ෆෙඩරල් දත්තවලට අනුව, පෙබරවාරි මාසයෙන් පසු රැකවරණය ලබන වැඩිම රෝගීන් සංඛ්‍යාව සනිටුහන් කරමින් එක්සත් ජනපදය පුරා කොවිඩ්-19 රෝගීන් 56,000කට ආසන්න සංඛ්‍යාවක් දැන් වෛරසය ආසාදිතව රෝහල් ගත කර තිබේ.
කොරෝන වෛරසයේ පාලන පියවරයන්ට අනුකූල නොවන්නන් සහ විදේශයන්හි සිට පැමිණ නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන්ගේ නම් ප්‍රසිද්ධියට පත් කරමින්, ඔවුන් රට තුළ ලැජ්ජාවට පත්කිරීමේ නවතම දඬුවම් දීමේ පියවරක් ජපානය අනුගමනය කර තිබේ.
Read Moreනවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩෙන් ඇගේ තුන් හැවිරිදි දියණියගෙන් සෘතුමය සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් වැලඳීමෙන් පසුව කොවිඩ්-19 පරීක්ෂණයක් සිදුකර ගත් බව රජයේ ප්‍රකාශකයා අද (03දා) පැවසීය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 198,861,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඉන්දුනීසියාවේ නැබයර් නගරයට නිරිත දෙසින් කිලෝ මීටර් 203ක් (සැතපුම් 126 ක්) දුරින් රික්ටර් පරිමාණ 5.9ක ප්‍රබල භූ කම්පනයක් අද (02දා) වාර්තා වූ බව යුරෝපා මධ්‍යධරණි භූ කම්පන මධ්‍යස්ථානය පවසයි.
Read More’’අපි එන්නත විද ගැනීම මෙන්ම, මුඛ ආවරණයත් පැලඳිය යුතුයි. නැත්නම් අපට සිව්වැනි වරටත් තවත් වෛරස ප්‍රභේදයක් ඇති වීම අනිවාර්යයි. එය වඩාත් නරක අතට හැරෙනු ඇති.’’ බෝවන රෝග විශේෂඥ වෛද්‍ය ග්‍රෙගරි පෝලන්ඩ් පැවසීය.
Read Moreනාගරික අපද්‍රව්‍යවල සැඟවී සිටින මීයන් මිලියන ගණනක් SARS-CoV-2 වෛරසයේ නොපෙනෙන ධාරකයන් ලෙස ක්‍රියා කරන බව අධ්‍යයනයකින් යෝජනා වී තිබේ.
Read More’’රෝහල් ගත කරනු ලබන්නේ බෙහෙවින් බාල වයස් කාණ්ඩයක්’’ යැයි මේරි පැවසීය. ’’පසුගිය වසර කිහිපය තුළම, බොහෝ බරපතල රෝගාබාධ සහිත පුද්ගලයින් සහ අපේ වැඩිහිටියන් සඳහා කොවිඩ් වෛරසයෙන් වැඩිම අවදානමක් ඇති බව බොහෝ දෙනෙකුට නැවත නැවතත් අසන්නට ලැබුණත්, ඩෙල්ටා ප්‍රභේදය පැහැදිලිවම තරුණයින් සඳහා සැලකිය යුතු අවදානමක් ගෙනෙනවා.’’
Read Moreඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙසේ චීනයේ සීනොෆාම් කොවිඩ්-19 මර්දන එන්නත එරට අවුරුදු 3 සිට 17 දක්වා ළමයින් සඳහා හදිසි භාවිත අනුමැතිය ලබාදී ඇත.
Read More’’පසුගිය දශකය තුළ ඉන්දියානු කාන්තාවන් කුමන සමාජ හා ආර්ථික ජයග්‍රහණ ලබා ගත්තද, එය කොවිඩ්-19 කාලය තුළදී විශාල වශයෙන් අතුගා දමා තිබෙනවා’’ ඉන්දියාවේ විශාලතම වෘත්තීය සමිතිවලින් එකක් වන සමස්ත ඉන්දියානු වෘත්තීය සමිති සම්මේලනයේ මහලේකම් අමර්ජිත් කවුර් පැවසීය.
Read Moreශක්තිමත් ආරක්‍ෂිත හමුදාවක් සමග සමෘද්ධිමත් රටක් ගොඩනැගිය යුතු වන්නේ රටක් ආරක්‍ෂිත හා ස්ථාවර කිරීමට බලවත් හමුදාවකට පමණක් හැකි බැවින් යැයි චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කරයි.
