2018 වසරේදී මධ්‍යධරීණී සාගරය තරණය කිරීමට උත්සාහ කළ අනවසර සංක්‍රමණිකයන්ගෙන් සාමාන්‍යයක් ලෙස දිනකට 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම වාර්තාවකින් මෙම දත්ත අනාවරණය කරන අතර, මීට පෙර ඉතාලිය පවසා තිබුණේ 2018 වසරේ සිදුවූ මරණවල අඩුවක් දැකිය හැකි බවකි.
මධ්‍යධරණී මුහුදේදී බේරාගැනුණු අනවසර සංක්‍රමණිකයන් පිරිසක් මානුෂීය බෝට්ටුවක දින 12ක කාලයක් රඳවා තබා ඇති පරිසරයක මෙම වාර්තාව එළිදක්වා තිබේ.
කෙසේ වෙතත්, මෙසේ රඳවා ගැනුණු සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු කිරීමට යුරෝපා රාජ්‍යයන් 7ක් එකඟ වී ඇති බව දැනගන්නට ලැබෙයි.
මේ අතර, 2018 වසරේදී ලිබියාවෙන් පැමිණි සෑම අනවසර සංක්‍රමණිකයන් 14 දෙනෙකුගෙන් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබූ අතර, ඊට පෙර වසරේ වාර්තා වී තිබුණේ සංක්‍රමණිකයන් 38කගෙන් මරණ එකක් ලෙසිනි.