මේ ගැනත් හිතන්න
01) කනේ යම්කිසි දෙයක් හිරවූ විට ඉවත් කරන්න උත්සාහ කරන්න එපා. කන්බෙරය තුවාල විය හැකිය. වෛද්‍ය උපදෙස් ලබාගන්න.
02) ඔබේ දරුවා අවුරුද්දක් ගතවීත් කථා කරන්නේ නැතිනම් ඒ බිහිරි බව නිසා විය හැකිය. නොපමාව කන, නාසය, උගුර, චිකිත්සාගාරය වෙත යන්න.
03) ලේ ඥාති විවාහය බිහිරි දරුවන් උපදී.
04) කොන්ඩකටුව, ආයකටුව, කන්හැන්ද, වාහනයේ යතුර, ඉරටු කූරු, පෑන් - පැන්සල්, කොටින් බඩ්ස් වලින් කනාදුරු ඉවත් කරන්න එපා. කන්බෙරය තුවාලය විය හැකිය. ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබාගන්න.
05) කථා නොකළාට කන් නෑසුනාට බිහිරි දරුවා උපන්ගෙයි මෝඩයෙකු නොවේ. ඔහුටද ඉගෙන ගෙන දියුණු විය හැකිය. විශේෂ පාසලකට හෝ විශේෂ පන්තියක් ඇති පාසලක් වෙත ඇතුළු කරන්න.
06) කනේ තුවාලයක් ඇතිවූ විට බෙහෙත් දියරයක් දමන්න එපා. නොපමවා වෛද්‍යවරයෙකු වෙත යන්න.
07) රතිඤ්ඤා හඬ වැනි අධික ශබ්ද නිසා ඇසී දුර්වල වී බිහිරි බව ඇතිවිය හැකිය. දෙකන, දෑස ආසන්නයේ රතිඤ්ඤ පත්තු කරන්න එපා.
08) කනෙන් සැරව ගැලීමට හරියාකාරව ප්‍රතිකාර නොකොලොත් බිහිරි බව අත්වේ.
09) ශල්‍යකර්මයක් කිරීමෙන් හෝ ශ්‍රවණාගාරයක් පැළදීමෙන් කන ඇසීමේ අඩුබව මගහරවා ගත හැක.
10) ඔබ සේවය කරන ස්ථානයේ අධික ශබ්දය තිබෙන තැනක් නම් ඔබ කන් ආවරණයක් පැළදීය යුතුය.
11) කනට ගහන්න එපා කන් බෙරය සිදුරු වී කන් ඇසීම අඩුවිය හැකිය.
12) කන් බෙරය සිදුරු වී තිබේ නම් කිසි විටෙක කනට ජලය ඇතුල් වෙන්න දෙන්න එපා.
උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ජයසූරියගෙන් ඔවදනක්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