Read Moreවසංගතය පාලනය සම්බන්ධයෙන් රජය කටයුතු කරන ආකාරය ගැන අතෘප්තිය ප්‍රකාශ කරමින් මැලේසියාවේ ක්වාලලම්පූර් නගර මධ්‍යයට රැස්වූ විරෝධතාකරුවන් පිරිසක් අගමැති මුහයිඩින් යසින්ට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටියහ.
Read Moreඑන්නත් ලබා නොගත් ඇමෙරිකානුවන් ඩෙල්ටා වෛරසය ව්‍යාප්ත වනවිට වසංගතය ව්‍යාප්ත කරන නවතම වාහකයන් බවට පත්ව ඇති බව ඇමෙරිකා එක්සත් ජනපදයේ බෝවන හා වසංගත රෝග පිළිබඳ ප්‍රමුඛතම පුද්ගලයා වන වෛද්‍ය ඇන්තනී ෆවුසි අවධාරණය කරයි.
Read Moreවෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය හා සම්බන්ධ ආසාදන ඉහළ යා හැකි බවට චීන රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) අනතුරු අඟවා ඇති අතර, එන්නත ලබා ගැනීමෙන් පසුවත් මුඛ ආවරණ පැලඳීම වැනි සෞඛ්‍ය පුරුදු පිළිපැදීමට පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreඉතා බෝවන ඩෙල්ටා වෛරස ප්‍රභේදය පැතිරීම පාලනය කිරීම සඳහා වැඩි කාලයක් ලබාදෙන ලෙස නිලධාරීන් ඉල්ලා සිටි බැවින් ඔස්ට්‍රේලියාවේ තුන්වැනි විශාලතම නගරය වන බ්‍රිස්බේන් සහ ඇතැම් අසල්වැසි ප්‍රදේශවල දින තුනක හදිසි අගුලු දැමීම එලැඹෙන ඉරිදා දක්වා දීර්ඝ කර තිබේ.
Read Moreවා කාන්දුවක් හේතුවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රුසියානු සේවා මොඩියුලයක පීඩනය පහත වැටී ඇති බව රුසියාවේ රොස්කෝස්මෝස් අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රධානියා අද (31දා) පවසා සිටියේය.
Read Moreඑන්නත් මගින් කොවිඩ් ආසාදනයට සහ දරුණු රෝග ඇති වීමට එරෙහිව ලබාදෙන ආරක්ෂාව කාලයත් සමග බොහෝ සෙයින් අඩු වීමට ඉඩ ඇති බැවින්, එන්නත් කිරීමේ වැඩසටහන් වසර ගණනාවක් අඛණ්ඩව සිදුවන බව විද්‍යාඥයන් බ්‍රිතාන්‍ය රජයේ උපදේශක කණ්ඩායමට පවසා තිබේ.
Read Moreතායිලන්තය පුරා වසංගතයේ ප්‍රබල පැතිරී යාමත් සමග කොවිඩ්-19 මරණවලින් පිරී ඉතිරී ගිය එරට රෝහල් මෘත ශරීරාගාර 2004 විනාශකාරී සුනාමියේදී අවසන් වරට ගත් ක්‍රමවේදයකට යොමු වෙමින් මළ සිරුරු ශීතකළ කන්ටේනර් බහාලුම්වල ගබඩා කිරීම අරඹා තිබේ.
Read Moreවසංගතයේ රැලි කිහිපයකදීම වෛරසය හොඳින්ම පාලනය කළ රටවල් අතර සිටි වියට්නාමය, මෙම අවස්ථාවේදී රට පුරා වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යන අවදානමකට ලක්ව සිටියි.
Read Moreජෙයිෂ්-ඊ-මොහොමඩ් සටන්කාමී සංවිධානයේ අණ දෙන්නා වූ මොහොමඩ් ඉස්මයිල් අල්වි, ප්‍රාදේශීය අගනුවර වන ශ්‍රීනගර් නගරයට දකුණින් මෙසේ ඝාතනයට ලක්වූ බව කාශ්මීරයේ පොලිස් ප්‍රධානී පැවසීය.
Read More’’වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් සඳහා තුන්වැනි මාත්‍රාව ලබා දීමෙන් ඊශ්‍රායලය පුරෝගාමියෙක් බවට ප්තවෙනවා. කොවිඩ්-19 වසංගතයට එරෙහි සටන ගෝලීය සටනක්. අපට කොවිඩ් පරාජය කළ හැකි එකම ක්‍රමය එක්ව කටයුතු කිරීමයි’’ ඊශ්‍රායල අගමැති බෙනට් පැවසීය.
