හොඳම සිනමා කෘතියට The Shape of Water ඔස්කා සම්මානය දිනයි
90 වැනි ඔස්කා සම්මාන උළෙල අද දිනයේ නිමාවට පත්වුනු අතර එහි හොඳම චිත්රපටය බවට පත්වන්නට ගුලියාමෝ ඩෙල් ටෝරෝ සහ මයිල්ස් ඩේල් අධ්යක්ෂණය කළ ද ෂේප් ඔෆ් වෝටර් චිත්රපටය සමත් විය.
සුප්රකට සිනමා අධ්යක්ෂණ ක්රිස්ටෝපර් නෝලාන් අධ්යක්ෂණය කළ චිත්රපටයක් වන් ඩන්කර්ක්ද සිනමා සම්මාන ගොන්න අතරේ නිර්දේශ වී තිබුනද, බොහෝදෙනෙකු The Shape of Water චිත්රපටය සම්බන්ධයෙන් බළාපොරොත්තු තබා සිටියේ එය සම්මාන අතර වැඩි නිර්දේශ ප්රමාණයක් වන සම්මාන ශීර්ෂ 13කට නිර්දේශව තිබූ බැවිනි.
අතිදක්ෂ නළු ගැරී ඕල්ඩ්මන් විශිෂ්ඨතම නළුවා ලෙසින් සම්මාන දිනාගත්තේ ඩාකස්ට් අවර් චිත්රපටය වෙනුවෙනි.
ෆ්රාන්සස් මැක්ඩෝමන්ට් සිය විශිෂ්ඨ රංගන සොබාව පිලිබිඹු කරමින් හොඳම නිළිය වෙනුවෙන් සම්මානය දිනා ගත්තේය.
හොඳම සහය නළුවා ලෙස සෑම් රොක්වෙල්, සහය නිළිය ලෙස ඇල්සන් ජැනී, සිනමාරූපකරණය වෙනුවෙන් බ්ලේඩ් රනර් 2049 චිත්රපටය, අධ්යක්ෂණය වෙනුවෙන් ද ෂේප් ඔෆ් වෝටර් අධ්යක්ෂක ගුලියර්මෝ ඩෙල් ටෝරෝ, හොඳම සංස්කරණය ඩන්කර්ක්, සංගීත අධ්යක්ෂණ්ය ඇලෙක්සැන්ඩර් ඩෙස්ප්ලැට්, හොඳම තිර රචනය ලෙස ගෙට් අවුට් ලියූ ජෝර්ඩන් පීලේ සහ හොඳම අනුවාදක තිර රචනයට කෝල් මී බයි යුවර් නේම් ලියූ ජේම්ස් අයිවරි සම්මාන දිනාගත්හ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
