මෙම වසරේදී පවතින පාලන ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා
නව වසර ආරම්භ වී දින කිහිපයක් ගතවී ඇත. වසර ආරම්භයත් සමග රටේ හෙට දවස කෙලෙස ගතවේද යන ජ්‍යෝතිර්විද්‍යානුකූල පුරෝකථනයක් කිරීමට අපි ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී කේ.සී.ජේ. රත්නායක මහතා 'අද'ට සම්බන්ධ කර ගතිමු.
Q මේ වසර ආරම්භයත් එක්ක ලංකාවට සිදුවන දේ ජ්‍යෝතිර්විද්‍යානුකූලව යම් පැහැදිලි කිරීමක් කළොත්?
හැම රටකටම තීරණාත්මක වසරක්. ශ්‍රී ලංකාවට මේ වසර ඊටත් වඩා තීරණාත්මකයි. ඒකට හේතුව පසුගිය වසර දෙකහමාරක කාලය තුළ සෙනසුරු ග්‍රහයා ගමන් කළේ රටේ ලග්නයේ ජන්ම පත්‍ර‘යෙන් දහවැන්න තුළ. දහවැන්න නියෝජනය කරන්නෙ රජය. ඒ වගේම රට තුළ ඇතිවන සියලු නිෂ්පාදන කර්මාන්ත, නව නිමවුම්, රටේ ජනතාවගේ ශ්‍රම ශක්තිය, රටේ පාලනය ආදී සියලු දේ ගැනම සඳහන් වන්නෙ ජන්ම පත්‍ර‘යේ දහවැන්නෙන්. සෙනසුරු ග්‍රහයා 10 වැන්නේ ගමන් කිරීම නිසා දහවැන්න ඉතාම දැඩි ලෙස පීඩාවට පත්ව තිබුණා.
එහි ප්‍රතිඵලය විවිධ ක්ෂේත්රයන්ට ගලාගියා. ඒෙකන් රටේ ආර්ථික නිෂ්පාදන ශීඝ්‍ර‘යෙන් පහත වැටුණා. කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තය ඇතුළු කර්මාන්ත පහත වැටීමක් දක්නට ලැබුණා. රාජ්‍ය පාලන අස්ථාවර බවක් දක්නට ලැබුණා. කිසියම් දේශපාලන ස්ථාවරභාවයකට බරපතළ තර්ජනයක් තමයි පසුගිය වසර දෙකහමාරක පමණ කාලයේදී සිදුවුණේ. රටේ පාලනයේ ඉහළම පෙළේ වගකීම් දැරූ පුද්ගලයන්ට, නිලතල දැරූ රාජ්‍ය නායකයන්ට, ඇමතිවරුන්ට දැඩි පීඩනකාරී වාතාවරණයකට මුහුණ දෙන්න සිදුවුණා.
අපේ රටේ ලග්නය කුම්භ. කුම්භ රාශියට අධිපති ග්‍රහයන් දෙදෙනෙක් ඉන්නවා. ඒ සෙනසුරු සහ යුරේනස්. මේ ග්‍රහ‘යො දෙදෙනාම අපේ රටේ ලග්නයේ සම අධිපතියන් ලෙස සැලකෙනවා. පසුගිය කාලයේ සෙනසුරු රටේ ලග්නයෙන් දහවැන්නේ ගමන් කළත්, යුරේනස් ග්‍රහයා ගමන් කළේ රටේ ලග්නයේ තුන්වැන්නේ. සෙනසුරු කියන්නෙ වායුකාරක ග්‍රහයෙක්. වායු කරක ග්‍රහයන් හැමවිටම ජල රාශියක සිටිනවිට පීඩාවට පත්වෙනවා. මේ ග්‍රහයන් දෙදෙනාම පීඩාවට පත්වුණා. එනිසා ඉන් ඇතිවෙන්නෙත් රටට අහිතකර තත්ත්වයක් තමයි. සෙනසුරු වසර විසිනවයයි මාස හයකට පමණ පසුව වෘශ්චික රාශියට පැමිණි හැමවිටම රටට ඇතිකරලා තියෙන්නෙ කටුක අත්දැකීම්. වෘශ්චික රාශියේදී කිසිම ග්‍රහයෙක් උච්චභාවයට පත්වෙන්නෙ නැහැ.
