ඉන්දීය නළුවෙකු වෙන ඔම් පූරි අද (06දා) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද පෙරවරුවේ ඔහුට හටගත් හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 66 හැවැරිදි වියේ පසුවූ ඔහු එක්දරු පියෙකි. ස
මුම්බායිහි පිහිටි ඔහුගේ නිවසේදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය රෝහලට රැගෙන ගොස් ඇත. ඉන්දියාවෙන් බිහිවූ ප්‍රතිභා පූර්ණ නළුවෙකු වශයෙන් පිළිගැනෙන ඕම් පූරි ඇමෙරිකානු හා බ්‍රිතාන්‍ය චිත්‍රපට සඳහාද සිය දායකත්වය ලබා දී ඇත.