පාෂාණයට නව අරුතක්
අද වනවිට ලෝකයේ බොහෝ ප්‍රසිද්ධියට පත් වූ විවිධ නිර්මාණ හැකියාවන් ඇති කලාකරුවන් පිළිබඳව මෙම ලිපි මාලාව තුළින් පාඨක ඔබව දැනුවත් කරනු ලැබූ බව අපගේ විශ්වාසයයි. මේ එවන් වූ තවත් නිර්මාණකරුවෙකු පිළිබඳව තොරතුරුයි.
José Manuel Castro López නම් වූ මෙම කලාකරුවා වෙනස් නිර්මාණකරුවෙකු ලෙස හැඳින්වීමට බොහෝ හේතුසාධක තිබේ.
ඔහු නිර්මාණකරුවෙකු පමණක් නොවේ, මූර්ති ශිල්පියෙකුද වෙයි. ඔහු සිය මූර්ති නිර්මාණය කරනු ලබන්නේ අප කවුරුත් නොසිතන ද්‍රව්‍යයක් උපයෝගීකර ගනිමිනි. ස්පාඤ්ඤ ජාතිකයෙකු වන මොහුගේ මූර්ති නිර්මාණ වන්නේ පාෂාණ උපයෝගී කර ගනිමිනි.
ඔහු විසින් පාෂාණයක පවතින හැඩයට කිසිදු වෙනස්කමක් නොකර මූර්ති නිර්මාණය කර, එයට විවිධ වූ අලංකරණයන් එක්කරයි. පාෂාණයක් සඳහා එවන් වූ අලංකරණයන් එක්කිරීම සැබවින්ම සුවිශේෂිය. ඔහු එකී කටයුත්ත සිදුකරන ආකාරය සම්බන්ධයෙන් කිසිදු අදහසක් මාධ්‍යයකට හෝ වෙබ් අඩවියකට පවසා නොමැත.
ඔහු මෙම කාර්යය සිදුකරන්නේ කුමක් උපයෝගී කරගනිමින්ද යන්න බොහෝදෙනාට තවමත් ගැටලුවකි. මේ වනවිට 63 වැනි වියේ පසුවන ඔහුගේ නිර්මාණ හැකියාවට වඩා පාෂාණයක මෙවැනි නිර්මාණයක් කිරීමට ඇති හැකියාව පිළිබඳව බොහෝදෙනාගේ අවධානය යොමුව තිබේ.
කලාව, හැකියාව, තාක්ෂණය ආදී මේ සෑම අංශයක්ම යොදාගනිමින් සිදුකරන මොහුගේ නිර්මාණ ඉතා විශාල මිලකින් යුක්ත අතර, එකී නිර්මාණ පිළිබඳව බොහෝදෙනාගේ අවධානය යොමුව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.