වෘශ්චික භාවයේදී ග්‍රහයා නීචභාවයට පත්වෙනවා. මේනිසා තමයි පසුගිය කාලයේ සෑම ක්ෂේත්රයකම අසාර්ථකත්වයක් දකින්න ලැබුණේ. 2017 ජනවාරි මස 26 වැනිදා සෙනසුරු චක්‍ර රාශියට ගමන් කරනවා. ධනු කියන්නෙ ගුරුට අයත් රාශියක්. රාශි චක්‍ර‘යේ විශිෂ්ටතම රාශිය ධනු රාශිය. ඉතාමත් බලවත් ස්ථාන තුනක් තියෙනවා, ලග්නෙ සිට තුන් වැන්න, ලග්නයේ සිට හයවැන්න හා ලග්නයේ සිට එකොළොස්වැන්න. මේ නිසා ආර්ථික ප්රතිලාභ වැඩි වෙනවා. ධන උපායික මාර්ගවල වර්ධනයක් සිදුවෙනවා. රටේ ශ්‍රම බළකාය තුළින් ලබාදෙන සම්පත් නිසා සහනශීලී වාතාවරණයක්, සුවදායක ජීවිතයක් ඇති කරනවා. මෙතෙක් තිබූ පීඩාකාරී බව ඉවත්ව ඉතාම සුබවාදී කාලයක් ඇතිවෙනවා.
එම නිසා මෙම වර්ෂය ලංකාවට ඉතාම සුබදායක වර්ෂයක් බවට පත්වෙනවා. රටේ ආර්ථික දේශපාලන සමාජ ආගමික දියුණුවට එය හේතුවක් වෙනවා. මෙතෙක් මීන රාශියේ පීඩාවට පත්ව සිටි යුරේනස් අප්‍රේල් මස 08 වැනිදා මේෂ රාශියට ගමන් කරනවා. එය අප්‍රේල් මස 08 වැනිදා සිට ගමන් කරන්නෙ රටේ ලග්නයෙන් තුන් වැන්නෙ. ස්වෛරීභාවය, සහජ හැකියාවන්වලට ඉඩ ප්‍රස්තාව ලබාදෙනවා. යුරේනස් මේ රටට නැවත අහිමි කීර්තිය, අහිමි වූ ආත්ම අභිමානය, ස්වාධීනත්වය, ස්වෛරීත්වය, සටන්කාමීත්වය ලබාදෙනවා. යුරේනස් හා සෙනසුරුගෙන් සිදුවන ග්රහමාරු දෙක ඉතාමත් යහපත්.
අගෝස්තු 17 වැනිදා රාහු ග්‍රහයා කටක රාශියට මාරු වෙනවා. රාහු ග්‍රහයා ඉතාම සුබඵල ලබාදෙන ස්ථාන තුනක් තිබෙනවා. 3,6,11 යන ස්ථානවල ගමන් කරනවා. අගෝස්තු 17 වැනිදා රාහු ග්‍රහයා ගමන් කරන්නෙ 06 වැන්නෙ. රටට එරෙහිව ක්‍රියාත්මක වන අභ්‍යන්තර සහ බාහිර සතුරු බලවේග සැණෙකින් පරාජයට පත්වෙනවා. අන්තර්ජාතිකව කිසියම් පීඩනයකට බලහත්කාරව සිටිනවා නම් ඉන් මිදිලා නැවත කීර්තිමත් රටක් ලෙස නැගී සිටිනවා. සැප්තැම්බර් මස 13 වැනිදා ගුරු ග්‍රහයා තුළා රාශියට ගමන් කරනවා.
තුලා රාශිය යනු 09 වැන්නය. ගුරු ග්‍රහයාට ඉතාම සුබ තැනක් වන්නෙ ජන්ම පත්‍ර‘යේ 09 වැන්නයි. රටක තිබෙන ආගමික අධ්‍යාත්මික දියුණුව ඇති වෙනවා. විදේශ රටවල උදවු උපකාර ලැබෙනවා. රටට ඉතා හිතකර අතිවිශිෂ්ට ප්‍රතිඵල ලබාදෙන බව ප්‍රධාන ග්රහමාරු හතරම හඳුන්වන්න පුළුවන්. මේක ඉතාම කලාතුරකින් පිහිටන දුර්ලභ වාසනාවන්ත අවස්ථාවක්. මේ සියල්ල සඳහන් කරන්නේ එක කොන්දේසියකට යටත්ව. සෙනසුරු කියන්නෙ පෙරළිකාරක ග්‍රහයෙක්. පීඩිත පන්තිය නියෝජනය කරන ග්‍රහයෙක්. යුරේනස් කියන්නෙ විප්ලවකාරී ග්‍රහයෙක්. මේ ග්‍රහයන් මේ කටයුතු අපට ලබාදෙන්නෙ සාමකාමී මාර්ගවලින්. ඔවුන් දෙදෙනාම ක්‍රියාත්මක වෙන්නෙ තමන්ට ආවේණික විප්ලවකාරී, පෙරළිකාරී ගැටුම් සහිත කාලයක.
