ඔස්ට්‍රේලියාවේ ලැව්ගිනි පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වේ
ඔස්ට්‍රේලියානු නිව් සවුත් වේල්ස් ආශ්‍රිතව ඇති වූ ලැව්ගිනි සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, කිසිදු මැදිහත්වීමකින් තොරව මෙම පරීක්ෂණය සිදුවනු ඇති බව කියැවෙයි.
මාස හයක පරීක්ෂණයෙන් ගින්නට හේතු මෙන්ම රජය ගින්න නිවා දැමීමට ප්‍රතිචාර දැක්වූයේ කෙසේද යන්න ආදිය සොයා බලනු ඇත.
රාජ්‍ය අග්‍රාමාත්‍ය ග්ලැඩිස් බෙරෙජික්ලියන් පැවසුවේ දේශගුණික විපර්යාස, මානව ක්‍රියාකාරකම් සහ වෙනත් සාධක මෙම ගින්නට හේතු වී ඇත්තේ කෙසේද යන්නද පරීක්ෂණයෙන් සලකා බලන බවයි.
නිව් සවුත්වේල්ස් හි ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 25 දෙනෙකු මිය ගොස් නිවාස දහස් ගණනකට හානි වූ අතර, වන සතුන් මිලියන ගණනකට සිය ජීවිත අහිමි වූහ.
ඔස්ට්‍රේලියාව මුහුණ දී ඇති ව්‍යසනකාරී තත්වයන්ගෙන් ඉගෙන ගැනීමටත්, මෙම ඉගෙනීම් අනාගතය සඳහා යොදා ගැනීමටත් මෙම පරීක්ෂණය හරහා හැකිවනු ඇති බව විශ්වාස කෙරෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

