ඉරානය සහ ඉරාකය අතර උතුරුදිග දේශසීමා කලාපයේ හටගත් රික්ටර් පරිමාණ 7.3ක භූ කම්පනයෙන් මියගිය පිරිස 400 ඉක්මවන බව විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, තවත් 7,000කට වැඩි පිරිසක් මෙම භූ කම්පනය හේතුවෙන් තුවාල ලබා ඇති අතර, භූ කම්පනයෙන් පසුව උන්හිටිතැන් අහිමි වූවන්ගේ සංඛ්‍යාව 70,000කට ආසන්න බවද සඳහන් වෙයි.
මෙම භූ කම්පනය ඉරාන කලාපයේ පමණක් නොව, 2017 වසර තුළ ලෝකයේම ඇති වූ භූ කම්පනවලින් වඩාත් දරුණුම භූ කම්පනය ලෙස මේ වනවිට වර්ග කර තිබේ.
බටහිර ඉරානයේ කර්මන්ෂා ප්‍රදේශය භූ කම්පනයෙන් වැඩිම හානිය සිදුවූ පළාත ලෙස සැලකෙන අතර, මේ වනවිටත් එහි සුන්බුන් අතර සිටින පිරිස් බේරාගැනීමේ මෙහෙයුම් සිදුවන බව විදෙස් වාර්තා පවසයි.
මේ අතර, භූ කම්පනයේ ප්‍රබලත්වය නිසාම එය ඉරාකයේ බැග්ඩෑඩ් නගරයටද තදින්ම දැනී ඇති අතර, මේ හේතුවෙන් කලබලයට පත් ජනතාව එළිමහන් ස්ථාන කරා ඒමට දිව යෑමේදී තවත් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.