Q රටේ දේශපාලනය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ ජ්‍යෝතීර්වේදීන් විසින් සඳහන් කරනවා?
එය තමයි මම සඳහන් කළේ, පවතින ආණ්ඩුවේ වෙනස් අපේක්ෂා කළ හැකිවෙන්නෙ නැහැ. පවතින ක්‍රමය වෙනස් කර රටට ඉතා හිතකර පාලකයන් තෝරා පත්කර ගත යුතුයි. නොඑසේ නම් එය ගැටලුවක් බවට පත්වෙයි. දේශපාලනික වෙනස්වීම් සිදුවෙනවා. මෙම වසරේදී පවතින පාලන ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එය පුරෝකථනයක්.
ඔබ මෑතක එළිදැක්වූ ග්‍රන්ථයේ (තුරුම්පුවාගේ වික්‍රමය) සඳහන් වෙනවා විදේශ හමුදාවන්ට ලංකාභූමිය විවර වෙනවා කියලා. එහි පදනම මොකක්ද?
මම ඒ කාරණය සඳහන් කළේ යුරේනස් ග්‍රහයා වසර 84කට වරක් මේෂ රාශියට පැමිණෙන්නෙ. යුරේනස් මේෂ රාශියට පැමිණෙන හැම විටම ලෝක ඉතිහාසයේ මහා පරිමාණ යුධමය තත්ත්වයක් විප්ලව කැරලි කෝළාහල ඇතිවෙනවා. ඒ තුළින් ලෝකයේ පැවතුන ශිෂ්ටාචාර සමාජ ක්‍රමය වෙනස් වෙලා තිබෙනවා. එය පළමු ලෝක යුද්ධයට, 1917 රුසියානු විප්ලවයටත් එය අදාළයි. ප්‍රංශ විප්ලවයට අදාළයි.
කාර්මික විප්ලවයටත් අදාළයි. මහජන චීනයේ ඇතිවූ විප්ලවකාරී වාතාවරණයටත් අදාළයි. මේ සියල්ලට යුරේනස් ග්‍රහයා මූලික වී තිබෙනවා. විද්‍යාව හා තාක්ෂණය ඇසුරින් ඇති කරන දැවැන්ත විප්ලවවලට යුරේනස් පාදක වෙනවා. කාර්මික විප්ලවය හටගන්නෙ යුරේනස් මේෂ රාශියට ගමන් කළ මොහොතක. යුරේනියම් මූලද්‍රව්‍ය සොයාගන්නෙත් මෙම වකවානුව තුළදී. අයින්ස්ටයින් පරමාණු බෝම්බය පිළිබඳ මූලික ශක්‍යතා අධ්‍යනය කරන්නෙත් යුරේනස් මේෂ රාශියට පැමිණෙන අවස්ථාවක.
විදුලිබල ශක්තිය හඳුන්වා දුන්නෙත් යුරේනස්ගේ මේෂ රාශියේ ගමනට සමාන්තරව. යුරේනස් කියන්නෙ බල ශක්තියේ ග්‍රහයා. මෙතෙක් පොසිල ඉන්ධන මත යැපෙන ශිෂ්ටාචාරය සංස්කෘතිය ලබන වසර හතර තුළ අංශක 360කින්ම වෙනස් වෙනවා. මම ලිවුවා ලංකාවට විදේශ හමුදාවල පැමිණීම් සිදුවෙනවා කියලා. එහෙම සිදුවෙනවා. යුරේනස් මේෂ රාශියට පැමිණි සෑමවිටම ශ්‍රී ලංකාව අනෙක් රටවල් සමග හමුදාමය සහයෝගීතාවන්වලට යොමුවන අවස්ථාවන් වැඩියි. දෙවන ලෝක යුද්ධයේදීත් අපේ රටේ යම් ආකාරයකට සහයෝගීතාවක් පළකලා. ශ්‍රී ලංකාව විදේශ හමුදාවේ ආක්‍රමණයක් ඉන් අදහස් කරන්නෙ නැහැ. විදේශ හමුදාවන්ට සහයෝගීතා මධ්‍යස්ථානයක් බවට පත්වෙනවා. ඉතාම කාර්යබහුල වන, ලෝකය පුරා නමක් දිනාගන්නා රටක් බවට ඉදිරි වසර 7 තුළ පත්වෙනවා.
Q මෙම වසර තුළ අප සමග සමීප සම්බන්ධතාවක් දක්වන රටවල සිදුවන ක්‍රියාවන් ජ්යෝතීර්විද්යානුකූලව පැහැදිලි කළොත්?
