දිනපතා අවශ්‍ය දේවල් අතරින් වඩාත්ම වැදගත් ද්‍රව්‍ය කුමක්ද කියා විමසුව හොත් 'ආහාර' පළමු තැනට එනු නිසැකය. පැය කිහිපයකට වරක් ඔබ කුමන හෝ ආහාර වර්ගයක් භාවිත කරයි. ඔබ ගන්නා සෑම ආහාර පිඬක්ම ඔබේ ජීවිතය මොහොතින් මොහොත වෙනස් කරයි. එමගින් ඔබගේ ජීවිතයේ ගෙවෙන සෑම තත්පර ගණනක් සඳහාම අවශ්‍ය ශක්තිය සපයයි.
ලෝකයේ බිලියන ගණනක් වන මිනිසුන්ගෙන් වැඩි ප්‍රමාණයක් දෛනිකව ආහාර නිෂ්පාදනය කිරීම හා බෙදාහැරීම ආශ්රිත රැකියාවල නිරතව සිටියි. ඔබ අතට පත්වන ආහාරය කුමක් වූවත් ඒ සඳහා අති විශාල ශ්‍රමයක්, භූමියක් හා දැනුමක් වැය කොට ඇත. එසේම ආහාර නිෂ්පාදනය ලෝකයේ දැවැන්තම කර්මාන්තයක් බවට පත්ව තිබේ.
අතීත සමාජයේ ආහාර නිෂ්පාදනය කර්මාන්තයක්ව තිබුණේ නැත. එසේම එය ලෝක පරිමාණව ව්‍යාප්තව තිබුණේද නැත. ලංකාවේද වසර 100කට පෙර රටේ සියලු ආහාර අවශ්‍යතාවලින් බහුතරයක් තම තමන් විසින් සපයා ගන්නා ලදි. නමුත් ක්‍රම‘යෙන් ආහාර වෙළෙඳපොළ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් විශාල හා ව්‍යාප්ත වන්නට විය. එක් දිනක් තුළ ඔබ ආහාරයට ගන්නා දේවල් ලියා බලන්නට කොපමණ රටවල් ගණනාවක් හා සමාගම් ගණනක් ඔබගේ දිනක ආහාර වේල් සඳහා දායක වී ඇති දැයි ඔබට වැටහෙනු ඇත.
වෙළෙඳ ව්‍යාපාරයක් සිදු කිරීමේ මූලික අරමුණ ලාභ උපරිම කිරීමයි. ආහාර වෙළෙඳාමද එසේමය. කොතරම් නීති තිබුණත් නීතියෙන් මිදී ලාභ උපරිම කිරීම සඳහා ගුණාත්මක භාවය හෝ මිනිසාගේ ජීවිතය ගැන නොතකා ආහාර වර්ග ටොන්, මිලියන ගණනක් ලොව පුරා දිනපතා නිෂ්පාදනය කරනු ලබයි. මේ ආහාර පරිභෝජනය කරන මිනිසුන් දසලක්ෂ ගණනකගේ ශරීර හා ජීවිත ඒ අනුව බලපෑමට හසුවෙයි. මෙම බලපෑම් මඟින් ඔබට නොයෙක් ලෙඩ රෝග හා ජීවිත කාලය කෙටි වීම් ආදී දහසක් දේ අත්විඳින්නට සිදු වේ.
ඔබගේ මුවින් ඇතුළු කරන ආහාර මත, ඔබගේ අනාගතයම රඳා පවතී. ශරීරයට අහිතකර එක් වසවිසක් මුඛයෙන් ඇතුළු වූවහොත් ඔබගේ මරණය පවා එහි ලියැවී තිබිය හැකිය. ආහාර යනු, වසර දහස් ගණනක් තිස්සේ මිනිසුන් විසින් ගොඩනඟන ලද සම්පත් ආකරයකි. අප අවට පරිසරයෙන් ආහාර සපයාගෙන ගත කළ සරල ජීවිතයේ සිට දැන් ඔබ ගත කරන ඔබගේ ජීවිතයට වඩාත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වී ඇත්තේද ආහාරයයි.
ඉදින් ඔබ උපන් දා සිට මියෙන තෙක් අපේ ජීවිත හා බැඳී පවතින ආහාර පිළිබඳව පවත්වා ගත යුතු නිවැරදි පිළිවෙත පිළිබඳව මනා ලෙස අවබෝධ කරගැනීමට මෙතැන් සිට ඔබට අවකාශ ලැබෙනු ඇත.
