ත්‍රී ෆේස් ප්‍රසංගය හඬ පෞරුෂයන් තුනක්, මුහුණු තුනක් එකතු වෙන අවස්ථාවක්
ගායකයෙකු ලෙසත්, රංගන ශිල්පියෙකු ලෙසත් කලා ක්ෂේත්රය තුළ කටයුතු කරන රොඩ්නි වර්ණකුල මහතාගේ කලා දිවියට තිස්හත් වැනි වසර සපිරීම නිමිත්තෙන් %ත්‍රී ෆේස්^ නම් ප්‍රසංගයක් මෙම මස 18 වැනිදා සවස 6.30ට බණ්ඩාරනායක සමරු රඟහලේදී පැවැත්වීමට නියමිතය. මේ ඒ පිළිබඳ ඔහු සමග සිදුකළ කතාබහකි.
? ත්‍රී ෆේස් නමින් පැවැත්වෙන ප්‍රසංගය ගැන මුලින්ම කතා කරමු
මම දැන් කලා ක්ෂේත්රයට පැමිණ වසර තිස්හතක් ගත වෙනවා. එයම අරමුණු කරගෙන යමක් කළ යුතුයි කියලා හිතුවා. මගේ කලා ජීවිතයට අවුරුදු විස්සක් සපිරීමේදී %කාහල නාදය^ යන සීඩී පටය නිකුත් කළා. අවුරුදු තිහක් වන විට %සඳ එළියක්^ සීඩී පටය නිකුත් කළා. මෙවර මට හිතුණේ ගීත ප්‍රසංගයක් පැවැත්වීමටයි. ඒ සිතිවිල්ල නිසා තමයි මම මේ සජීවී ප්‍රසංගය පවත්වන්නේ. මේ ප්‍රසංගය පැවැත්වීමේදී මම හිතුවේ වේදිකාව තුළ ඉන්න රංගන ශිල්පීන් ලෙස නමක් දිනාගත් අය මේ සඳහා දායක කරගත යුතුයි කියලා. ඒ අනුව තමයි මේ ප්‍රසංගය සඳහා කුමාර තිරිමාදුර හා සමන් ලෙනින් දායක කරගත්තේ. සමන් ලෙනින් කියන්නේ හොඳ හඬ පෞරුෂයක් තිබෙන කෙනෙක්, රංගන ශිල්පියෙක්. කුමාර තිරිමාදුර කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක්, ගායකයෙක්. මේ දෙදෙනා දායක කර ගැනීමත් එක්ක මම %ත්‍රී ෆේස්^ යන නම මෙයට යොදන්න හිතුවා. මෙය හඩ පෞර්ෂයන් තුනක්, මුහුණු තුනක් එකතු වෙන අවස්ථාවක්. මෙය නාට්‍යයක් නොවුණත් ප්‍රාසාංගික ප්‍රසංගයක්. මෙහි සංගීත අධ්‍යක්ෂණය කැලුම් ගීගනගේ විසින් සිදුකරනවා. මෙහි නර්තනාංග අධ්‍යක්ෂණය නාට්‍යවේදිනී තරංගා කුමාරි විසින් සිදුකරනවා.
? මේ ප්‍රසංගයේ අන්තර්ගතය ගැන කතා කළොත් ඒ සඳහා ඔබ තෝරාගෙන තිබෙන්නේ කෙබඳු ගී නිර්මාණද
මේ ප්‍රසංගයට අන්තර්ගත වෙන්නේ අපි ගායනා කළ නමුත් මීට කලින් නොඇසුණ ගීත. මෙහිදී ශිල්පීන් තිදෙනා ආරම්භයේ සිට අවසානය දක්වාම වේදිකාවේ රැඳී සිටිමින් ප්‍රාසාංගික අයුරින් ප්‍රේක්ෂකයන් වෙත සිය ඉදිරිපත් කිරීම් ගෙන එන්නට වගේම ඔවුන්ට සුභාවිත ඉතා හොඳ රසාස්වාදයක් ලබා දීමටද උත්සාහ කරනවා.
