ජීවිතය කලාව කරගත් Charlene Lanzel
කලාකෘතියක සාර්ථක අවසානයක් දකින්නට නම් බොහෝ සේ කෙනෙකු වෙහෙසිය යුතුය. එම වෙහෙසීමේ ඵලයක් තිබේද නැද්ද යන්න දැනගැනීමට අවසාන ප්‍රතිඵලය තෙක් ඉවසිය යුතුය. එලෙස වෙහෙසීමෙන්, ඉවසීමෙන් අවසාන ප්‍රතිඵලය තෙක් පැමිණෙන කලාකරුවන් ඇත්තේද අතළොස්සකි. Charlene Lanzel යනු එවැනි කලාකාරිනියකි. ඉවසීමත්, අධිෂ්ඨානයත් පෙරදැරිව තම නිර්මාණයට අගයක් එක් කිරීමට ඇය බොහෝ සේ වෙහෙසෙන්නීය.
.jpg)
විහිදෙන ආලෝකයක් මත වැලිවලින් නිර්මාණකරණයේ යෙදෙන්නට ඇය ප්‍රවිෂ්ට වූයේ 2011 වර්ෂයේදීය. උපතින්ම ඇය නිර්මාණ හැකියාවක් අතැතිව පැමිණුනි. නමුත් ඇයට අවශ්‍ය වූයේ තම නිර්මාණය කොළයක් මත ඇඳ ලොවට පෙන්වීමට නොවේ. එක් දිනක වැසි වේලාවක ඇය තම නිවසේ ජනේලය මත සිතුවමක් නිර්මාණය කරන ලදී. එය සාමන්‍ය සිතුවමකි. හදිසියේම එළිමහනේ ඇතිවූ විදුලි අලෝකය හේතුවෙන් තම සිතුවම වෙනස් ආකාරයෙන් දැකගැනීමට ඇය හැකිවිණ. ඇයගේ ආරම්භය එතැන් සිටය.
ඇය විසින්ම නිර්මාණය කරගත් වැලි පෙට්ටියක් මත ඇය සිතුවම් නිර්මාණය කරන ලදී. ඒ සඳහා යට පැත්තෙන් ආලෝකය ලබාදෙමින් සිතුවමට වෙනස් ආකල්පයක් එක්කිරීමට ඇය වෙරදැරීය. එම උත්සාහයේ ප්‍රතිඵල නෙළාගත හැකිවූයේ 2011 වර්ෂයේදීය.
2011 වර්ෂයේ සාර්ථකත්වයත් සමග ඇය විසින් පළමුවරට වැලි මත නිර්මාණය කරන වීඩියෝව එළිදක්වන ලදී. ඒ ඇයගේ පළමු හීනයේ සාර්ථකත්වයයි. සිය පවුලේ ඇති ආභාෂයත් සමග ඇය දිනෙන් දින සාර්ථකත්වයට පැමිණ ඇත. මේවන විට ලෝකයේ Sand Artist නමින් ඇය ප්‍රසිද්ධියට පත්ව ඇත. 2015 වර්ෂය වනවිට ඇයගේ වැලි ප්‍රදර්ශනයක් සඳහා දිනයක් වෙන්කර ගැනීමට හැකි අවස්ථාව ඉතාමත් සීමිතය. ඇයගේ නිර්මාණයන් වටා එක්වූ රසික පිරිස බොහෝ බැවින් ඇය ප්‍රසංග සඳහා වෙනමම සිත යොමුකරන ලදී. ඇය විසින් කරනු ලැබූ වැලි නිර්මාණ වීඩියෝ සඳහා Youtube ජාලයේ ලැබුණු ඉහළම ප්‍රතිචාර නිසා ඇය සජීවීව මෙම අත්දැකීම තම රසිකයන්ට ලබාදීමට ගෙන ඇති ක්‍රියාව රසිකයන් බොහෝ සේ අගයනු ඇත.
ඇය වයස අවුරුදු 09 දී තම පාසලේ කලා ගුරුවරිය වෙත කලාව පිළිබඳ උපදේශාත්මක පොතක් නිර්මාණය කර පිළිගන්වන ලදී. එතැන් පටන් ඇය පාසල තුළ කලාව පිළිබඳ වැඩසටහන්වල පුරෝගාමියා විය. ඇය පාසල් දිවිය අවසන් වූ විගස Art Architecture and Screen Printing පිළිබඳව උපාධියක්ද හදාරන ලදී. උපාධිය අවසන් කළ පසුව ලෝකයේ ඇති කැසිනෝ, ආපනශාලා, සිනමා ශාලා සහ පෞද්ගලික නිවාස සඳහා තම නිර්මාණය හැකියාව අලෙවි කරනු ලැබීය. තම කලාව උපරිම මිලකට අලෙවි කරමින් ඇය මේ වනවිට ලෝකයේ අති දක්ෂ කලාකරුවන් අතරට පත්වී හමාරය.
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

