කස්තුරිවලින් ඩෙංගුවලට පිළියම්
බටහිර වෛද්‍ය ක්‍රමය සමගම අනෙකුත් වෛල්පිත වෛද්‍ය ක්‍රම ද මේ වන විට සිය ප්‍රතිකාර ක්‍රමවේද තුළින් ඩෙංගු රෝගයට ප්‍රතිකාර සලසමින් සිටී. මේ වන විට වෙනස් වෙනස් රෝග ලක්ෂණ මතුකරමින් ඩෙංගු රෝගයමද නැද්ද යන්න පවා හඳුනාගත නොහැකි අන්දමට වෙනස් ගති පාන ඩෙංගු රෝගය සඳහා විවිධ අත් බෙහෙත්ද මේ වන විට සමාජයේ විවිධ කතාබහට ලක් වී තිබේ.
සැබවින්ම ගස්ලබු කොළ යුෂ, පොලොස් ගැට මෙන්ම සමහර ස්වභාවික අත්බෙහෙත් රුධිර පට්ටිකා යම් ප්‍රමාණයකට වර්ධනය කරයි. නමුත් රුධිර පට්ටිකා වැඩි වීම රෝගය මුලුමණින්ම සුව වී යාමක් නොවෙන බව ඉන්දියානු සාම්ප්‍රධායික වෛද්‍ය පී බාල සුබ්‍රමනියම් මහතා පවසයි. මේ ඔහු ඩෙංගු රෝගය සම්බන්ධයෙන් කස්තුරි යොදාගත හැක්කේ කෙසේද එයින් ලැබෙන ප්‍රතිඵල කෙබදුද යන්න අද පුවත්පතට පැවසූ කරුණු රැසකි.
කස්තුරි කියන්නේ හිමාලයේ වෙසෙන විශේෂ මුව වර්ගයකින් ලබාගන්නා ඖෂධයක්. ලෝකයෝ වෙනත් රටවලද මෙවැනි වර්ගයේ මුවන් ගොවිපලවල් වල ඇතිකර එමගින් කස්තුරි ලබාගන්නේ කස්තුරි රුධිරගත ශක්තිය ඉතා දැඩිව ඉහළ නංවන නිසයි. මෙමගින් ඇතිකරන සංයුතිය මුලුමණින්ම රසායණිකයක් වශයෙන් ආයුර්වේදය තුළ හඳුන්වන තත්ත්වයකට සමානයි.
මෙහි විවිධ පෝෂණ සංඝටක මෙන්ම රුධිරයේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවිය හැකි ක්ෂුද්‍ර පෝෂක නැතිනම් මිනරල් වර්ග වලින් පොහොසත් දිව්‍ය ඖෂධයක්. මෙය ඩෙංගු රෝගයේදී අඩු වී යන රුධිර පට්ටිකා වහා ඉහළ දමන සහ රුධිරය තුළ හීන වීයන ක්ෂුද්‍ර පෝෂක වර්ධනය කර හිමෝග්ලොබින් ප්‍රමාණය ඉහළ නංවා ක්ෂණිකව ශරීරයේ ඇතිවන දුබලතාවයන්ට එරෙහිව ක්‍රියාකාරීවෙන වටිනා ඖෂධයක්.
ඩෙංගු රෝගයේදී බොහෝ දෙනෙකුට උණ තත්ත්වය හේතුවෙන් ඇතිවන ඇඟපත වේදනා මෙන්ම අප්‍රාණික බව ඉතාම සුලභ තත්ත්වයක්. ඩෙංගු වෛරසය නිසා අඩාල වී යන ශරීරයේ අනෙකුත් අවයව වහා ශක්තිමත් කර ප්‍රකෘති තත්ත්වයට පත්කිරීමට කස්තුරිවලට හැකියාව තිබෙනවා. එමෙන්ම මෙය කිසිම අවස්ථාවක අසාත්මික නොවන සහ අතුරු ආබාධ ඇතිනොකරන ඖෂධයක්.
මේ සම්බන්ධයෙන් ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය තුළින් වැඩි විස්තර සොයාබලන්නට පුලුවන්. ඉන්දියාව තුළත් ඩෙංගු වසංගත ආකාරයට පැතිර ගිය අවස්තා තිබෙනවා. එමෙන්ම ඇතැම් ප්‍රාන්තවල සිට ප්‍රතිකාර සඳහා ගෙන ඒම ලංකාවේ මෙන් පහසුවක් නැහැ.