යුරේනස් ග්‍රහයා මේෂ රාශියේ ගමන් කිරීමෙන් පසුව දරුණු ගැටුම් තිබෙන සිරියාවේ යුද්ධයට ස්ථිරසාර විසඳුම් අප්‍රේල් මස 08 වැනිදායින් පසුව ලැබෙනවා. ලිබියාව, ඊජිප්තුව, පෘතුගාලය කියන අස්ථාවර කියන රටවල් කිහිපයක්ම නැවත බල සම්පන්නව නැගී සිටිනවා. පීඩාදායක කාලය අවසන් වෙනවා. පසුගිය කාලය තුළ ඔවුන් පීඩාවට පත්වුණා. මම සඳහන් කළ ලිබියාව, සිරියාව, ඊජිප්තුව පෘතුගාලය, මේ රටවල් සියල්ල ලෝකායතන ජ්‍යෝතිෂයේදී අයිතිවන්නේ මීන රාශියට. යුරේනස් ග්‍රහයා කිසියම් රටක ලග්නය රට හරහා ගමන් කරන විට හැමවිම එම රට යුද්ධයන්ට තල්ලු කර දමනවා. රටේ දේශපාලන ස්ථාවර බව ආර්ථික තත්ත්වය අස්ථාවර වෙනවා.
ලිබියාවේ මොහොමඩ් ගඩාෆී ලෝකයටම ණය දුන්න රාජ්‍ය නායකයෙක්. පාලනය අවසන් වීමට පෙර එරට ජනතාවට ඔහු සහනාධාර ලබාදුන්නා. ඒ පාලකයා මෙතරම් ඉක්මනට පහත වැටුණේ යුරේනස් ග්‍රහයා මීන රාශියට පතිතව ගමන් කරද්දී. ඉතා සශ්‍රීක මට්ටමකින් මහා බලසම්පන්න බවකින් තිබූ රට අමුසොහොනක් බවට පත්වෙනවා. ඊජිප්තුව පාලනයටත් සිදුවුණේ ඒ දෙයමයි. සිරියාව, ලිබියාවක් කරන මට්ටමට ආවා. පෘතුගාලය තුළ යුද්ධයක් ඇතිවුණේ නැහැ. නමුත් පෘතුගාලය ආර්ථිකය අතින් හිඟන්නෙක් බවට පත්වුණා. යුරෝපා සංගමයට සිදුවුණා මේ රටට මුදල් පොම්ප කරන්න. යුරෝපා සංගමයට පවා පෘතුගාලයේ ආර්ථිකය කඩා වැටීම දැවැන්ත ප්‍රශ්නයක් බවට පත්වුණා.
2017 අප්‍රේල් 08 වැනිදායින් පසු සෙනසුරු ගමන් කරන්නෙ මේෂ රාශියේ. ඊජිප්තුව පෘතුගාලය වැනි රටවල් අභ්‍යන්තර යුද ගැටුම්, ආර්ථික ගැටලු මැඬගෙන නැවත බලසම්පන්නව නැගී සිටිනවා. එංගලන්තයට බරපතළ ගැටලු ඇතිවෙනවා. ආර්ථික අස්ථාවරත්වය ත්‍රස්ත ප්‍රහාරයක්, රටේ මෙතෙක් පැවැති ස්ථාවරභාවයත් බිඳවැටීම වැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදුෙවනවා. අපේ අසල්වැසි රට ඉන්දියාවටත් එවැනියි. ලෝකායතන ජ්‍යෝතිෂයට අනුව මකර ලග්නයේ. රටේ අභ්‍යන්තර සාමය පිළිබඳ ගැටලුවක් ඇතිවෙනවා. විපක්ෂය බලවත් වෙනවා.
ඒ බලවත් වීම සිදුවන්නේ දැඩි ප්රචණ්ඩකාරීත්වයකින්. ඉන්දියාව පාලනය කරන නරේන්ද්‍ර මෝදි ජනාධිපතිගේ ලග්නය වෘශ්චික. ඔහුගේ පැවැත්මට බලවත් තර්ජනයක් ඇතිවෙනවා. ඔහුට හතුරන් ඇතිවෙනවා. ඔවුන් සමග ප්රචණ්ඩව හැසිරෙන්න උත්සාහ කරනවා. සෞදි අරාබිය අයත් වෙන්නෙ ධනු ලග්නයට. එහිත් විප්ලවකාරී ස්වභාවයක් ඇතිවෙනවා. රාජ්‍ය පාලනය වඩා මහජන හිතකාමී පරිවර්තනයකට ලක්වෙනවා. ප්‍රජාතාන්ත්‍රික අරගල, ප්රගතිශීලී ව්‍යාපාර ඇතිවෙනවා. ලෝකයේ රටවල බලපෑම් සිදුවෙනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