? ඔබ එළිදැක්වූ %සඳ එළිය වගේ^යන සීඩී පටයේ අන්තර්ගත ගීත සමාජගත වුණේ නැහැ නේද
2011දී තමයි මගේ දෙවැනි සංයුක්ත තැටිය ලෙස එය ඉදිරිපත් කළේ. ඒ තුළ ගීත දහඅටක් අන්තර්ගතවෙලා තියෙනවා. ඒ ගීත මම මාධ්‍යට ලබාදුන්නා.නමුත් ඒ මාධ්‍යවල අපේ ගීත ප්‍රචාරය වෙන්නේ නැහැ. ඒකට හේතුව මොකක්ද කියලා මම දන්නේ නැහැ. කලාතුරකින් එක් ගීතයක් දෙකක් ඇහෙනවා. අපේ ගීත අපිම අසමින් ඉන්න තත්ත්වයක් තමයි ඇතිව තිබෙන්නේ.
ඕනම ගුවන්විදුලි නාළිකාවක පැයේ ප්‍රචාරය කරන ගීත ලිස්ට් එකක් තිබෙනවා. ඒ ලිස්ට් එකට නම් මේ ගීත අයිති වෙන්නේ නැහැ. ඒක මට විතරක් සිදුවන දෙයක් නෙමෙයි. බණ්ඩාර ඇහැලියගොඩ කියන්නේ විශිෂ්ට ගීත රචකයෙක්.ඔහුගේ බොහෝ හොඳ ගී නිර්මාණ තිබෙනවා. ඔහුගේ මෑතකදීම එළිදැක් වුණේ %ජීවිතය කවියක්^ යන ගීතය. ඒ ගීත ඇහෙන්නේ කුමන නාළිකාවකද? ඒ ගීත වෙනුවෙන් රූප රචනා පවා සිදුකර තිබෙනවා. නමුත් එහෙම ගීතවත් ප්‍රචාරය වෙන්නේ නැහැ. එවන් තත්ත්වයක් තමයි අද ඇතිව තිබෙන්නේ. මෙහෙමයි අපිට මාධ්‍යවල ඉන්න ප්‍රධානීන්ට මුදල් ලබාදීමේ හැකියාවක් නැහැ. ඔවුන්ට අවශ්‍ය දේවල් දීමේ හැකියාවක් නැහැ. ඒ නිසා අපේ නිර්මාණ ඒ විදිහට තියනවා. ඒ නිසා තමයි අපේ ගීත මෙවැනි ප්රසංගවලින් හෝ ප්‍රේක්ෂකයන්ට අහන්න අවස්ථාවක් උදාකර දිය යුතුයි කියන හැඟීම ඇති වෙලා තිබෙන්නේ.
? නිර්මාණකරුවෙකු ලෙස ඒ නිර්මාණ සමාජගත කරන්න ලැබෙන දායකත්වය ගැන ඔබ තෘප්තිමත් නැද්ද
අපි කලාව කරන්නේ තෘප්තියෙන්.බහුතරයක් නොවුණත් සුළුතරයක් හෝ අපේ නිර්මාණ රසවිඳින්න ඉන්නවා. ඒ අයගේ අත්පොළසන් නාදයක් ලැබුණත් අපිට සතුටුයි. අපි මෙය කරන්නේ සතුටින්. කලාව තුළින් තමයි අපි ජීවත් වෙන්නේ. මේ රටේ සුභාවිත කලාවට තැනක් නැති එක ගැනයි අපිට තිබෙන කනගාටුව.
