ඇෆ්ගනිස්තානයේ, නන්ගාර්හාර් පළාතේදී දේශපාලන රැලියක් ඉලක්ක කරමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයකින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 30කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
එරට පාර්ලිමේන්තු අපේක්ෂක අබ්දෙල් නසාර් මොහොමඩ්ගේ ආධාරකරුවන් පිරිසක් කාමා දිස්ත්රික්කයේ රැස්ව සිටි අවස්ථාවේදී මෙම ප්රහාරය එල්ල වී ඇත.
ඇෆ්ගිනිස්තානයේ පාර්ලිමේන්තු මැතිවරණය මෙම මස 20 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණත්, මැතිවරණය ඉලක්ක කරමින් ප්රහාර එල්ල කරන බවට ජිහාඩ් සංවිධාන අනතුරු අඟවා තිබේ.
එරට තුළ ක්රියාත්මක අයි.එස්. ඉස්ලාම් රාජ්ය ත්රස්ත සංවිධානය මෙන්ම තාලේබාන් ත්රස්ත සංවිධානය ජනතාවට පවසන්නේ මැතිවරණය වර්ජනය කරන ලෙසයි.