ඇමෙරිකානු වෙළෙඳ සැලක තවත් විවෘත වෙඩි තැබීමක්
එක්සත් ජනපදයේ ටෙනසි ප්රාන්තයේ කොලියර්විල් හි සිල්ලර වෙළෙඳ සැලක අද (23දා) තුවක්කුකරුවෙකු සිදුකළ විවෘත වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
කොලියර්විල් පොලිස් ප්රධානී ඩේල් ලේන් ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ මෙම්ෆිස් උපනගරයේ ක්රොගර් වෙළෙඳ සැල ආශ්රිතව අද පස්වරු 1.30ට පමණ මෙම වෙඩි තැබීම වාර්තා වූ බවයි.
කෙසේ වෙතත් මෙම ප්රහාරයේදී මියගොස් ඇත්තේ වෙඩි තැබීම සිදුකළ තුවක්කුකරුම බවත්, ඔහු තමාටම වෙඩි තබා ගනිමින් සියදිවි හානි කරගෙන ඇති බවත් පොලීසිය විශ්වාස කරයි.
කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ වින්දිතයන් ඉතා පරපතළ තත්ත්වයේ පසුවන බවද පොලිස් ප්රධානී ඩේල් පැවසීය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පොලීසිය එම ස්ථානයට යනවිට වෙළෙඳ සැලේ සිටි ඇතැම් පිරිස් ශීතකරණ තුළ මෙන්ම, අගුලුදමා තිබූ කාමරවල සැඟවී සිටියදී හමුවූ බවයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

