 3,177 ක් වාර්තා කර තිබේ.

Read More

පසුගිය සතිය හා සසඳන විට ගෝලීය වශයෙන් නව ආසාදිතයන් සංඛ්‍යාව 8%කින් ඉහළ ගොස් ඇති අතර එය බොහෝ දුරට ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ බටහිර පැසිෆික් කලාපවල සැලකිය යුතු වැඩි වීමකට හේතු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සිය සතිපතා යාවත්කාලීන වාර්තාවේ සඳහන් කරයි.

Read More

වසංගතය භාවිත කරමින් වෙනත් රටවල් අපකීර්තියට පත් කිරීම සහ මූලාරම්භය සොයා ගැනීමේ ප්‍රශ්නය දේශපාලනීකරණය කිරීම මගින් ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි අතෘප්තිය හා ප්‍රබල විරෝධය අවුලුවනු ඇති බවත් එය කිසිවිටෙකත් සාර්ථක උපාය මාර්ගයක් නොවන බවත් චීනය පවසයි.

Read More

රටේ විශාලතම නගරය තුළ කොවිඩ්-19 පැතිර යාම කලින් බලපෑමට ලක් නොවූ ප්‍රදේශයන් වෙත පවා ව්‍යාප්ත වීම නිසා ඔස්ට්‍රේලියානු බලධාරීන් සිඩ්නි නුවර සති තුනක් හෝ හතරක් ලොක්ඩවුන් තත්ත්වය දීර්ඝ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Read More

කොවිඩ්-19 මර්දන එන්නත ලබාගත් අයවලුන් පවා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වන ප්‍රදේශවල ගෘහස්ථව ගැවසෙන විට මුඛ ආවරණ පැලඳ සිටිය යුතු බවට එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නිර්දේශ කරයි.

Read More

ඇෆ්ගනිස්ථානය, ආර්ජන්ටිනාව, බ්‍රසීලය, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, ලෙබනනය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, තුර්කිය, වියට්නාමය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් ගණනාවක සංචාරය කිරීම හෝ සංක්‍රමණය කිරීම සෞදි අරාබිය විසින් තහනම් කර තිබේ.

Read More

ජනාධිපතිවරයා ආරක්ෂා කිරීම සඳහා විශේෂ ජනාධිපති ආරක්ෂක අංශයක් තිබියදීත් මේ ආකාරයෙන් සිය පෞද්ගලික නිවසටම පැමිණ ප්‍රහාරයක් එල්ල කිරීමේදී මේ පිටුපස ඔහුගේ ආරක්ෂක යාන්ත්‍රණයේ යම් හිදැසක් හිතාමතාම ඇති කර ඇති බවට චෝදනා නැගෙයි.

Read More

ඉන්දියාවේ ප්‍රථම වරට හදුනාගත් ඩෙල්ටා ප්‍රභේදය, පෙර අනුවාදයන්ට වඩා එන්නත් ලැබූ පුද්ගලයන්ට පවා ආසාදනය වීමේ හැකියාව ඇති බවට සාක්ෂි වැඩි වෙමින් පවතින අතර, ඔවුන් විසින් වෛරසය සෙසු අයට පැතිරවීමට පවා ඉඩ තිබීම ගැන කණස්සල්ල පළ වී ඇතැයි මෙම විශේෂඥයෝ පවසති.

Read More

සමීක්ෂණයට අනුව, ගෝලීය ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 80%ක් විශ්වාස කර ඇත්තේ මෙම ප්‍රශ්නය දේශපාලනීකරණය වී ඇති බවයි.

Read More

තමන් රැගෙන යන භාණ්ඩ විනාශ වන බැවින් දේශසීමා විවෘත කර දෙන ලෙසට වෙළෙන්ඳන්ගෙන් වූ බලපෑම නිසා මෙසේ දේශසීමා විවෘත කර ඇති බව වාර්තා වේ. එනමුදු ඇෆ්ගනිස්ථාන රජයේ හෝ තලේබාන් ප්‍රකාශකයෙකු මේ පිළිබඳ අදහස් දැක්වීම සඳහා කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වා නොමැත.

Read More

එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය සහ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ස්පාඤ්ඤය, පෘතුගාලය, සයිප්‍රසය, කිර්ගිස්තානය සහ කියුබාව යන රටවලට සංචාරය නොකරන ලෙසට අනතුරු ඇඟවූයේ එම රටවල කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙනි.

Read More

මත්ද්‍රව්‍යවලට එරෙහි සටන තවම අවසන් නොමැති බව, බටහිර රාජ්‍යයන් විසින් නිරන්තරයෙන් චෝදනා කළ එම සටන ආරම්භ කර වසර පහකට වැඩි කාලයක් ගතවී ඇති අවස්ථාවේදී පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ කියා සිටියි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 194,104,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

එක්සත් රාජධානියේ යුද නැවක් මොස්කව් පාලනය කෝපයට පත්කරමින් ක්‍රිමියා අර්ධද්වීපය පසුකර ගමන් කර සති කිහිපයකට පසුව පූටින් මෙම අනතුරු ඇඟවීම් කළේය.

Read More

ඊශ්‍රායල් හමුදා ප්‍රකාශකයෙකු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඊශ්‍රායල යුද ප්‍රහාරක යානා යොදා ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.

Read More

එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතනය සමග වසර ගණනාවක් පුරා සහයෝගයෙන් කටයුතු කරන වූහාන් වෛරස් ආයතනයේ චීන විද්‍යාඥයන් සුදුසුකම් ලත් සහ ඉහළ ගෞරවයට පාත්‍ර වූ පිරිසක් බව එක්සත් ජනපද රජයේ ඉහළම බෝවන රෝග විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුසි පවසයි.

Read More

ටියුනීසියාවේ පාලක පක්ෂය වන ඉස්ලාමීය දේශපාලන ප්‍රවාහයක් සහිත එනාහ්ඩා පක්ෂය විසින් ජනාධිපතිවරයාගේ තීරණය විප්ලවයට එරෙහි රාජ්‍ය කුමන්ත්‍රණයක් ලෙස ප්‍රකාශ කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.