ඉන්දීය දේව මණ්ඩලයට කොරෝනා දේවතාවියත්
මාරාන්තික කොවිඩ්-19 වසංගතය තුරන් කර ගැනීමට දිව්‍යමය මැදිහත්වීමක් බලාපොරොත්තුවෙන් ඉන්දියාවේ ගම්මානයක වැසියන් සිය දේව මණ්ඩලයට අලුතින්ම "කොරෝනා දේවතාවිය"ද කැඳවාගෙන ආ පුවතක් වාර්තා වෙයි.
උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ෂුක්ලපූර් ගම්මානයේ බැතිමතුන් විසින් අලුතින්ම නිමවන ලද "කොරෝනා දේව මාතා" පිළිමය තැන්පත් කරමින් විශේෂ දේවාලයක්ද ඉදිකර ඇති අතර, මේ වනවිටත් වසංගතය තුරන් කරගැනීමට දේව කණ්ණලව් පැවැත්වෙන බව සඳහන් වෙයි.
දීප්තිමත් කහ වර්ණයෙන් යුතු "කොරෝනා දේව මාතා"දේවස්ථානයේදී ශුද්ධ ජලය සහ විවිධ මල්ද මෙම අලුත්ම දෙවඟන වෙනුවෙන් පුදපූජා කරනු ලැබේ.
"අපට ඇයගේ ආශිර්වාදය ඇතිව ගම්වැසියන්ට සහ අපේ ගමට වගේම අනෙක් සියල්ලන්ට යම් සහනයක් ලබාගැනීමට හැකි වේවි" එහි සිටි ගම් වැසියෙකු සඳහන් කළේය.
කොවිඩ්-19 වසංගතයේදී සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කරන ලද මහජන සෞඛ්‍ය පුරුදු අනුව යමින්, මුඛ ආවරණයකින්ද මෙම "කොරෝනා දේව මාතා" පිළිරුව සැරසී සිටීම සුවිශේෂී අවස්ථාවකි. එනමුදු දේව කණ්ණලව් සඳහා සහභාගී වන බැතිමතුන් අතර වැඩි දෙනෙකු මුඛ ආවරණයක් පැලඳ නොසිටීම නම් සැලකිය යුතු සිදුවීමකි.
අප්‍රේල් සහ මැයි මාසවලදී කොරෝනා වෛරසය ආසාදන වැඩිවීම හේතුවෙන් ඉන්දියාවට දැඩි පීඩාවකට ලක්වීමට සිදුවූ අතර, මේ වනවිට එරට වසංගතයේ අතිශය මාරාන්තික ස්වරූපය ක්‍රමයෙන් පහව යන තත්ත්වයක් දැකිය හැකිය.
බලධාරීන් විසින් සෙනසුරාදා දිනයේ නව ආසාදිතයන් 84,332ක් වාර්තා කර ඇති අතර, එය මාස දෙකකට වැඩි කාලයක් තුළ වාර්තා වූ අඩුම දෛනික අගය බව සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත පෙන්වා දෙයි. කොවිඩ්-19 මගින් ඉන්දියාවේ පුද්ගලයින් 367,081ක් මිය ගොස් ඇති බව රජයේ දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.





popular news
-
Don Saturday, 12 June 2021 11:06 PM
The CORONA god in India, must be related to Honey Dhammika ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