එවන් අවස්ථාවල ඒ රෝගීන් සඳහා සංකූලතා ඇතිවීම වැලැක්වීම පිණිස ඉන්දියානු සම්ප්‍රධායික වෙදකමේ කස්තුරිවලට ලැබෙන්නේ මුල් තැනක්. කස්තුරි මුවාගේ නාභියේ එක් රැස්වෙන මුවාගේ ජීවාණු කලක් යන විට ඇතිකරන කැටි මෙම කස්තුරි ලෙස හමුවෙනවා. එය දුලබ නිසා තරමක් මිල නමුත් කස්තුරිවලින් ඩෙංගු නිසා කෙනෙකු මරණයට පත්වීමට තුඩු දෙන හේතු බොහෝ දුරට අවම කරනවා. එය නොනැසෙන සත්‍යයක්. නමුත් නිවැරදි කස්තුරි මේ සඳහා සොයාගත යුතුයි.
සමහරු සිවෙටි බළලුන්ගේ නැටිට අග පිහිටා ඇති පැසෙහි තිබෙන ද්‍රව්‍ය කස්තුරි ලෙස සලකන තත්ත්වක් පෙනෙන්නට තිබෙනවා. නමුත් ඒවා කස්තුරි නෙවෙයි. ඩෙංගු රෝගියා අවදානම් තත්ත්වයකට පත්වෙන්නට කළින් ඔහු හෝ ඇය පානය කරන කුමන හෝ පානයකට මෙය ස්වල්ප වශයෙන් එක්කර පානයට සැලැස්වූ පසු විනාඩි විස්සක් වැනි කාලයකදී එය රෝගියාගේ රුධිර පද්ධතියට එක්වීමෙන් රුධිරය ශක්තිමත් කෙරෙනවා. මෙය රුධිර ගත ආබාධ ඇති සියලු දෙනාටම ප්රත්යක්ෂ වශයෙන් ගුණ සලසන ඖෂධයක්.
රුධිරගතව ඇතිවන අනෙකුත් ආබාධ සලකා බැලූ විට කියුකේමියා වැනි තත්ත්වයන් වලදී ක්‍රමයෙන් අඩුවන රුධිරයේ රක්තානු යළිත් වර්ධනය කිරීමටත් බිඳ වැටීම පාලනයටත් කස්තුරිවලින් අමිල සහනයක් සලසනවා. කස්තුරි දිව්‍ය ඖෂධයක් යැයි සලකන්නේ එහි ඇති මේ අපූර්ව ජීවි ස්වභාවය නිසයි. සැබෑ කස්තුරි සුවඳවත් නැහැ. එය දියවෙන්නට දැමූ විට එකවර දියවූ වීදුරුවේ හෝ භාජනයේ පතුලට වැටෙන්නේ නැහැ.
එය රන් පැහැයෙන් ඉතාම සීරුවෙන් නූලක් වැනි ආකාරයට දියවෙමින් බඳුනේ පතුලට වැටෙන අතර එය රසයෙන් කිසිම ආකාරයක අපූලක් දනවන්නේ නැහැ. ඩෙංගු රෝගී අවස්ථාවේ ඇතිවන රුධිරයේ ශක්තිය හීනවිම වළක්වන්නටත් ඩෙංගු රෝගය සුවවීමෙන් පසු ගතට ඇතිවන අප්‍රාණිකත්වය සහ අධික වේදනාවන් සමනය සඳහාත් ශක්තිජනක ඖෂධයක් ලෙස කස්තුරි යොදන්නට හැකියි.
ඩෙංගු සමාජය තුළ වසංගතයක්ව පැතිර යමින් ජීවිත බොහෝ ගණනක් අහිමිකරන අවස්ථාවේ අප මදුරුවන් ඉවත්කර අපේ ගෙවල් වතු පිටි පවත්වා ගන්නවාක් මෙන්ම රෝගය නිසා නැති වී යන කායික ශක්තිය ඉක්මණින් නැවත නගා සිටවන්නට උත්සහ ගැනීම වැදගත් . කාය ශක්තිය නැවත ඇතිකරන්නටත් මරණය ඇතිකරවන්නට සමත් ඩෙංගු සංකූලතාවලට ඉක්මණින් සහනය සැලසීමටත් කස්තුරිවලට පුලුවන්.
මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් අද පාඨක ඔබට 077 7 404 295 දුරකථන අංකයෙන් වෛද්‍යවරයාගෙන්ම විමසිය හැකියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

