Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
'මගේ හිතවත් ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන් කිහිප දෙනෙක්ගෙන්ම මම විමසීමක් කළා. ඔවුන් කිව්වේ තෙල් තියෙනවා කියලයි. සද්භාවයෙන් කරපු යහපත් දෙයක් නිසයි මේ තත්ත්වය නිර්මාණය වුණේ. රට ඇතුළට එන්න ගිය බාලතෙල් නැව දෙවරක්ම ප්‍රතික්ෂේප කරලා අපේ අර්ජුන රණතුංග අමාත්‍යතුමා කොන්ද කෙළින් තියාගෙන ගත්තු නිවැරදි තීරණය නොවෙන්න ජනතාවට මීටත් වඩා අපහසුතාවට පත්වෙන්න ඉඩ තිබුණා. පහුගිය රජය වගේ බාලතෙල් ගෙන්වලා හොරෙන්ම ඒවා බෙදාහැරලා ජනතාව අමාරුවේ දාන්න මේ රජය සූදානම් නැහැ.
මේ උද්ගත වෙලා තියෙන තත්ත්වය අනුව ගිවිසුම් ගහලා තෙල් සැපයුම් සම්බන්ධයෙන් තවත් බලය ලබාදුන්නොත් ඔවුන් අපිව පාලනය කරන තත්ත්වයටත් එන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලන කාලේ ගහපු ගිවිසුම් නිසයි මේ දේවල් වෙලා තියෙන්නේ. මේවා ඇතුළෙ තියෙන්නේ ඉතා දරුණු විදිහේ ඩොලර් රජකරන ජාවාරම් සහ දේශපාලනයක්. සමහර විට ඔවුන් දැනට එමින් තියෙන නැවටත් යම් බලපෑමක් කරන්න ඉඩ තියනවා. අපි වගේ තුන්වැනි ලෝකේ රටවලට තමයි මේ ආර්ථික ඝාතකයෝ ඇවිත් මේ වගේ හෙණ ගහන අපරාධ කරන්නේ.
මේ වගේ තෙල් නැවක් යුරෝපයට හරි වෙනත් දියුණු රටකට හරි යැව්වා නම් ඒ රටවල් මේ වගේ උදාසීන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නැහැ. ඔවුන් මේවා බ්ලැක් ලිස්ට් කරලා ඒ කොම්පැනියත් තහනම් කරලා දානවා. නමුත් අපි වගේ ණය බරින් පීඩිත වුණු රටකට ඒ වගේ හයිකාරකම් දාන්න බැහැ. අපි බොහොම දුප්පත් අහිංසක රටක්. මම කියන්නේ අදාළ බලධාරීන් මේ තත්ත්වයන්ට නිසි පියවර ගන්න ඕන. ඒ වගේම ජනතාවගෙනුත් ඉල්ලන්නේ මේ සිදුවීමේ ඇත්ත තත්ත්වය තේරුම් අරගෙන ඉවසීමෙන් කටයුතු කරන්න කියලයි.
මේ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක් බව ආණ්ඩුවම නැවත වතාවක් ඔප්පු කරල තියෙනවා. මේ ප්රශ්නය ඇති කරල තියෙන්නේ තෙල් බෙදාහැරීමේ වෙළෙඳ පොළේ 20෴ක් පමණක් පාලනය කරන අයිඕසී සමාගම. පැහැදිලිවම මෙය නොසැලකිල්ලෙන් හෝ සිතාමතා කළ දෙයක්.
2002 දී වර්තමාන අගමැතිවරයා එවකටත් අගමැති ධුරය දරන සමයේ අපේ රටේ සමස්ත තෙල් පිරවුම්හල්වලින් තුනෙන් එකක ප්‍රමාණයක් අයිඕසී සමාගමට ලබාදෙන්න කටයුතු කළා. තවත් තුනෙන් එකක් භාරත පෙට්‍රල් කියන තවත් ඉන්දියානු සමාගමකට ලබාදීමට කේවල් කරමින් සිටියදී තමයි අපි ඒ ආණ්ඩුව යන්තම් පෙරළ ගන්නේ. එහෙම නොවුණ නම් අද වෙද්දි ලංකාවේ තෙල් බෙදාහැරීමෙන් තුනෙන් දෙකක් හසුරුවන්නේ ඉන්දියාව.
