අයිස් කඳු කැන්වසයට ගෙනෙන Zaria Forman
කලාකරුවන්ගේ නිර්මාණ බිහිවන්නේ ඔවුන් මානසික නිදහස අත්විඳින අවස්ථාවල බව රහසක් නොවේ. Zaria Forman පෞද්ගලික ආයතනයක රැකියාව අත්හරින්නේ එම රැකියාව තම ජීවිතයට සතුටක් ලබා නොදෙන බව කියමිනි. ඇය තම රැකියාව අත්හැර වෘත්තීමය වශයෙන් මේ වනවිට නිර්මාණකරණයේ යෙදෙන්නීය.
1982 වර්ෂයේ උපන් ඇය මේ වනවිට ප්‍රසිද්ධව ඇත්තේ එකම නිර්මාණය සංකල්පයක් ඔස්සේය. ඇය මෙම නිර්මාණ කලාව ආරම්භ කළේ 2005 වර්ෂයේදීය. ඇය විශාල සිතුවම් නිර්මාණය කරන අතර, එය අලෙවිකරණය සඳහා වැඩි වශයෙන් යොමු වූයේ 2014 වර්ෂයේදීය. ඇය අයිස් කඳු වැනි නිර්මාණ සිදු කිරීමට වැඩි කැමැත්තක් දක්වයි.
Zaria ගේ උපන් භූමිය වන්නේ නිව්යෝර්ක් නුවරයි. පාසල් ගමන අවසානයත් සමග සංචාර සඳහා යොමුව ඇති ඇය විදෙස් සංචාරවලදී බොහෝ සෙයින් කැමැත්තක් දක්වා ඇත්තේ අයිස් කඳු ප්‍රදේශයන්හි සංචාරය කිරීමටය. ඉන්පසු ඇය තමන්ගේ නිර්මාණ සඳහා තමන් කැමතිම අයිස් කඳු සංකල්පය උපයෝගී කරගෙන තිබේ.
තම නිර්මාණයකරණය පිළිබව විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරා, එයට අවශ්‍ය මූලික දැනුම මෙන්ම අත්දැකීම් එකතු කරමින් මෙම කාර්යය සාර්ථකව සිදුකරයි.
මේ ආකාරයෙන් ඇය නිර්මාණය කිහිපයක එකතුවක් තම ප්‍රදර්ශනයක් සඳහා තබා තිබේ. 2005 වසරේදී Zaria Forman, Case Gallery නම් ස්ථානයේ තමන්ගේ පළමු ඒක පුද්ගල නිර්මාණ ප්‍රදර්ශනය පවත්වා තිබේ. මේ සඳහා බොහෝ ප්‍රතිචාර හිමි වූ බව ඇය පවසයි. මෙහිදී ඇය නිර්මාණ 06ක ප්‍රමාණයක් ප්‍රදර්ශනය කර තිබේ. මෙම එක නිර්මාණයක් සිදු කිරීමට සති 03ක කාලයක් හෝ ඊට වැඩි කාලයක් වැය වන බව Zaria කියයි.
ඇය දෙවැනි ප්‍රදර්ශනය Drawings by Zaria Forman නමින් පවත්වනු ලැබුවේ, 2006 වර්ෂයේදී Bunburry’s Art Galleryහිදීය. ඉන්පසු ඇය එම වර්ෂයේදී තවත් ප්‍රදර්ශනයක් Clearly Nebulous, Allen Sheppard Gallery ස්ථානයේදී පවත්වා තිබේ. ඇය 2008 වර්ෂයේදී තවත් ප්‍රදර්ශනයක් පවත්වා තිබේ.
ඇය මෙම නිර්මාණ අලෙවිය පටන්ගන්නේ 2014 වර්ෂයේ පැවැති Ice to Island, Winston Waechter Fine Art, Seattle ප්‍රදර්ශනයෙන් පසුවය.
මේ ආකාරයෙන් ඇය 2015 වර්ෂයේදී ප්‍රදර්ශන දෙකක්ද, 2016 වර්ෂයේදී එක් ප්රදර්ශනයක්ද, මෙම වර්ෂයේදී තවත් ප්රදර්ශනයක්ද පවත්වා තිබේ. මේ ආකාරයෙන් තමන්ගේ නිර්මාණ ඔස්සේ තම ජීවිත ගමන ගෙනයාමට තමන්ට හැකියාව ලැබුණු බව ඇය විශේෂයෙන් සඳහන් කරයි. මෙසේ තමන්ගේ නිර්මාණ ලෝකය පුරා විහිදුවමින් තමන්ගේ නාමය ප්‍රචලිත කිරීමට ඇයට හැකියාව ලැබී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

