ප්‍රේමකීර්තිගෙ අත්දෙක පුරාම තුවාල -වික්ටර්
දවසක් මහ රූ අපේ පොඩි රැස්වීමක් තිබුණ. ඒ රැස්වීමට ප්‍රේමකීර්ති එනව කිව්ව වෙලාවට එන්නැතුව රෑ එකොළහත් පහුවෙලා ටැක්සියක ආවා. ටැක්සියේ රියදුරු තමයි අපිට කිව්වෙ, "ප්‍රේමකීර්ති මහත්තය ඇවිත් ඉන්නව" කියල. ප්‍රේමකීර්ති අපි ඉන්න තැනට ආවෙ නෑ. ගිහින් බලපුවාම මූණෙත් තුවාල. අත්දෙකෙත් තුවාල. ශරීරය පුරා තුවාල තිබුණ. ගෙදර ගැටුමක් වෙලා තමයි ඇවිත් තියෙන්නෙ. ඊට දවස් තුනකට හතරකට පස්සෙ මම කිව්ව "ප්‍රේම් මගේ වැඩසටහන තියෙනව. ගීතයක් ලියන ඕනෙ" කියල.ඔහු මට ගීතයක් ලියල දෙනවා,
හිම සෙල මෙන් සිසිල හෙලූ
ගිනි සිල මෙන් කිපෙන සුලු
පැවතුම් ගැන ඔබට පොදූ
මම තවමත් සිතමි සුදූ
මොනතරම් උපේක්ෂා සහගත සංවේදී කලාකරැවෙක්ද ඔහු. එවැනි ගැටුමක් ඇති වෙලා දෙන්නා නොහොඳ නෝක්කාඩු වෙලා එදා රූ තුවාල ඇතුව ඇවිල්ල ඉන්නවා දැකපු මටම ඔහු ලියල දෙනව ප්‍රේමවන්තිය ගැන. එයින්ම අපට දැනෙනව ඔහුගේ පෑන් තුඩට කොයිතරම් සංවේදී අදහස් ගලාගෙන එනවද කියල.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

