හෙළ වෙදකමට ඩෙංගු ආගන්තුක ලෙඩක් නෙවෙයි
මේවන විට ඩෙංගු රෝගය ඉතාම භයානක ලෙස රට පුරාම පැතිර යමින් ජීවිත විශාල සංඛ්‍යාවක් විනාශ කරමින් පවතියි.
රෝහල් පිරී ඉතිරී යන මේ වසංගත රෝගය සඳහා ප්‍රතිකාර පිණිස ඇත්තේ බටහිර වෙදකම ම යන මතය මුල් බැසගෙන ඇති බැවින් අප මේ සම්බන්ධව වෛකල්පිත වෛද්‍ය ක්‍රම වල සහ සිංහල, ආයුර්වේද ප්‍රතිකාර වල තත්ත්වය සම්බන්ධයෙනුත් තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කරන්නට උත්සහ කළා. අද සෞඛ්‍ය පිටුව තුළින් අප උත්සහ දරන්නේ ඩෙංගු රෝගයට ඇති විකල්ප වෛද්‍ය ක්‍රම පිළිබඳ විමසීමටයි.
ඩෙංගු රෝගය සම්බන්ධයෙන් සිංහල වෙදකම ආශ්‍රිතව ප්‍රතිකාර ක්‍රමවේදයක් නැතැයි බොහෝ දෙනා සිතා සිටින කරුණකි. නමුත් ඩෙංගු යනු අපේ රටට ආගන්තුක රෝගයක් නොවේ. ඉපැරණි හෙළ වෙදකම තුළ මෙම රෝගය හැඳින්වීමට යොදා ඇත්තේ දණ්ඩක ජ්වර යන නාමයයි. මෙම රෝගය හැඳින්වීම සඳහා සහ එහි ලක්ෂණ සම්බන්ධයෙන් හැඳින්වීමට යොදා ඇති මේ ශ්ලෝකයද එය සනාත කරයි.
අස්ථි සන්ධි රුජාස්තීව්රා දණ්ඩාහතීකෘතාඉව
ක්ව්විද්ක්ෂිප්රොදය ලයොවිසර්ප: සර්වගාත්රග:
ජවරශ්ච කණ්ඨරුග්යුක්ත: පුනාවර්තතෙගත:
සඤ්චාරිණ සශොථෙන සන්ධිශූලෙන ලක්ෂිත:
ප්‍රතිශ්‍යා- කාස්වාන් ප්රායෙණාෂ්ටාහෙන ප්රමුව්යතෙ
විරං සන්ධි රුජා: සන්ති සඥෙයො දණ්ඩක ජ්වර:
ප්රායොසෞ ජානපදිකෝ වාත ශ්ලේෂ්ම ප්රකොපන:
බාලානං ජරතාඤ්චාති දාරුණ: පරිලක්ෂ්යතේ
මෙම ශ්ලෝකය අනුව කියවෙනුයේ. දණ්ඩකින් පහර දුන් විට ඇතිවෙන වේදනාවක් මෙන් අස්ථි සන්ධිවල විශේෂයෙන් පිටකොන්දේ තියුණු වේදනාවක් ඇතිව ඇතැම් විට සිරුරේ විසර්පවලට සමාන මදක් රතුවූ කොඨ ඇතිවේද, කොඨ සීඝ්‍රව වියැකීමට පත්වේද එය දණ්ඩ ජ්වර නම් වේ.
ශ්‍යාම ශරීර ඇති අයගේ මේ පිඩකා දකින්නට අපහසු වේ. මෙහිදී කණ්ඨයෙහි වේදනා ඇතිවේ. ඇතැම් විට සන්ධි ශෝථයද ඇතිවේ. ශොථය තැනින් තැනට ඇදෙන සුලු වේ.
