එ ජා මහලේකම් සටන් නැවැත්වීමට බල කරයි
එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී-මුන් ඊශ්‍රායලයට හා පලස්තීනයට අවධාරනය කරන්නේ ගාසා තීරයේ සටන් නවත්වා වහාම සාකච්ඡාවට එන ලෙසයි.
ගාසා තීරයේ හටගෙන තිබෙන උණුසුම් තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් පැමිණි මහලේකම්වරයා ඊශ්‍රායලයේදී මෙම අදහස් දක්වා තිබේ.
මේ වනවිට ගැටුම් හේතුවෙන් පලස්තීන ජාතිකයන් 600කට වැඩි පිරිසක් හා ඊශ්‍රායල් ජාතිකයන් 29 දෙනෙකු පසුගිය සති දෙකක කාලය තුළදී පමණක් ජීවිතක්ෂයට පත්ව ඇති බව බලධාරීහු පවසති.
මීට පෙර ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසා සිටියේ ඊජිප්තු සැලැස්ම සාම වැඩපිළිවෙළක් වෙනුවෙන් පදනම විය හැකි බවයි.
ඊජිප්තුවේදී අදහස් දක්වමින් කෙරී පවසා සිටියේ පලස්තීනයේ සිදුවන ජීවිත හානි හා තුවාලකරුවන් සම්බන්ධයෙන් ඇමෙරිකාව අවධානයෙන් සිටින බවයි.
මේ අතර, නීත්‍යනුකූල හා ක්‍රමවත් හමුදාමය ක්‍රියාමාර්ගයකට යෑමේ ඊශ්‍රායල් අවස්ථාවද හෙතෙම බැහැර නොකරයි.
මේ අතර, ගාසා තීරයේ සහන සේවා වෙනුවෙන් ඇමෙරිකාව විසින් ඩොලර් මිලියන 47ක මුදලක් ලබාදුන් බවද කෙරී පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

