හොලිවුඩ් නළු මාර්ක් සැලින්ගේ ජීවිතයේ අඳුරු පැතිකඩක් එළි වීමෙන් පසුව බොහෝ කලබලකාරී ලෙස ඔහු හැසිරෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. පසුගිය අගෝස්තු මාසයේදී ඔහුගේ පරිගණකය තුළ තිබූ කුඩා ළමයින්ගේ නිරුවත් ඡායාරූප සහ තවත් අසැබි දර්ශන රැසක් පොලීසිය විසින් සොයාගනු ලැබීමෙන් ඔහුට මෙම වාතාවරණය උදාවී තිබේ.
මේ සිදුවීමෙන් පසුව මාර්ක්ට එරෙහිව නීතිමය පියවර ක්‍රියාත්මක විය. මෙම කාරණාව හේතුවෙන් අපකීර්තිමත් පුද්ගලයෙකු ලෙස ඔහුට බොහෝදෙනා දොස් පවරනු ලැබීය. ඒ හේතුවෙන් මාර්ක් පසුගියදා සිය දිවි හානිකර ගැනීමට උත්සාහ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මාර්ක් තම අතක මැණික් කටුව අසලින් කපාගෙන තිබූ අතර, මේ බව දුටු අසල්වැසියෙකු විසින් 911 අමතා ගිලන් රථයක් ගෙන්වා ඔහුගේ ජීවිතය බේරාගෙන තිබේ.
පොලීසිය මේ කාරණාව සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව සඳහන් කර තිබුණි. තවද මොහුට කුඩා ළමයින් ගැවෙසෙන ස්ථානවලින් ඉවත්ව සිටීමට අණ කර තිබෙන අතර, මොහු අතින් අපචාරයට ලක්වූ කුඩා ළමයින් වෙනුවෙන් ඩොලර් 50,000 බැගින් මුදලක් ගෙවීමටද නියම කර තිබේ.