ඔස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබෝට් වෙත තර්ජනය කළ ත්‍රස්ත සැකකරුවෙකු ඔස්ට්‍රේලියාවේදී වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වෙයි.
මෙම පුද්ගලයා පොලිස් වෙඩි පහරින් ඝාතනය වීමට පෙර ඔහු පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට පිහි පහර එල්ල කර ඇති අතර, ඉන් එක් පොලිස් නිලධාරියෙකුගේ තත්ත්වය බරපතල බවද කියවුණි.
ISIS ඉස්ලාමීය රාජ්‍යයේ දජයක්ද මෙම තැනැත්තා ළඟ තිබී ඇති බව පොලීසිය පවසයි.
ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක අන්තවාදී හස්තයන් ඉවත් කිරීමේ මෙහෙයුම් පසුගියදා එරට තුළ ඇති කිරීමත්, රටේ ත්‍රස්ත අවදානම ඉහළ දැමීමත් තුළ මෙම සිදුවීම වාර්තා විය.