නේටෝ සංවිධානයේ ඇස්තමේන්තු අනුව රුසියානු හමුදාවේ 40,000ක පමණ හමුදාවක් මේ වනවිට යුක්රේන දේශසීමාවේ සිටින අතර, මෙය මොස්කව් හා කියෙව් අතර සටනක ඇරඹුම විය හැකි බව යුද විශ්ලේෂකයෝ විශ්වාසය පළ කරති.
නැගෙනහිර යුක්රේන කලාපය වෙත ඇතුළු වීමට රුසියාව උත්සාහ දරන්නේ නම්, ඒ සඳහා වූ සියලු සූදානම් වීම් මේ වනවිටත් ඔවුන් සතුව පවතින බවද ඔවුහු කියති.
යුද ගැටුම් පිළිබඳ අධ්‍යයන හා පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ කියර් ගිල්ස් පෙන්වා දෙන පරිදි 2008 වසරේ ජෝර්ජියා යුද්ධය සමග සැසඳීමේදී රුසියානු හමුදා මෙහෙයවීම් මෙවර වඩාත් වෙනස් හා දියුණු මුහුණුවරක් ගෙන තිබේ.
එමෙන්ම, වෙනදාට වඩා යුධෝපාය වශයෙන් ඔවුන් ඉදිරියට පැමිණ ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.
ඒ අනුව, රුසියාව වඩාත් උපක්‍රමශීලී ලෙස යුක්රේනය වෙත ප්‍රහාරයක් එල්ල කිරීමේ හෝ යුක්රේනය අත්පත් කරගැනීමේ මෙහෙයුමක නිරත වෙමින් සිටින බව යුද විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.