පැණි බීම
තිබහ හැදුණම ඉක්මනින්ම මොනව හරි පිපාසය නිවෙන දෙයක් බොන්න අපි හැමෝම උත්සාහ කරන එක පුදුමයට නම් කාරණයක් නෙමෙයි. විශේෂයෙන්ම අව් රස්නය වැඩි දවසකට, එහෙමත් නැති නම් ඇඟපත වෙහෙසෙන වැඩිපුර දහදිය පිටවෙන කාර්යයක නියැලෙන විට තදින් පිපාසය දැනෙන්නට පුළුවන්. මෙවන් වෙලාවක අපි පිපාසය නිවාගන්න තෝරාගන්නා දෙය කුමක් විය හැකිද?
ඔබත් පිපාසය නිවාගන්නට පැණි බීම තෝරා ගන්නේ නම්, ඒ ගැන වැඩිපුර හිතන්න වෙනවා. පැණි බීම සම්බන්ධයෙන් කතා කරන විට එහි සංයුතිය පිළිබඳවද අවධානය ඉතා වැදගත්ය. පොදුවේ පැණි බීම නිපදවන්නේ ජලය, සීනි මිශ්‍ර කොට එයට වර්ණක හා තවත් කෘතිම රසකාරක එකතු කිරීමෙනි. පැණි බීමවල ඇපල් රස, මිදි රස, දොඩම් රස ආදී රස පැවතියත් මේවා සියල්ල ස්වභාවික පලතුරු එක් කිරීමෙන් නොව, එම ස්වාභාවික රසය අනුව නිර්මාණය කරන ලද කෘතිම රස එක් කිරීමෙන් සකස් කරන ලද බව නම් ඔබ දැනගෙන නොසිටින්න ඇති.
මේ සියල්ලටම අමතරව, කෙසේ කොයි ආකාරයෙන් නිපදවූ රසයක් දැයි නොදන්නා 'කෝලා' රස වර්ගද අප අතර බලයෙන් ඇති කළ රුචිකත්වයකි. මේවායේ කැෆේන් නම් සංයෝගය අඩංගු බව මෙන්ම මෙම කැෆේන් යන්න උත්තේජකකාරයක් බව ඔබ දැනගෙන සිටීම ඉතා වැදගත්ය. සාමාන්‍යයෙන් පැණි බීමවග වැඩිපුරම ඇත්තේ ජලය සහ සීනි බව අප මුලින්ම සඳහන් කළ අතර, ප්‍රමාණය කොතෙක් දැයි දැනගන්නට ඔබ තුළ යම් උනන්දුවක් පවතිනු ඇත. සාමාන්‍ය‘යෙන් 500mlක පැණි බීම බෝතලයක් තුළ සීනි තේ හැඳි 30-40ක් අතර ප්‍රමාණයක් අන්තර්ගත බව පැවසිය යුතුය. සාමාන්‍ය‘යෙන් සීනි, අපේ ශරීරයට අලුතින් අමුතුවෙන් එක් කරගත යුතු දෙයක් නොයන බව මේ වන විට ඔබ දන්නවා ඇති. අපි එදිනෙදා ගන්නා සමබල ආහාර වේලෙහි ශරීරයට අවශ්‍ය සීනි ප්‍රමාණය අන්තර්ගතව තිබේ ප්‍රමාණය තේ හැඳි 6කි. එනම්, ග්‍රෑම් 30ක් පමණකි.
අප පවස නිවාගැනීමට පානය කරන මෙම පැණි බීම මඟින් දිනකට අමතරව ගත හැකි සීනී ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රමාණයක් නොදැනුවත්වම ශරීරය තුළට ඇතුළු කර තිබේ. මෙවැනි පාන නිරන්තරයෙන් ශරීරයට එකතු වන්නේ නම් ඔබට නිසැකවම දියවැඩියාව වැනි බෝ නොවන රෝග වැළඳීමේ දැඩි අවදානමක් ඇති බව පර්යේෂණ මඟින්ද පෙන්වා දී තිබේ.
පැණි බීමවල සීනි හා ජලයට අමතරව කිසිදු ඛනිජ ලවණයක් හෝ පෝෂ්‍ය පදාර්ථයක්, අඩංගු නොවන්නා සේම මේවා සලකන්නේ හිස් කැලරි ගොඩක් ලෙස පමණි. මෙසේ අපේ ශරීරයට ඇතුළුවන අධික සීනි ප්‍රමාණය නිසා ඔබ රෝගී වීම කෙරෙහි ඉතාම ඉහළ අවදානමක් පවතින බව පැවසිය යුතුය. සමහරුන් පුරුද්දක් ලෙස පැණි බීම පානය කරන අතර ඒ පුරුද්දට බත් කන විට පවා මෙවැන්නක් අවශ්‍ය වේ. එය පුරුද්දක් පමණක් වන අතර එයින් ආහාර ජීර්ණයට හෝ ශරීරයට ප්‍ර‘යෝජනවත් කාර්යයට හිතකර නොවන බවද පැවසිය යුතුය.
