ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 16 වන සඳුදා
ළබාල කාලයේ සිට මහලු විය දක්වා මිනිසුන් සතු නිර්මාණ ශක්තිය පිළිබඳව අද බොහෝදෙනෙකු වටහාගෙන ඇත. එවැනි නිර්මාණකරණ සමාජයක් තුළ විශිෂ්ට නිර්මාණ ශිල්පියෙකු ලෙස Ruby Silvious හැඳින්විය හැකිය. Ruby Silvious යනු තාක්ෂණික මට්ටමෙන් දියුණුව කරා යනු ලැබූ නිර්මාණකාරිනියකි. අද සෑම නිර්මාණයක්ම පරිගණකය ආශ්රිතව සිදුකිරීමට හැකියාව තිබුණද, ඇය පරිගණක ආශ්රයෙන් නිර්මාණ ඉදිරිපත් කිරීම ප්රතික්ෂේප කර තිබේ. ඇය විෂුවල් ආර්ටිස්ට් කෙනෙකු සහ පරිගණක නිර්මාණ ශිල්පියෙකු ලෙස සේවය කරනු ලැබුවද තමන්ගේ වෘත්තීය පසෙකලා ඇය ස්වකීය නිර්මාණයන් සිදුකරනු ලබයි.
Ruby සිය නිර්මාණයන් සඳහා නවමු අදහස් එක් කිරීමට සමත්ව තිබේ. එහිදී ඇය 363 Days of Tea පොතක් නිර්මාණය කර ඇති අතර, ඒ සඳහා නිර්මාණ 363ක් එකතු කරනු ලැබීය. මෙම නිර්මාණ පොත සඳහා ඇය භාවිත කරනු ලැබුවේ Tea Bag 363කි. ඒ සඳහා කරනු ලැබූ සිතුවම් එක්කොට එක් නිර්මාණයක් ලෙස එළිදක්වනු ලැබීය. මෙම නිර්මාණ පොත නිව්යෝර්ක් හි පිහිටි තේ අලෙවි සැලක් විසින් මිලට ගෙන තිබේ. ඒ සඳහා ඇයට විශාල මුදලක් ගෙවනු ලැබීය. ඉන්පසු ඇය මෙවැනි අලෙවි සැල් සහ හෝටල් සඳහා ඔවුන් භාවිත කරනු ලබන Tea Bag භාවිත කර Coffee Table පොතක් එළිදක්වන ලදී.
2015 දී ආරම්භ කරනු ලැබූ මෙම නිර්මාණයන් මේ වන විට ලෝකයේ බොහෝ ලෙස කතාබහට ලක්ව තිබේ. මීට අමතරව Ruby තවත් නිර්මාණ සංකල්පයන් නිර්මාණ කලාවට හඳුන්වාදී තිබේ. ඇය චිත්ර නිර්මාණ ශිල්පිනියක ලෙසද සම්මානලාභිනියකි. කුඩා කාලයේ සිටම නිර්මාණ කලාව තුළින් ජයග්රහණයන් අත්කර ගනු ලැබූ ඇය 1998 වසරේදී දියසායම් මගින් කරන ලද සිතුවමකට තරගයකදී පළමු ස්ථානයද හිමිකරගෙන තිබේ.
2009 වසරේදී පැවති ජනතා සම්මාන උලෙළේදීද ඇයට සම්මානයක් හිමි වී තිබේ. ඉන්පසු 2011 වසරේදීද එම ජනතා සම්මානය ලබා ගැනීමට ඇයට හැකියාව ලැබිණි. මේ ආකාරයෙන් 2015 වසර වන විට ඇයට තවත් සම්මාන 02ක් සඳහා උරුමකම් කීමට හැකියාව ලැබිණි. 2012 Ruby චිත්ර නිර්මාණ ප්රදර්ශනයක්ද පවත්වා ඇති අතර, එය ඉතාමත් සාර්ථකව නිමකර ගැනීමට හැකියාව ලැබුණු බවද සඳහන් වෙයි.
popular news
ඉන්දිය දුම්රිය එන්ජින් ලංකාවට වාසිදායකයි
’ඇතැම් අස්වැසුම ගිණුම් හිමියන්ට මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතුත් තිබෙනවා’
සජබ ජාතික ලැයිස්තු මන්ත්රීවරුන් නම් කරයි
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
හිටපු ජනපතිවරුන්ගේ පොලිස් ආරක්ෂාවේ වැය බරින් තුනෙන් එකක්ම මහින්ද රාජපක්ෂට
මිල ඉහළ යාමත් සමග සහල් තොග වැඩි වැඩියෙන් වෙළඳපොළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd