රාම්ලීලා චිත්‍රපටය හරහා ඉතාමත් ජනප්‍රියත්වයට පත්වූ රන්වීර් සිං හා දීපිකා පදුකෝනි විවාහ දිවියට ඇතුල් වී ඇති බවට කටතකාවක් පැතිරෙමින් පවතී. මේ පිළිබඳව සත්‍යතාවය සොයා බැලීමේදී, ඔවුන් දෙදෙනා රංගනයෙන් දායක වන නවතම සිනමා නිර්මාණය වන 'Finding Fanny Fernandes' චිත්‍රපටියේ මොවුන් අඹුසැමියන් වශයෙන් රංගනයෙන් දායකවන බව ආරංචි මාර්ග පවසයි.
හොමි ඇන්ඩසන් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා අර්ජුන් කපූර් වන අතර, රන්වීන් සිං ආරාධිත රංගනයෙන් දායකවෙයි. 2013 වර්ෂයේදී මෙහි රූගත කිරීම ආරම්භ කෙරුණු අතර, එළඹෙන ජූලි මාසයේදී ඉංග්‍රීසි සහ කොන්කානි භාෂාවලින් මෙය එළිදැක්වීමට නියමිතය.
ඉම්රාන් හසීම්ගේ පුත් නැවත උපදී
'මර්ඩර්' සිනමාපටය හරහා ජනප්‍රියත්වයට පත් වූ ඉන්දියානු ප්‍රවීණ නළු ඉම්රාන් හසීම්ගේ අවු 04 හැවිරිදි හයියාන් පුතුගේ වකුගඩුවේ හටගත් පිළිකා තත්ත්වය සුවකීරිමට 'හින්දුජා' රෝහලේ වෛද්‍යවරුන් කණ්ඩායමක් සමත්වී ඇත. ඉම්රාන්ගේ පුත් හයියාන් පරීක්ෂණ වලට භාජනය කිරීමෙන් අනතුරුව වකුගඩුවේ පිළිකාවක් හටගෙන ඇති බවත්, ඉක්මනින් සැත්කමක් සිදුකළහොත් රෝගී තත්ත්වය සුව කළ හැකි බවත් වෛද්‍යවරු පවසා ඇත.
පසුගියදා (16දා) එම සැත්කම සාර්ථකව නිම කර ඇත. මේ වනවිට හයියාන් පුතු සුවෙන් පසුවන බවත්,තම පුතු නැවත ඉපදුනු බවත් ඉම්රාන් එරට මාධ්‍ය වෙත පවසා ඇත.
ඩිලාන් ක්‍රිෂාන්ත