Read Moreජපාන රජය ටෝකියෝ නගරයේ අසල්වැසි චිබා, කනගාවා සහ සයිටමා යන ප්‍රාන්ත තුන තුළ මෙන්ම, ඔසාකා ප්‍රාන්තයේ එලැඹෙන අගෝස්තු 2දා සිට 31දා දක්වා පැවැත්වෙන කොවිඩ්-19 ට එරෙහිව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreසෑම මසකම පාහේ නව සෞඛ්‍ය ආරක්ෂක පියවරයන් මෙන්ම, රටේ සෑම පුරවැසියෙකු සඳහා අනිවාර්ය එන්නත් ලබා දීමෙන්, ග්‍රීසියේ සංචාරක ව්‍යාපාරයට හිරු එළිය ලබාදීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කරන බව ග්‍රීක රජය පවසයි.
Read Moreවොෂිංටන් පෝස්ට් පුවත්පත විසින් අනාවරණය කරන ලද අභ්‍යන්තර CDC ලේඛනයේ සඳහන් වූයේ ප්‍රථම වරට ඉන්දියාවේදී සොයාගත් සහ දැන් ලොව පුරා පැතිර ගොස් ඇති මෙම ප්‍රභේදය පැපොල රෝගය මෙන් වේගයෙන් බෝවන හා සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවට හෝ උණට වඩා වේගවත් සම්ප්‍රේෂණයක් සහිත ප්‍රභේදයක් බවයි.
Read More’’වෙහෙස මහන්සි වී ලබාගත් ජයග්‍රහණ අනතුරේ හෝ නැති වී යනවා. බොහෝ රටවල සෞඛ්‍ය පද්ධති කඩා වැටීමට ආසන්නයි’’ WHO ප්‍රධානියා පැවසීය. එනමුදු ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරනලද එන්නත්වල ඵලදායී බව ගැන විශ්වාසය තබමින් එන්නත්කරණය වේගවත් කරන ලෙසද එම සංවිධානය අවධාරණය කරයි.
Read Moreපාකිස්තානයේ ෆෙඩරල් රජය එන්නත් ලබාගත් සහතිකය නොමැතිව පොදු කාර්යාල, පාසල්, ආපනශාලා, පොදු ප්‍රවාහන, සාප්පු සංකීර්ණ සහ ගුවන් ගමන් සඳහා යොමුවීම තහනම් කරන බව නිවේදනය කළේය.
Read Moreජුනි මස අග භාගයේදී වෛද්‍ය විශේෂඥයන් පැවසුවේ ඔක්තෝබර් මාසය වනවිට ඉන්දියාවට තුන්වැනි කොරෝනා රැල්ලක් ඇති විය හැකි නමුත් එය විනාශකාරී අප්‍රේල්-මැයි වසංගතයට වඩා හොඳින් පාලනය කළ කරගැනීමට හැකිවනු ඇති බවයි.
Read Moreකොරෝනා වෛරසයේ ඉතා බෝවන ඩෙල්ටා ප්‍රභේදය ඉතාලියේ ආධිපත්‍යය ලබාගෙන ඇති බව එරට ජාතික සෞඛ්‍ය ආයතනය අද (30දා) ප්‍රකාශ කළ අතර, ජූලි 20දා වනවිට වාර්තා වන ආසාදිතයන්ගෙන් 94.8%ක්ම ඩෙල්ටා ආසාදිතයන් බව පවසයි.
Read Moreමියන්මාරයේ අවුන්සාන් සු කීගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුව පසුගිය පෙබරවාරි 01දා බලයෙන් පහ කළ දින සිට හමුදාව සහ අලුතින් පිහිටුවන ලද කැරලි හමුදාවන් අතර විරෝධතා හා සටන් සමග මියන්මාරය අවුල් ජාලාවක් වී තිබේ.
Read Moreඅග්නිදිග ආසියාවේ ආසාදන රැල්ලක් සමග පොරබදමින් සිටින මියන්මාරයේ හමුදා පාලකයා කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවෙන් වැඩි සහයෝගයක් අපේක්ෂා කරන බව එරට රාජ්‍ය මාධ්‍ය අද (28දා) වාර්තා කළේය.
Read More