එම්බ්‍රොයිඩර් කලාවට නව මාවතක් එක් කළ Vera Shimunia
විවිධ වූ කලා හැකියාවන් තුළින් නිර්මාණය වන කලාත්මක නිර්මාණයන් පිළිබඳව අද වන විට අප බොහෝ දේ කතාකර තිබේ. කැටයම්, සිතුවම් වැනි මේ කලාත්මක අදහස් තුළින් නිම වී ඇති නිර්මාණත්මක අදහස් මේ වන විට වටිනාකමක් ලබාදෙන නිර්මාණයන් බවට පත්ව තිබේ. ඇතැමුන්ගේ විවිධ වූ දස්කම් ඔස්සේ බිහිවන නිර්මාණයන් විශාල වටිනාකම් ඔස්සේ අලෙවි වෙයි. ඇතැමුන් විනෝදාංශයක් වශයෙන් නිර්මාණ කලාවේ නියැළුණද, ඇතැමුන්ගේ වෘත්තීය වන්නේ මෙම කලාවයි. එවැනි කෙනෙකු ලෙස Vera Shimunia ව හැඳින්විය හැකිය. ඇයගේ කලාත්මක හැකියාව වෙනස් බව මුලින්ම සඳහන් කළ යුතුය. ඇයගේ දක්ෂතාව ඇත්තේ ගෙතුම් කලාවට බැවින් ඇය විසින් නිර්මාණය කරනු ලබන නිර්මාණයන්ද හැඩවන්නේ එම පැතිකඩ තුළිනි.
Vera Shimunia යනු රුසියානු ජාතිකයෙකි. ඇය විසින් ගෙතුම් කලාව තුළින් ගෙන එනු ලබන්නේ එකම සංකල්පයක් ඔස්සේ යන නිර්මාණයන්ය. එම්බ්‍රොයිඩර් කලාව තුළින් විශාල වෙනසක් සිදුකරනු ලබන ඇය නිර්මාණය කරනු ලබන්නේ භූ දර්ශනයන්ය. විවිධ වූ වර්ණ භාවිතයෙන් ඇය සිදුකරන එම්බ්‍රොයිඩර් නිර්මාණයන් පිළිබඳව ලෝකයේ බොහෝදෙනා අවධානය යොමුකර ඇත්තේ එම නිර්මාණයන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීමත් සමගිනි.
ඇය තම ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ Vera සිය ගෙතුම් නිර්මාණයන් ප්‍රසිද්ධියට පත්කරනු ලබයි. 2015 වසරේ සිට ඇය මෙම නිර්මාණයන් etsy.com වෙබ් අඩවියටද එක් කරනු ලැබීය. එමගින් ඇයගේ නිර්මාණයන් මිලදී ගැනීමට හැකියාව ඇති බවද Vera පවසයි.
පාසල් කාලයෙන් පසුව ගෙතුම් කලාව පිළිබඳව තම මවගෙන් ලද දැනුමත් සමගින් Vera මෙම එම්බ්‍රොයිඩර් නිර්මාණයන් පිළිබඳ දැඩි උනන්දුවක් දැක්වූ බව පවසයි. මෙම ගෙතුම් කලාව ඇයගේ විනෝදාංශය ලෙස සිදුකරනු ලැබූවද පසුකාලීනව ඇය එම ගෙතුම් කලාව තුළින් මුදල් ඉපැයීම ඇරඹූ බව සඳහන් වෙයි. මූලික අධ්‍යාපනයෙන් පසුව Veraට තමන්ගේම ව්‍යාපාරයක් පිළිබඳ සිහිනයක් තිබුණු බව පවසයි. රැකියාවක් සඳහා ආයතනයකට කොටු වීමට ඇය තුළ තිබූ බලවත් අකැමැත්ත මෙම රැකියාවට රුකුලක් වූ බවයි ඇය පවසන්නේ. තම දෙමවුපියන් විසින් ලබාදුන් සහයෝගය හේතුවෙන් Vera මෙම ගෙතුම් කලාවට අවශ්‍ය ආම්පන්න පහසුවෙන් ලබාගත් බව පවසයි. මේ වන විට ඇයගේ ජීවිතයේ විශාල ඉලක්කයක් තිබේ. ඒ තමන්ගේම අලෙවි සැලක් නිර්මාණය කිරීමයි. අන්තර්ජාලය ඔස්සේ තම නිර්මාණ සඳහා ඉහළ ඉල්ලුමක් තිබුණද Veraගේ සිහිනය වන්නේ මෙම නිර්මාණ එකතු වූ අලෙවි සැලක් විවෘත කිරීමයි.
සමාජ මාධ්‍ය ඔස්සේ සහ අන්තර්ජාලය මගින් තමන්ගේ නිර්මාණයන් සඳහා බොහෝදෙනෙකු ආදරය කරන බව ඇය පවසයි. ඒ හේතුවෙන් ඇයගේ නිර්මාණයන්වල ඇති ගුණදොස් පිළිබඳව දැනගත හැකි බවද පැවසේ. කෙසේ වුවත් ගෙතුම් කලාවට අලුත් අර්ථයක් ලබාදීමට Vera ට හැකියාව ලැබී තිබීම සුවිශේෂීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.