නමුත් මෙහිදී අපි යමක් වටහාගැනීම වැදගත්ය. පැණි බීමවල බුබුළු නැගීම නිසා දිවේ යම්කිසි සංවේදීතාවක් මතුවන්නට පුළුවන. එය එසේ වන්නේ, පැණි බීම සැකසීමේ ක්‍රියාවලියේදී එයට කාබන්ඩයොක්සයිඩ් වායුව (Co2) එක් කිරීම නිසයි. එය සංවේදීතාව නිසා යම්තාක් දුරට ආහාර රුචිය වැඩිවිය හැකි අතර, මේ නිසාම ප්‍රමාණය ඉක්මවා ආහාර ගැනීමද සිදුවිය හැකිය. අධික සීනි ප්‍රමාණයක් පැණිබීම තුළින් ශරීරගත වෙනවා සේම, අධික ආහාර ප්‍රමාණයක් ගැනීම නිසා ඉක්මණින් තරබාරු වීම, බර අධික වීම සිදුවිය හැකිය.
මෙසේ වැරදි ආහාර පුරුදු නිසා ස්ථුල වන ඔබ, දියවැඩියාවට, හෘදය රෝගවලට හා අධික රුධිර පීඩනය තුළින් ආඝාතයට අවදානමක් දක්වන්නෙකු වීමට පවතින්නේ ඉහළ ප්රවණාතවයකි. අධික සීනි මෙන්ම පැණිබීම වල ඇසිඩ් තත්ත්වයක්ද හඳුනාගත හැකිය. සාමාන්‍ය‘යෙන් පැණි බීමවල අඩංගු සීනි සාන්ද්‍රණය දත්වල වැඩි වේලාවක් පවතින නිසා දත්වල බැක්ටීරියා වර්ධනය වීම වැඩි වශයෙන් සිදුවෙන්න පුළුවන. බැක්ටීරියා නිසා මෙසේ වර්ධනය වෙන ඇසිඩ් දත්වල ඇති කැල්සියම් සමඟ එක්වීමෙන් දත්වලටද හානි සිදුවේ. මේ නිසා දත් දිරායාමක්ද සිදුවේ. එමෙන්ම දීර්ඝ කාලයක් පැණි බීම පානය කරන්නේ නම් එය අස්ථිවලටද අහිතකර ලෙස බලපෑම් ඇති කරයි.
බොහෝ විට පැණි බීමවල පොස්පරස් සංයෝගය අඩංගුය. අපේ ශරීරයට පොස්පරස් හා කැල්සියම් ලබාගත යුත්තේ සමාන අනුපාතයකටය. වැඩි වශයෙන් පැණි බීම පානය කරන පුද්ගලයෙකුගේ මේ සමතුලිතතාව බිඳ වැටීමෙන් වැඩි පොස්පරස් ප්‍රමාණයක් ශරීරයට එක් වේ. මේවා ඇසිඩ් තත්ත්වයක් සේ පවතින නිසා ශරීරයට ආම්ලික තත්ත්වයක් ඇති කරන අතර, එය කැල්සියම් අවශෝෂණයටද ගැටලු ඇති කරනු ලබයි.
බෝතල් කළ පලතුරු බීමද ඉතා ජනප්‍රිය පානයකි. බොහෝ දෙනෙකු සිතා සිටින්නේ මෙය ඉතා හොඳ පෝෂ්‍යදායී පානයක් ලෙසය. පෙර පරිදිම ජලය, සීනි, වර්ණකාරකවලට පලතුරු සුළු ප්‍රමාණයක් එකතු කිරීමෙන් මේවා නිෂ්පාදනය කෙරේ. අධික සීනි ප්‍රමාණයක් අඩංගු මෙම පැණි බීමමඟින් ලබාගතහැකි පෝෂනයක් නොමැත.
වර්තමානයේ බොහෝ අයට ස්වභාවික පලතුරු මඟින් පලතුරු යුෂ සකස් කර පානය කිරීමේ නැඹුරුතාවයක් තිබේ. මෙහිදීද පැන නඟින ගැටලුකාරී තත්ත්වය වන්නේ යුෂ ලෙස සකස් කිරීමේදී සීනි හා ලුණු එක් කිරීමෙන් සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක් ඇති කිරීමයි. එමෙන්ම ආහාර ලෙස ගැනීමේදී තෘප්තිමත්භාවයක් ළඟා කරගත නොහැකි වේ. පලතුරු ආහාරයට ගැනීමෙන් එහි අඩංගු සීනි පාලනයකින් යුතුව ශරීරයට ගැනීමෙන් එහි අඩංගු සීනි පාලනයකින් යුතුව ශරීරයට අවශෝෂණය කරගන්නා අතර, පලතුරු යුෂවල අඩංගු සීනි වඩාත් ඉක්මනින් ශරීරයට අවශෝෂණය කරගනියි. පලතුරු යුෂ පානය කරන්නේ නම් සීනි නොදමා පානය කිරීමට වගබලා ගන්න.
