ඈත අතීතයේ සිටම චිත්‍ර ශිල්පියා ලෝකයේ සුවිශේෂ නිර්මාණකරුවෙකු ලෙස හඳුන්වනේ ඔහුට වෙනස්ම වූ ලෝකයක් නිර්මාණය කිරීමට හැකියාව ඇති හෙයිනි. එනිසාම මෙවැනි චිත්රශිල්පීන් ලෝකය තුළ පිළිගන්නේ හිස් මුදුනිනි. Joel Rea යනු එවන් වූ කලා හැකියාවක් ඇති අයෙකි.
1983 වර්ෂයේ උපන් ඔහු 2003 වර්ෂයේදී Queensland කලා විශ්වවිද්‍යාලයෙන් උපාධිය අවසන් කළ උපාධිධාරියෙකි. ඔස්ට්‍රේලියාවේ සහ එක්සත් රාජ්‍යයේ ජීවත්වූ ඔහු කුඩා කල සිටම චිත්‍ර කලාවට දක්ෂයෙකු බව පෙන්නුම් කර තිබේ. සිය රැකියාව ලෙස චිත්‍ර කලාව තෝරාගත් ඔහු විසින් පින්තාරු කරනු ලැබූ තෙල් සායම් සිතුවම් විශාල මුදලකට අලෙවි කරගැනීමටද ඔහු සමත් විය.
ඔහු වසරකට දෙවරක් ඔස්ට්‍රේලියාවේ සහ එක්සත් රාජ්‍යයේ චිත්‍ර ප්‍රදර්ශන පවත්වන අතර, අවුරුද්දක් පාසා තමන් විසින් අඳින ලද සිතුවම් එම දින කිහිපයේදී අලෙවි කරන්නේය. ඔහු විසින් පවත්වන ලද එවැනි චිත්‍ර ප්‍රදර්ශනයක් පසුගිය මාසයේ සිඩ්නි නුවර පැවැති අතර, එහි පළමුවැනි දිනයේදීම ඔහු ප්‍රදර්ශනය කළ සෑම සිතුවමක්ම අලෙවි වී තිබිණි. ඒ බව ඔහු සිය නිල ෆේස්බුක් පිටුවේ සහ ට්විටර් මගින්ද ප්‍රසිද්ධියට පත්කර තිබිණි.
Joel Rea මේ වනවිට සිය නිර්මාණ වෙනුවෙන් සම්මාන හතරක් හිමිකරගෙන තිබේ. 2012 වසරේ Black Swan සම්මානයද, 2013 වර්ෂයේදී ANL Maritime Art සම්මානයද, 2014දී Swan Portraiture ත්‍යාගයද, 2015 People’s Choice සම්මානයද එම සම්මාන වෙයි.
ඔහු මේ දිනවල හදිසියේ එංගලන්තය බලා පිටත්ව ගොස් තිබේ. එයට හේතුව වශයෙන් ඔහු සිය ට්විටර් ගිණුම් සඳහන් කර තිබුණේ, ඉදිරියේදී පැවැත්වීමට යන චිත්‍ර ප්‍රදර්ශනයක් සඳහා මනස සැහැල්ලු කරගැනීමට එංගලන්තය බලා පැමිණි බවයි. කෙසේ වෙතත් මේ දක්වා ඔහු ඇඳ ඇති විශාලතම සිතුවම ලෙස හැඳින් වෙන්නේ අඟල් 128 x 88 ප්‍රමාණයේ සිතුවමකි. පසුගිය වසරේ තමන් විසින් පවත්වනු ලැබූ ප්‍රදර්ශනයෙන් ඔහු උපයාගත් සියලු මුදල් සරණාගත කඳවුරකට පරිත්‍යාග කරන්නටද Joel Rea කටයුතු කර තිබිණි.