සංස්ථාව සතු ඉන්ධනහල් ප්‍රමාණය වැඩි කිරීමෙන් මහින්ද රාජපක්ෂ යුගයේ අයිඕසී සමාගම සතු ඉන්ධන පිරවුම්හල් ප්‍රමාණය තුනෙන් එකේ සිට පහෙන් එක දක්වා පහළ දැම්මා. එහෙම නොවුණ නම්, අද සීයයට විස්සක් අයිඕසී එකට තිබියදී අර්බුදය මෙහෙම නම් සීයට තිස්තුනේ මට්ටමේ ඔවුන් සතු ඉන්ධන හල් ප්‍රමාණය තිබුණා නම් ඇති වන අර්බුදයේ තත්ත්වය අපිට හිතාගන්න පුළුවන්. මේ වගේ සරල ප්‍රශ්නයක්වත් විසඳාගන්න බැරි ආණ්ඩුවකින් ජනතාවට තියන ප්‍රයෝජනය මොකක්ද?
'ඛනිජ තෙල් ක්ෂේත්රයේ විතරක් නෙවෙයි විදුලිබල ක්ෂේත්රයෙත් හිඟයක් නිර්මාණය කරලා වැඩි මිලට ගැනීමේ මාෆියාවක් මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වෙනවා. ජනතාව මේ ඇත්ත දැනගත යුතුයි. ඉන්දියානු ඔයිල් සමාගමට අයත් නැවක් ඔක්තෝම්බර් 15 වැනිදා ලංකාවට එනවා. නමුත් ඒ තෙල්වල ප්‍රමිතිය අනුමත කළ නොහැකි බව 17 වැනිදා වෙද්දි හෙළිදරව් වුණා. ඒ වගේම ඒ වෙද්දිත් දින 15කට පමණ ප්‍රමාණවත් තෙල් තොග අපි සතුව තිබුණා. ඒ අතරවාරයේ තෙල් පිරිපහදුව අක්‍රීය වෙලා තෙල් ටොන් 550ක සැපයුමක් අපිට අහිමි වුණා. හරිනම් තෙල් නැව එන්න තිබුණේ පසුගිය 03 වැනිදා. නමුත් දැන් නැව එන්නේ 09 වැනිදා. ඉතින් මේ ආකාරයට තෙල් නැව් ප්‍රමාද වීම, පිරිපහදුව හිටිහැටියේ අක්‍රීය වීම සහ ඒ ඔස්සේ තෙල් හිඟයක් නිර්මාණය වීම සිදුවුණේ ස්වාභාවිකවමද කියලා අපිට සිතා බලන්න වෙනවා. මේ මාෆියාවන්ට විරුද්ධව මාත් කාලයක්ම සටන් කළා. මගේ කාලයේත් මේ වගේම තෙල් හිඟයක් ඇති කරන්න කටයුතු කරපු අවස්ථා තියෙනවා. නමුත් අපි ඒක සාර්ථකව මර්දනය කළා. රටේ පෙට්‍රල් අවශ්‍යතාව දිනකට ටොන් 2500ක් විතර වෙනවා. පිරිපහදුව මගින් දිනකට ටොන් 550ක් වැනි ප්‍රමාණයක් තමයි නිකුත් කරන්නේ. ඒ අනුව ටොන් 2000ක් පමණ බාහිරින් සැපයිය යුතු වෙනවා. 2015 වසර වෙද්දිත් කොළොන්නාව සහ මුතුරාජවෙල පෙට්‍රල් ගබඩා කිරීමේ ධාරිතාව තිබුණේ ආසන්න වශයෙන් ටොන් 60000ක්. මම දින 100 වැඩසටහනේ තෙල් ඇමති විදියට වැඩ භාරගත්තට පස්සේ ඒක 90000ක් දක්වා වැඩි කළා.
ඊයේ පර්ලිමේන්තුවේදී දැක්වූ අදහස්
ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. ඒ නිසා මහජන ජීවිතයට සහ ආර්ථික කටයුතුවලට ඉමහත් බාධාවක් සිදුව තිබෙනවා. මේ නිසා රටම කැළඹිලා තිබෙනවා. මේ ප්රශ්නය තවදුරටත් පවතිනවාද? නිරාකරණය කරන්නේ කවදාද? යන්න පිළිබඳවත් අමාත්‍යවරයා දැනුවත් කළ යුතුයි. ඒ වගේම ඉන්ධන ගබඩා තොග පවත්වා නොගැනීම පිළිබඳ වගකියන්නේ කවුද? දැන් අපිට ත්‍රිකුණාමලය තෙල් ටැංකි නැහැ. හම්බන්තොට තෙල් ටැංකි නැහැ. පිරිපහදුවෙත් අර්බුදයක් තිබෙනවා. මේ අර්බුදය මගහරවා ගැනීමට ගන්නා පියවර මොනවාද? වගකීම භාරගන්නේ කවුද?
