චීනයේ නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය ඇරඹි චීනයේ වුහාන් නගරයේ සිට රැගෙන එන ඔස්ට්‍රේලියානු පුරවැසියන් ඉතා දුරින් පිහිටි ක්රස්මස් දූපතේ සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානයකට යැවීමේ සැලසුම විවාදයට නතුව තිබේ.
එහිදී මෙම ඔස්ට්‍රේලියානුවන් පිරිස සති දෙකකට අධික කාලයක් ක්‍රිස්මස් දූපතේ නිරෝධායන ක්‍රියාවලියකට බඳුන්වීමට නියමිතව ඇත.
විශේෂයෙන්ම මෙසේ පැමිණෙන බොහෝ පිරිසක් චීන සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානුවන් නිසා සුදු ඔස්ට්‍රේලියානුවන්ට වෙනස් සැලකීමක් ඇතිද යන්න විවේචනයට බඳුන්වී තිබේ.
කෙසේ වෙතත් රජය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මෙය කෙටි කාලීනව ගතහැකි හොඳම විසඳුම බවයි.
“ඔවුන් රඳවා තැබීම සඳහා සිඩ්නි හෝ මෙල්බර්න් හෝ බ්‍රිස්බේන්හි රෝහලක් ඉවත් කළ නොහැකියි” යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩටන් මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.
"අපට වෙනත් ආකාරයකින් පහසුකම් සැපයීමකට වඩා, හරියටම මේ තත්ත්වය සඳහාම නිර්මාණය කර ඇති ක්‍රිස්මස් දූපත සිය ගණනක් මිනිසුන් සඳහා ඉක්මනින් නවාතැන් ගැනීම සඳහා යොදාගැනීමට පුළුවන්" හෙතෙම වැඩිදුරටත් පැවසීය.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_b0ede01d4e.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_b40516d657.png)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_3fa2d5050c.jpg)