පලතුරු ආහාරයට ගැනීමෙන් එහි අඩංගු විටමින් C ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරන අතර, එය දත්වල හා සමේ නිරෝගී භාවය ඇති කරනවා මෙන්ම පිළිකා වළක්වා ගැනීමටද උදව් වේ. පලතුරු කෑමෙහි ඇති තවත් වාසියක් වන්නේ එහි පෝෂ්‍යදායී ගුණය 100%ක්ම ලැබීමත්, පලතුරුවල අඩංගු තන්තුවලින් රෝග වළක්වා ගැනීමේ හැකියාවත් සහ ආහාර පාලනය ඇති කරගත හැකි වීමත්ය.
වර්තමානයේ සුපිරි වෙළෙඳසැල්වල කල්තබාගත හැකි පලතුරු යුෂ මිලදී ගැනීමට තිබේ. එහි ලේබලයේ 'සීනි එකතු කර ඇත' හෝ 'සීනි එකතු කර නැත' යනුවෙන්ද සඳහන් කර තිබේ. මෙහි සීනි එකතු නොකළ පළතුරු යුෂවලට යොමු වනවානම් වඩා හිතකරය. නමුත් හැකි සෑම විටකම දේශීය ස්වභාවික පලතුරු පානය කෙරෙහි යොමුවීමෙන් වැඩිපුරම වාසිලබාගත හැකිය. මන්ද, නිරෝගීකම යනු අපට ඇති උතුම්ම ලාභය නිසාය.
ශක්තිජනක පාන වර්ගද (Energy Srinks) වෙළෙඳපොලේ දකින්නට ඇති ජනප්‍රිය පාන වර්ග වේ. මේවා ශක්තිය ලබාදෙන පානයන්ය. කය නොවෙහෙසවා වැඩ කරන්නට මේවා කොහෙත්ම සුදුසු නොවේ. වෙළෙඳ පොළේ Diet (ඩයට්) නමින් හඳුන්වන පැණි බීම වර්ගවලද කෘත්‍රිම රසකාරක එක්කර තිබේ. සීනි ප්‍රමාණය අඩු වූවත් දිගුකාලීනව මේවාට යොමුවීමෙන් ස්ථුලතාව ඇති වේ. ඊට හේතුව වන්නේ මේවා ආහාර රුචිය වැඩි කරන බැවිනි.
අපේ ශරීරයට අහිතකර මෙවැනි පානයන් වෙනුවට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගොඩනගා ගැනීමට යොදාගත හැකි වෙනත් පානයක්ද පවතී. එනම්,
හොඳම විකල්පය වන්නේ ජලයයි. වැඩිපුර ජලය පානය කරන්න.
ජලය වැඩිපුර පානය කිරීමට නම් දෙහි යුෂ බින්දු කිහිපයක් දමා පානය කළ හැකියි. තේ හොඳ පානයකි. නමුත් ප්‍රධාන ආහාර වේල් අතර පානය කිරීමෙන් සහ සීනි එක්කර ගැනිමෙන් වළකින්න.
විවිධ වර්ගයේ කැඳ වර්ග හා දේශීය පාන වර්ගවලට යොමුවන්නේ නම් විවිධ පෝෂණ ගුණ ලැබේ. තැඹිලි, කුරුම්බා වැනි ස්වාභාවික පාන නිරතුරුවම තෝරා ගන්න. මන්ද මේවායේ කිසිම විටක කෘත්‍රිම රස කාරක, වර්ණක, කල් තබාගැනීමේ රසායනික දියර, එකතු කළ සීනි කිසිවක් අඩංගු නොවෙන නිසාය.
කොත්තමල්ලි, බෙලිමල්, රණවරා, ඉරමුසු වැනි දේශීය ඖෂධ පාන තෝරා ගැනීමෙන් තිබහට තිත වගේම ශරීරයට සුවයකුත් ළඟා කරගන්නට පුළුවන.
මේ නිසා හැකි තරම් ඔබේ පෝෂණ ගුණය ගැන උනන්දු වන්න. අනවශ්‍ය ලෙස ඊට ඇබ්බැහි වීමෙන් වළකින්න. ඔබ තෝරාගන්නේ පැණි බීමද, එසේත් නැතිනම් පෝෂ්‍යදායී දේශීය පානයක්ද යන්න තීරණය ඇත්තේ ඔබ සතුවය.