නියමිත පටිපාටියකට අනුව තෙල් ගෙන්වීමේ ක්‍රමවේදයක් තිබුණත්, නියමිත පටිපාටිය අනුගමනය නොකරමින් ස්ථානීය මිලදී ගැනීම් සඳහා තෙල් නැව් 05ක් ගෙන ඒමට පසුගිය කාලයේ කටයුතු කර තිබෙනවා. මේ නිසා ඩොලර් මිලියන 40ක ඉතා බරපතළ හානියක් සිදුව තිබෙනවා. ත්‍රිකුණාමලය චීන වරායේ තෙල් ටැංකි 99ක් තිබුණත්, 2003 වසරේදී වත්මන් අගමැතිවරයා විසින්ම වසර 35ක කාලයකට අයිඕසී සමාගමට ලබා දී තිබෙනවා. ඒ තුළින් ඔවුන් සැබැවින්ම භාවිත කරන්නේ ටැංකි 09ක් පමණයි. ඉතිරි තෙල් ටැංකි 10 තෙල් සංස්ථා පරිහරණයට ලබාගැනීමට ගත් තීරණය අගමැතිවරයා විසින් කැබිනට් පත්‍රිකාවක් දමා අහෝසි කර තිබෙනවා. සපුගස්කන්ද පිරිපහදුන අකර්මණ්‍ය වීම තවත් හේතුවක්. 2007 දී පිරිපහදුවක් ඉදිකිරීමට මුල්ගල තැබුවත්, එය සිදුව නැහැ. මේ නිසා අයිඕසී සමාගම අත්තනෝමතිකව හිතාමතා පොරොන්දු කඩකරමින් තෙල් නොගෙන්වා රට තුළ කුමන්ත්රණකාරී ලෙස අර්බුදයක් නිර්මාණය කොට ඇති වන තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් බාලතෙල් නැව ගොඩබෑමට ප්රයත්න දරන බවට වෘත්තීය සමිති සාධාරණ සැකයක් මතුකරනවා.
තෙල් නොමැතිකම නිසා අද බොහෝ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි වී තිබෙනවා. මේ පිළිබඳව කථානායකතුමා සොයාබැලිය යුතුයි. තෙල් නොමැති වීම නිසා ඇතැම් වාහන නවතා තබා ජනතාව බෝතල්වලට තෙල් අරගෙන යන්න එනවා. නමුත් ඉන්ධනහල් වලින් බෝතල්වලට තෙල් ලබාදෙන්නේ නැහැ. ඇයි එහෙම කරන්නේ. මෙය ප්‍රායෝගිකව හිතා බලා පියවරක් ගන්න. තෙල් නැතිව වාහනයක් අතරමග නැවතුණාම කොහොමද ඒ අය ඒ වාහනේ ඉන්ධන හලට රැගෙන එන්නේ. ඒ තීරණය වෙනස් කරනවාද කියලා ඇමතිතුමා කියන්න.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි ප්‍රතිසංස්කරණය කිරීමට ඛණිජතෙල් සංස්ථාවට 2003 දී හැකියාව තිබුණේ නැහැ. මෙය සිදුකිරීමට ඉන්දියාව එකඟ වුණා. ඉන්දියාව එකඟ වුණේ නැතිනම් අපි වෙනත් රටක් තෝරා ගන්නවා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංවර්ධනය කළොත් ලංකාවට අවශ්‍ය තෙල් සම්පූර්ණයෙන් ගබඩා කරන්නටත්, ඉන්දියාවට කොටසකට අවශ්‍ය තෙල් ගබඩා කරන්නත් හැකියාව තිබෙනවා. තෙල් මධ්‍යස්ථානයක් බවට එය පත් කරන්න පුළුවන්. 2003 ඇති කළ අයිඕසී ආයතනය සම්බන්ධයෙන් චෝදනා කළා. අයිඕසී එක හොඳ නැතිනම් පසුගිය අවුරුදු දහයේදී එක් අහෝසි කරන්න තිබුණනේ. ඇයි කළේ නැත්තේ. චීනයේ හම්බන්තොට අලුත් පිරිපහදුවක් හදනවා. අයිඕසී වහන්න කියලා කියන කාරණයට මම එකඟ නැහැ. ඒ වගේම ලබන 09දා වනවිට ඉන්දියාවෙන් තවත් තෙල් නැවක් ලංකාවට පැමිණෙනවා. ජනාධිපතිතුමා සහ මම ඉන්දියානු මහ කොමසාරිස්තුමාට කතා කළා. ඒ අනුව එය සිදුවෙනවා. ලබන 09දා වනවිට නැව් දෙකක් ලංකාවට එනවා. ඒ අනුව තෙල් ප්රශ්නය විසදාගන්න අපිට පුළුවන්.
