භාවිතයට නොගත් පතල් වළකට වැටුණු 17 හැවිරිදි නව යොවුන් දරුවෙකු බේරාගැනීමට ගිය කිමිදුම්කරුවන් 6 දෙනෙකුද එම පතල් වළෙහිම ගිලී ජීවිතක්ෂයට පත්වූ අවාසනාවන්ත පුවතක් මැලේසියාවෙන් වාර්තා වෙයි.
සිය මිතුරන් සමග මාළු බෑම සඳහා ගොස් සිටියදී පසුගිය බදාදා දිනයේදී මෙම දරුවා පතල් වළේ වැටී ඇති අතර, පසුව ඔහු සොයා මුදාගැනීමේ කිමිදුම්කරුවන් මෙහෙයුම් අරඹා තබේ.
බලධාරීන් පවසන්නේ මෙම පතල් වළ තුළදී කිමිදුම්කරුවන් දිය සුළියකට හසුව ඇති අතර, විනාඩි 30ක පමණ කාලයක් ජලය යට සිටි ඔවුන් ඉන් පිටතට පැමිණීමට නොහැකිව දැඩි අරගලයක නිරත වන ආකායද ඉහළ සිටි නිරීක්ෂණය කළ බවයි.
කෙසේ වෙතත්, කඹ යොදා ඉතා ඉක්මණින් ඔවුන්ට පිටතට ඇද ගැනීමට උත්සාහ කළද ඒ සියලු දෙනා වළෙන් ගොඩගන්නා විට ඔවුන් ජීවිතයෙන් සමුගෙන සිටි බවද සඳහන් වෙයි.
සෙපැන්ග් පළාතේ සිදුව ඇති මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් එම පොලීසිය පවසා සිටියේ අදාළ කිමිදුම්කරුවන් සියලු දෙනා ඔවුන්ගේ ආරක්ෂක ආම්පන්න හා මෙවලම් සහිතව කිමිදුම් මෙහෙයුමට සම්බන්ධව සිටියත් මේ අවාසනාවන්ත සිදුවීම විශ්වාස කළ නොහැකි බවයි.