මුම්බායි දුම්රිය ස්ථානයක තෙරපීමකින් 22ක් මරුට
ඉන්දියාවේ මුම්බායි නගරයේ දුම්රිය ස්ථානයක වූ මගී ගුවන් පාලමක සිදුවූ තෙපරීමකින් පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 30 දෙනෙකු තුවාල ලබා තිබේ.
ඉන්දියාවේ ප්රධාන දුම්රිය මාර්ග දෙකක් යා කරන මෙම මගී ගුවන් පාලමේ තෙරපීම සිදුව ඇත්තේ එල්ෆින්ස්ටන් දුම්රිය ස්ථානයේදීය.
මේ දිනවල ඉන්දියාවට බලපාන මෝසම් වැසි හේතුවෙන් මෙම ගුවන් පාලම තුළ ආවරණය වීමට වැඩි පිරිසක් උත්සාහ දැරීමත් සමග මෙම තෙරපීම සිදුව තිබේ.
තුවාල ලැබූවන් වාහාම රෝහල් කරා ගෙනගොස් ඇති බව දුම්රිය බලධාරීහු පවසති.
මගී ගුවන් පාලම මත වැඩි පිරිසක් රඳී සිටියදී පසුපසින් සිදුවූ තෙරපීමත් සමග ඉදිරිපස සිටි පිරිස තල්ලු වී ඉදිරියට ගොස් ඇති බවත්, පසුව සියලු දෙනා ඔවුන් මතට වැටීමෙන් මෙම තෙරපීම සිදුව ඇති බවත් කියැවෙයි.
මියගිය පිරිස අතර පිරිමින් 14 දෙනෙකු සහ කාන්තාවන් 8 දෙනෙකු සිටිති. ඉන්දියාවේ දුම්රිය ආශ්රිතව විවිධ අනතුරු වරින්වර වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.



