ඇදුම යනු බහුලව දැකිය හැකි ස්වසන ආබාධයකි. අද අපි සිරිත් පරිදි කතාකරනුයේ ඇදුම රෝගය මතුවන ආකාරය ගැන නොවේ. ඇදුම රෝගය ඇතිකිරීමට බලපානු ලබන හේතු විවිධාකාරය. ස්වාසනාලය ඉදිමීම හේතුවෙන් ඇතිකරන රෝග ලක්ෂණ වහා පාලනයකිරීමට මුඛ මාර්ගයෙන් ලබා දෙන ගිලින පෙතිවලට වඩා ඉක්මන් ක්‍රියාකාරී ප්‍රතිකාරයකි ස්වසන මාර්ගයට ඉන්හේලරයක් භාවිතයෙන් ඖෂධ ඇතුළුකිරීම.නමුත් ඉන්හේලර් භාවිතයද ඔබ දැනගෙන කළ යුත්තකි.
ඉන්හේලර් ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකකි. ඒ දුමාරයක ආකාරයෙන් බෙහෙත් පිටකරන ඉන්හේලරය සහ බෙහෙත් පවුඩර් කරල් භාවිතකරන ඉන්හේලරය වශයෙනි. මේවා භාවිතකරන ආකාරයද එකිනෙකට තරමක් වෙනස්ය. දුමාරයකයක් වශයෙන් ඖෂධ පිටකරන ඉන්හේලරය ක්රියාකරවූ එය තුළ වැඩි පීඩනයක් යටතේ දියර ආකාරයෙන් අන්තර්ගතකර ඇති ඖෂධ දුමාරයක් හැරී පෙණහළු තුළට ඇතුළුවෙයි.
පවුඩර් කරල් වශයෙන් භාවිත කරන ඉන්හේලර් ක්රියාකරවූ විට එය එය තුළ අන්තර්ගතකරන ඖෂධ කරල තුළ ඇති ඉතා සියුම් ඖෂධ කුඩු පෙණහලු තුළට ආශ්වාස කළ හැක.
ඉන්හේලර් කුමක් වුවත් ඔභේ ඉන්හේලරය සමග සපයා ඇති උපදෙස් සමග සපයා ඇති උපදෙස් පත්‍රිකාව හොඳින් කියවා එය භාවිත කරන ආකාරය පිළිබඳව හොඳින් තේරුම් ගන්න. වෛද්‍යවරයාගෙන් සහ ඖෂධවේදියාගෙන් මේ පිළිබඳව සවිස්තර උපදෙස් ලබාගැනීම ඉතාම වැදගත්ය. ප්‍රථමවතාවට ඉන්හේලරය භාවිතා කරන විට ඔබගේ වෛද්‍යවරයා ඔබගේ වෛද්‍යවරයා හෝ ඖෂධවේදියා ඉදිරියේ එය භාවිතකර ඔබ එය භාවිතකරන්නේ නිවැරදි ආකාරයෙන් දැයි තහවුරැ කර ගන්න. ඔබට නිසි ප්‍රතිඵල තහවුරු කර ගන්න. ඔබට නිසි ප්‍රතිඵල නොලැබුණේ නම් ඒ පිළිබදව වෛද්‍යවරයාට දැනුම් දෙන්න. ඒ පිළිබද වෛද්‍යවරයා ඉදිරියේ ඉන්හේලරය භාවිතකරන බව තහවුරු කරගන්ගන්න . දුමාරයෙක් ආකාරයෙන් බෙහෙත් බෙහෙත් පිට කරන ඉන්හේලරය භාවිත කරන අන්දම තහවුරු කරගන්න.
දුමාරයක් ආකාරයෙන් බෙහෙත් පිට කරන ඉන්හේලරය භාවිතකරන අන්දම
-
ඉන්හේලරය හොදින් සොලවන්න
-
ඉන්හේලරය මුඛයට තබන කොටස වසා ඇති කොපුව ඉවත් කරන්න.
-
ගැඹුරු හුස්මක් පිටකරන්න
-
හිස මදක් පිටුපසට නැඹුරු කරන්න.
-
වහාම ඉන්හේලරයේ මවුත් පීස් එක මුඛය ඇතුළුකර තොල්වලින් තෛරපා ගන්න.
-
ඉන්හේලරයේ සිලින්ඩරාකාර උඩ කොටස ඇගිලි තුඩින් තුඩින් තෙරපෙනවාත් සමග සීරුවෙන් ආශ්වාසකරමින් එය තුළින් පිටවන එය තුළින් පිටවන දුමාරය පෙනහළු තුළට හොඳින් ඇතුළුකර ගන්න. තප්පර 10 ක් හුස්ම අල්ලාගෙන සිට ඉන්හේලරය කටින් එළියට ගෙන ප්රාශ්වාස කරන්න
බෙහෙත් පවුඩර් කරල් භාවිතකරන ඉන්හේලරය භාවිත කරන අන්දම
ඉන්හේලරය විවෘතකර ඖෂධ ඖෂධ කරල දැමීම සඳහා සැකසුන කුඩා කුටීරය තුළ ඖෂධ කරල තැන්පත් කරන්න. ඉන්හේලරය සමග ඇති රූප සටහන සහ විස්තර පත්‍රිකාවේ උපදෙස් පරිදි ඉන්හේලරය ක්රියාකරවූ විට ඖෂධ කරල තුළ ඇති ඖෂධ එය තැන්පත් කර ඇති කුඩා කුටිය තුළ ට මුදා හැරෙනු ඇත. එයින් අනතුරුව ගැඹුරු හුස්මක් ගෙන පිටකරන්න. ඉන්හේලරයේ මුඛයට තැබීම සහා සකසා ඇති කොටස තොල් අතර රඳවා තොල්වලින් තෙරපාගෙන හොඳින් ආශ්වාස කරන්න. මෙසේ කීපවතාවක් කිරීමෙන් ඖෂධ කුඩු පෙණහලු තුළට යොමු කළ හැකිය . හිස් කරල ඉන්හේලරය තුළින් ඉවත් කරන්න.
කායික රෝග පිළිබඳ විශේෂඥ - චාමරී වීරරත්න මිය