2017 වසරේ අවසානයත් කෙමින් කෙමින් ළංවෙමින් තිබේ. මේ වසර සඳහා නිෂ්පාදිත බොහෝ චිත්‍රපට එළිදැක්වීමට තිබුණද, එහි ප්‍රධාන ගණයට අයත් වන්නේ චිත්‍රපට කිහිපයක් පමණි. ඒ අතරින් මේ වසරේ අවසානයට එළිදැක්වීමට ඇති චිත්‍රපටයක ප්‍රචාරණ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. එනම් දෙසැම්බර් මාසයේ 22 වැනිදා එළිදැක්වීමට නියමිත 'බ්‍රයිට්' චිත්‍රපටයයි. එහි ප්‍රධාන චරිතය සඳහා රංගනයෙන් දායක වන්නේ විල් ස්මිත්ය. මෙම චිත්‍රපට මනඃකල්පිත චිත්‍රපටයක් ලෙස නිර්මාණ කර තිබේ. ෆැන්ටසි ප්‍රභේදයට අයත් වන මෙම චිත්‍රපටයේ බෙදාහැරීමේ කටයුත්තේ සිට ප්රචාරක වැඩසටහන් සඳහා මූලිකව කටයුතු කරනු ලබන්නේ නෙට්ෆිල්ක්ස් සමාගමයි. %බ්‍රයිට්^ චිත්‍රපටයේ ප්‍රචාරකපටය නැරඹූ බොහෝදෙනා මෙම චිත්‍රපටය සඳහා විශේෂ කැමැත්තක් දක්වන බව සඳහන් වෙයි. හැරී පොටර් චිත්‍රපටයේ ඇති මායා ලෝකයක් තුළ මෙම චිත්‍රපටයේ ඇතැම් කොටස් නිර්මාණය වීමත් විශේෂ කාරණාවකි. එමෙන්ම මෙම නිර්මාණයේ ප්‍රධාන නිළිය ලෙස කටයුතු කරනු ලබන්නේ නවක නිළියකි. ඇය නමින් ලුසී ෆ්‍රයි නම් වේ. ලුසී සිනමා නිර්මාණ සඳහා පිවිසියේ 2014 වර්ෂයේදීය. නමුත් ඇය 2010 වසරේ සිට රූපවාහිනී තිරය තුළ බොහෝදෙනාගේ කතාබහට ලක් වූ චරිතයකි.
ඇයගේ සැබෑ නාමය වන්නේ ලුසී එළිසබෙත්ය. ඇය උපත ලබා ඇත්තේ ඔස්ට්‍රේලියාවේ වූලූවින් නම් ප්රදේශයේය. 2009 වර්ෂයේදී මුල්ම වශයෙන් රංගනයෙන් දායක වීමට ලුසීට අවස්ථාව උදාවී ඇත්තේ Instead of Breakfast නම් කෙටි චිත්‍රපටයකිනි. ඉන්පසු ඇය පුංචි තිරයේ රසිකාවියක් විය. ඒ 2010 වර්ෂයේදී H2O: Just Add Water නම් රූපවාහිනී කතාමාලාව සඳහා දායක වීමෙනි. එහි ඇය දායක වූයේ අතුරු චරිතයක් සඳහාය. ඉන්පසු ඇයට 2012 වර්ෂයේදී විකාශනය වූ Lightning Point නම් රූපවාහිනී කතාමාලාවේ ප්‍රධාන චරිතය සඳහා රංගන වරම් හිමි විය. එහි කතාංග 26ක් සඳහා දායක වීමට ඇයට අවස්ථාව උදාවිය. ටෙලිනාට්‍ය කලාව තුළ ඇයගේ අනන්‍යතාව කෙමෙන් කෙමෙන් ගොඩනැගුණු අතර, 2013 වර්ෂයේදී ඇයට නැවතත් රූපවාහිනී කතාමාලාවක් සඳහා දායක වීමට වරම් හිමි විය. ඒ Reef Doctors නම් රූපවාහිනී කතාමාලාවයි. එම වසරේදීමට ඇය නැවතත් Mako: Island of Secrets නම් රූපවාහිනී කතාමාලව සඳහා දායක වී ඇත.
රූපවාහිනී තිරය මත තරුවක් වූ ඇය සිනමාවට පිවිසෙනු ලබන්නේ 2014 වර්ෂයේදීය. ඒ Vampire Academy නම් චිත්‍රපටය ඔස්සේය. ඉන්පසු 2015 වර්ෂයේදී දායක වූ Now Add Honey චිත්‍රපටය ඇය රංගනයෙන් දායක වූ දෙවැනි චිත්‍රපටයයි. එම වසරේදී ඇයට තවත් චිත්‍රපටයක් සඳහා රංගන වරම් හිමිවිය. ඒ The Preppie Connection නම් චිත්‍රපටය සඳහාය. 2016 වර්ෂයේදී ලුසී චිත්‍රපට දෙකක් සඳහා දායක විය. එහි එක් චිත්‍රපටයක් වන Mr.Church චිත්‍රපටය පසුගියදා එළිදැක්වූ අතර, එතරම් ආදායම් වාර්තා අතරට නොපැමිණුනි. ලුසී එම වසරේදීම දායක වූ The Darkness චිත්‍රපටය ආදායම් වාර්තා අතරට පැමිණුනි. එම වසරේදීම නැවත ඇය රූපවාහිනී කතාමාලාවක් සඳහා දායක වූ අතර ඒ %11.22.63^ රූපවාහිනී කතාමාලාවයි. 2016 වර්ෂයේදී ඇය අවසාන වශයෙන් Wolf Creek නම් රූපවාහිනී කතාමාලාව සඳහා රංගනයෙන් දායක විය. 2017 වසර ලුසීගේ රංගන ජීවිතයේ අභියෝගාත්මක වසරකි. ඒ තිරගත වීමට නියමිත %බ්‍රයිට්^ චිත්‍රපටය හේතුවෙනි. පසුගිය වසරේ රූපවාහිනී කලාවට සමුදුන් ලුසීගේ ප්‍රධාන බලාපොරොත්තුව ලෙස ඇය සඳහන් කරන්නේ සිනමා නිළියක ලෙස ඔස්කා සම්මානයක් ලබා ගැනීමයි.