ජ්වරය පුනරාවර්ථ ගතියෙන් සහ සන්ධි වේදනාවෙන්ද යුතුවේ. විෂම වේගී ගතියෙන් යුක්ත වේ. සන්ධි රුජාව බොහෝකල් පවතී. බොහෝ සෙයින්ම රෝගියා ප්‍රතිෂ්‍යා කාසයන්ගෙන් පෙළේ. මෙය බොහෝ සෙයින්ම ජානපදික වශයෙන් ඇති වේ. වා සෙම් ප්රකෝපයෙන් ඇති වේ. අට වැනි දින රෝගය සුව වේ. ළමයින්ට සහ මහලු අයට ඇති වුවහොත් එය අමාරු වේ. යනුවෙන් ග්රන්ථයෙහි සඳහන්ව ඇත.
ඩෙංගු යනු විෂාණුවෙකුගෙන් බෝ වන්නා වූ රෝගයක් බව හෙළ වෙදකමද පිළිගතී. මදුරුවාගෙන් බෝ වෙන රෝග අතර බරවා, මැලේරියා, ඩෙංගු ,විකන් ගුන්යා මෙන්ම ජැපනීස් එන්සෙපලයිටීස් ද අපට වඩා පීඩාකාරී තත්ත්වයන් සලසන බැවින් රෝගවලට ප්‍රතිකාර සලසන්නාටත් වඩා වැඩි අවධානයකින් මෙම රෝග බෝ කරන විෂාණුවන් මර්දනය සම්බන්ධයෙන් අවධානය දැක්වීම වැදගත්ය.
දණ්ඩක ජ්වර නැතිනම් ඩෙංගු රෝගය දින අටක් පුරා පැවතී රෝගයේ දරුණු අවස්ථා හෝ රෝගය සුව වී යාමට ඉඩ සලසන බව පිළිගත හැකිය. විශේෂයෙන් ගර්භිණියකට ඇතිවුවහොත් එය වඩාත් සංකූලතා මතුකරන්නක් විය හැකි අතර , ළදරු සහ මහලු අයටද මෙවැනිම අවදානමක් පවතී.
මෙහිදී රුධිරය සම්බන්ධ සංකූලතා මතුවෙන බව සත්‍යයක් වන අතර රෝගියා දණ්ඩක ජ්වරයට ලක්ව ඇති බව හඳුනාගත් වහාම යෙදිය යුතු දේශීය ප්‍රතිකාර ක්‍රම හරහා රෝගියාට ඇතිවන සංකූලතා අවම කළ හැකි අතර එයින් රෝගියාගේ රැධිරය ඇතිවන තර්ජනය සාර්ථකව මැඩ පැවැත්විය .මෙය අලුත් රෝගයක්ය, මෙයට සිංහල වෙදකමේ ප්‍රතිකාර නැතය යන සාවද්‍ය මතය සමාජ ගතව ඇති හෙයින් අදටත් ඩෙංගු රෝගය සඳහා පිළියමක් නැතය.
ඇත්තේ ඇඳ විවේකය ලබා දෙමින් උණ පාලනය කිරීමය යන්න සිතන්නෝ බොහෝය. නමුත් උණ ඇතිව ඇත්තේ කුමන හේතුවක් මත වුවත් එය පාලනය කිරීමට සමත් ශාක සාර ඖෂධ බොහෝ සංඛ්‍යාවක් හෙළ වෙදකම සතුව පවතින අතර එය මේ වන විටත් අවදානම දක්වා ගමන් කළ ඩෙංගු රෝගීන් විශාල සංඛ්‍යාවක් සුවපත් කර ඇත.
දණ්ඩක ජ්වර රෝගියාට ලබා දිය යුත්තේ පහසුවෙන් දිරවිය හැකි දියරමය ආහාර පමණකි. එයට හේතුව දණ්ඩක ජ්වරය විසින් රෝගියාට බර ආහාර ලබා දුන හොත් එම ආහාර දිරවීම සඳහා ශක්තිය වැය කරනු මිස රෝගයට විරුද්ධව කාය ශක්තිය යොදවා ශරීරය තුළ ඒ වන විටත් පවතින විෂාණුව හා සිදුකරන සටනින් ජය ලබා ගැනීමට ශක්තිය වැය කිරීමේ අවස්ථාව අහිමි කරගනු ඇත.