රට තුළ ඩීසල්වල කිසිම හිඟයක් නැහැ. ඩීසල් අවශ්‍ය පමණින් තිබෙනවා. නමුත් අද වනවිට ඇතැම් ඉන්ධන හල්වල ඩීසල් බෙදන්නෙත් නැහැ. පෙට්‍රල් හිඟයක් තිබෙනවා. මේ ිසා වැඩි වශයෙන් අපහසුතාවට පත්වෙලා සිටින්නේ ත්‍රිරෝද රථ සහ යතුරුපැදිකරුවන්. ලබන 09දා සිට තෙල් සාමාන්‍ය පරිදි බෙදාහරින්නට පුළුවන්. අයිඕසී සමාගමේ තෙල් නැව පරීක්ෂණ 02කදීම අසාර්ථක වුණා. පසුගිය 02දා ලංකාවට පැමිණීමට තිබුණ තෙල් නැව දින කිහිපයක් ප්‍රමාද වුණා. ඒ වගේම මේ කාලසීමාවේදී තෙල් පිරිපහදුවත් තෙල් බෙදාහැරීමේ පරිගණක ජාලයත් අක්‍රීය වුණා. මේ සියල්ල පිළිබඳව සැකයක් තිබෙනවා. තෙල් මාෆියාවක් තිබෙනවා. රටේ තෙල් ප්රශ්නය විසඳුන පසුව අපි මේ ගැන සොයා බලනවා. සාමාන්‍යයෙන් ලංකාවේ දෛනික තෙල් ඉල්ලුම මෙට්‍රික් ටොන් 2500ක් පමණ වෙන්නේ. නමුත් මේ වනවිට තෙල් ඉල්ලුම මෙට්‍රික් ටොන් 47000 දක්වා වැඩි වී තිබෙනවා. පසුගිය සෙනසුරාදා තෙල් මෙට්‍රික් ටොන් 2800ක් නිකුත් කළා. ඉරිදා තෙල් නිකුත් නොකරන දවසක් වුවත් තෙල් මෙට්‍රික් ටොන් 963ක් නිකුත් කළා. සඳුදා මෙට්‍රික් ටොන් 2623ක් නිකුත් කළා. අඟහරුවාදා මෙට්‍රික් ටොන් 3000ක් නිකුත් කළා. එහෙම උනත් තෙල් ප්රශ්නය තවමත් තිබෙනවා. තෙල් මාෆියාව නැති කරන්න මෙම ක්‍රමවේදය වෙනස් කරන්න අවශ්‍යයයි. ඒ සම්බන්ධයෙන් අපි ක්‍රියාත්මක කරනවා. අපි ප්‍රතික්ෂේප කළ තෙල් නැව දින 14ක් තිස්සේ ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේ නවතා තිබෙනවා. නමුත් අපි ඒ තෙල් ලබාගැනීම ප්‍රතික්ෂේප කළා. මේ නැවේ තෙල් ලබාගන්න කියා විවිධ පාර්ශ්ව බලපෑම් කළා. නමුත් මම වගකීමෙන් කියනවා ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා මේ සම්බන්ධයෙන් මට කිසිම දෙයක් කිව්වෙ නැහැ. රටට හානිවන කිසිම දෙයක් මම කරන්නේ නැහැ. තෙල් හිඟයක් පවතින මේ අවස්ථවේදී ඇතැම් අය බෝතල්වලට තෙල් අරගෙන වැඩි මිලට විකිණීමේ කූඨ ව්‍යාපාරයක නිරත වෙනවා. එවැනි දේ කරන්න දෙන්න බැහැ. ඒ නිසා බෝතල්වලට තෙල් නිකුත් කරන්න බැහැ. මේ නිසා සාධාරණ හේතු තිබෙන ජනතාවට අසාධාරණයක් වෙනවා. ඒ ගැන මම කණගාටු වෙනවා. නමුත් එය වෙනස් කරන්න බැහැ.
නඳුන් ශ්‍යාමාල් / චාමර සම්පත්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd