Trend එකට යන්න මම කැමති නැහැ
සනුක වික්‍රමසිංහ යනු අද ලංකාවේ තරුණ පරපුර අතරේ කැපී පෙනෙන තරුවකි. මේ වනවිට ඔහුගේ නවතම ගීතය එළිදක්වා ඇති අතර, ඔහු එය 'පෙරවදනක්' ලෙස නම් කර තිබේ. ඔහු ඒ පිළිබඳව අපට පැවැසුවේ මෙවැන්නකි.
Q මෙවැනි සංකල්පයේ මියුසික් එකක් කළේ ඇයි?
මම ඇත්තටම කරපු වැඩේ මම සිංදුව හදලා ඉවර වෙලා Mama's Boys Films කියන කට්ටිය බාර දුන්නා. ඒ අය මේ Concept එක හදලා, සිංදුවේ ලියැවිලා තියෙන තේරුමට ඒ අය කතාවක් ගොඩ නැගුවා, ඒකට හානියක් නොවෙන්න.
ඒ අය තමයි වීඩියෝව සම්පූර්ණයෙන් Build කළේ. ඉතිං ඒ අයගේ Concept එකට මම කැමති වුණා. දැන් ඉතිං ඒ අවසන් ප්‍රතිඵලය හැමෝටම බලන්න පුළුවන්.
Q නිර්මාණය වන Trend එකෙන් ඔබ්බටයි ඔබේ ගීත නිර්මාණය වෙන්නේ, ඔබ මේ Trend එකට අකමැතිද? නැතිනම් විවිධ ශෛලීන්වල ගීත කරන්න කැමතිද?
ඇත්තටම Trend එකට යන්න මම කැමතිත් නැහැ. මම කැමති එක එක Stylesවල සිංදු හදන්නයි. මේක එක Style එකක්. ලංකාවේ සුභාවිත ගීත පැත්ත Follow කරලා ඒ විදිහට කරන්න ගත්ත Try එකක්. තාම එළිදැක්වූවා විතරයි. හොඳ ප්‍රතිචාර හම්බෙනවා. මේ වනවිට ලංකාවේ Trading 01 වෙලා ඉවරයි.
Q ‘පෙරවදනක්’ තුළින් කියන්න යන්නේ?
‘පෙරවදනක්’ ගීතයේ වීඩියෝව තුළින් දෙන්න හදන පණිවුඩය ගැන මට වඩා Mama's Boys Films එකේ Team එකේ කට්ටිය හොඳ අදහසක් දෙයි කියලා මම හිතනවා. මේ ගීතය රචනා කළේ උමා අසේනි කියන අක්කා. එයා ලියලා තිබුණු සිංදු කිහිපයක් මට දීලා තිබුණා.
ඒකෙන් හිත ගත්ත එක තමයි මේ 'පෙරවදනක්' කියන්නේ. ගීතය ගැන කිව්වොත්, අපිට එකම විදිහේ සිංදු හදන්න අවශ්‍ය නැහැ. අපට වෙනවෙන Style ඕන තරම් තියෙනවා මේ ලෝකේ. මේ රටෙත් තියෙනවා. අපට අවශ්‍ය වෙලා නිදහසේ නිර්මාණයක් කළා නම් හරි. රාමුවල කොටු නොවී නිර්මාණ කළා නම් හරි.
Q තවත් නිර්මාණයක් කවද්ද එන්නේ?
ඇත්තටම කාලයක් කියන්න අමාරුයි. ප්ලෑන් කළාට මාස 3කින් විතර කරනවා කියලා, විවිධ ප්‍රශ්න මතු වෙනවා. ඉතිං තවත් කල් යනවා.
මේකත් එහෙමයි. ඒත් ඉස්සරහට කරන හැම දෙයක්ම උපරිමයෙන්ම මගේ මහන්සියෙන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
ඡායාරූප - මිගාර විජයංග
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

