ප්රවීණ සංගීතඥයෙකු වන සෝමපාල රත්නායක මහතා අභාවප්රාප්ත වෙයි
- 18 07 2017
- 10:54
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
ප්රවීණ සංගීතඥයෙකු හා වාදන ශිල්පියෙකු වන සෝමපාල රත්නායක මහතා අභාවප්රාප්ත විය.අභාවප්රාප්ත වනවිට ඒ මහතා 69 වැනි වියේ පසුවිය.
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් හෙතෙම ඊයේ (17දා) කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබූ අතර, එහි ප්රතිකාර ලබමින් සිටියදී අද (18දා) අලුයම අභාවප්රාප්ත වී තිබේ.
දේහය දැනට වත්තල, උස්වැටකෙයියාව පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබේ. අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.
සෝමපාල රත්නායක මහතා වික්ටර් රත්නායක මහතාගේ සොහෝයුරාද වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