විෂාණුවා පරිසරය අනුව විවිධ අනුවර්ථනයන්ට නතුවන බැවින් එහි ක්‍රියාකාරිත්වය මෙසේ යැයි පොදුවේ හැඳින්වීම යුතු නොවන්නේ. එම කරුණු කාරනා අනුව ඩෙංගු රෝගය එතරම් ගණන් නොගන්නා පිරිස් එයින් දරුණු සංකූලතා මෙන්ම මරණයද ලංකරගන්නා බැවිනි.
දණ්ඩක ජ්වර රෝගියා ප්‍රවේශම් කිරීම ඉතාම උවමනාවෙන් කළ යුත්තකි. රෝගියා සමහර අවස්ථාවක දැඩි උණ තත්ත්වයක් පෙන්නුම් කරන අතර තවත් විටක මද උණ ගතියක් පෙන්නුම් කරයි. ඇතැම් අවස්ථාවක දින තුනක පමණ කාලයකින් අනතුරුව උණ මුලුමණින්ම බැස ගොස් ඇති බවක් ද පෙන්නුම් කිරීමට ඉඩ තිබේ . නමුත් මෙය භයානක අවස්ථාවකට පිවිසුමක් ද විය හැකි බැවින් තව දුරටත් රෝගියා සංරක්ෂණය කළ යුතුය.
රෝගියා මේ පිවිසෙන්නේ රෝගයේ වඩාත් තීව්ර අවස්ථාවකට විය හැකිය. වෙදකම කුමක් වුවත් මෙවන් අවස්ථාවකදී රෝගියා පසුවිය යුත්තේ වෛද්‍යවරයාගේ දැඩි සුපරික්ෂාව යටතේය. රෝගියා වඩාත් මලානික බවක් පෙන්වන්නේ නම් සහ සිරුර පුරා රත් පැහැයක් මතුකරමින් සිටින්නේ නම් වහාම රෝගියා දැඩි සත්කාරයට ලක් විය යුතුය.
නමුත් රෝගය ආරම්භයේ සිටම සිංහල බෙහෙත් මගින් රෝගයේ සංකූලතා පාලනය කරමින් විවේකය ගනිමින් දණ්ඩක ජ්වරයට නියමිත කසාය වර්ග හා වත් පිළිවෙත් සපුරන්නේ නම් රෝගය තීව්ර තත්ත්වයට පත්නොවේ.
එමෙන්ම සිංහල බෙහෙත් ලබාගත් කිසිවෙකුත් ඩෙංගු රෝගයෙන් මිය ගිය බව අපට අසන්නට නොලැබෙන්නේ වෙදකම මෙන්ම හෙද කම මෙම ජ්වර රෝගයේදී වඩාත් දැඩි තත්ත්වයක පවතින බැවිණි. මේ සඳහා සකස් කළ විශේෂ ප්‍රතිකාර ක්‍රමවේදයක් හෙළ වෙදකම තුළද පවතී.
උණ ඇති වූ දවසේම ඔබ ඒ සඳහා යොමුවන්නේ නම් එයින් කිසිම අපහසුතාවයක් ඇති නොවී සාමාන්‍ය උණක් සුවවෙන්නා ආකාරයටම සුවය ලබන්නට අවස්ථාව ඇත. නමුත් ඇතමුන් සිංහල බෙහෙතින් සුවය ලද නොහැකි බව සිතා ඒ සඳහා යොමුවීම ප්‍රමාද කරනුයේ නමුදු රෝගයේ ද්වීතියික අවදියේ ප්‍රතිකාර සඳහා යොමුවුවත් සුවකිරීම අභියෝගයක් නොවේ.
මේවන විටත් රෝගයේ තීව්ර අවදියට පත් රෝගීන් විශාල ප්‍රමාණයක් සංකූලතාවලින් තොරව හෙළ වෙදකම ඇසුරින් සුවපත්ව සිටී. වඩා වැදගත්වනුයේ හැකි ඉක්මණින් ප්‍රතිකාර සඳහා යොමුවීමයි. මේ සම්බන්ධයෙන් පාඨක ඔබට වැඩි තොරතුරු ගම්පහ උඩුගම්පල දොඹවල ජයවීර හෙළ වෙද මැදුරේ ජයවීර වෙදමහතා ගෙන් දුරකතන අංක 077 7 248 128 තුළින් විමසිය හැකියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