මේ දේශපාලන මඩගොහොරුවත් එක්ක කලාව, සාහිත්‍ය කොහෙද පෝෂණය වෙන්නේ. අපේ රටේ දේශපාලනය කරන ඇත්තන්ට නාට්‍ය බලන්න වේලාවක්, ගීතයක් අහන්න වේලාවක් තියනවාද? නමුත් ගීත ප්‍රසංගයක් පැවැත්වුවත් ඔවුන්ගේ නමක් දාලා ඒ දේශපාලඥයාගේ සංකල්පයක් මත මෙය සිදුවෙන්නේ කියලා සඳහන් කරනවා. ඉන් එහා දෙයක් සිදුවෙන්නේ නැහැ. එවැනි ප්‍රසංගයක් දෙස වුණත් බලන්න. සංගීත ප්‍රසංගයක පවා අහන්නේ කෝ සද්දේ කියලා. එවැනි විනයක් නැති, මිනිසුන් ගහමරා ගන්න පරිසරයක් තමයි එහි ගොඩ නැගෙන්නේ. එහෙම පරිසරයක සංකල්පද මේ දේශපාලනය විසින් ගොඩ නගන්නේ. එයද සිදුවිය යුත්තේ. මේ සංගීත තුළින් නිර්මාණ තුළින් මිනිසුන්ට ඉහළ රසවින්දනයක් ලබාදිය යුතුයි. හැටේ හැත්තෑවේ ගීත තාමත් මිනිස්සු අහන්නේ ඒ නිසා. අපි ගයන නාට්‍ය ගීතවල වුණත් සංවේදී මෘදු සුභාවිත ගීත තිබෙනවා.ඒවා මිනිසුන්ට ඇහෙන්නේ නැහැ. ඒකයි ගැටලුව සහ අතෘප්තිය ඇතිවන තැන.
? හැට හැත්තෑව දශකයේ නිර්මාණ ගැන අපි කතා කරනවා. ඔබ දකින විදිහට ඒ නිර්මාණකරණය ගිලිහුණේ කොතැනින්ද
විවෘත ආර්ථිකයත් එක්ක හොඳ නොහොඳ සියල්ලටම මෙරට විවෘත වෙනවා. ඒ සියල්ලම විමසා බැලීමකින් තොරව අපි වැලඳ ගන්නවා. එහිදී මුදල් තිබෙන ව්‍යාපාරිකයන්ට අවශ්‍ය ලෙස වැඩකටයුතු සිදුවුණා. රටේ මිනිසුන්ගේ මනස සුවපත් කරන්න ඕන කියන නිර්මාණයක් ඇති වුණේ නැහැ. මම කියන්නේ අධ්‍යාපනයෙන් හෝ දේශපාලනයෙන් මේ දේවලට විසඳුම් ලැබිය යුතුයි. වර්තමානයේ මාධ්‍ය හරහා ඕනෑම කෙනෙකුට ඕනම විදිහක ගීතයක් ප්‍රචාරය කරගැනීමේ හැකියාව තිබෙනවා. කිසිම තැනක වාරණ නැහැ. නාට්‍ය, සිනමාව තුළ රුඟුම් පාලක මණ්ඩල පැවතුණත් ගීතවලට එහෙම තත්ත්වයක් කොහේද තියෙන්නේ. මෙවන් තත්ත්වයක් තමයි වර්තමානයේදී ඇතිව තිබෙන්නේ. ඒ නිසා තමයි අපෙන් හරවත් නිර්මාණ ගිලිහෙන්නේ.
? රංගන ශිල්පියෙකු ලෙස කතා කළොත් ටෙලි නාට්‍ය කියන මාධ්‍ය ඔබ මේ මොහොත වන විට ප්‍රතික්ෂේප කරලා තිබෙනවා
මම ටෙලිනාට්‍ය මාධ්‍ය කියන එක අමතක කරලා තියෙන්නේ. වසර හතරකින් පමණ මම ටෙලිනාට්‍යයකට දායක වෙලා නැහැ. එහි කලාත්මක නිර්මාණ ලැබෙන්නේ බොහෝම කලාතුරකින්. අනිත් බොහෝ නිර්මාණ ඒකාකාරී ගණයේ නිර්මාණ. මට ටෙලිනාට්‍යවලට කතා කරාම මම එය ප්‍රතික්ෂේප කරනවා. එයට හේතුවන එක් කාරණාවක් තමයි මෙගා ටෙලිනාට්‍ය සිදුවන ආකාරය පිළිබඳ මට සතුටු වීමට බැරි වීම. කම්කරු වැටුප් ලෙස ලබාදෙන වැටුප් තමයි එහිදී ලබාදෙන්නේ. ඉතාම අඩු වියදමකින් නිර්මාණයක් සිදුකිරීම තමයි අද වුවමනාව බවට පත්ව තිබෙන්නේ. නිර්මාණයේ ගුණාත්මක තත්ත්වය ගැන හිතන්නත් අමාරු වෙලා තිබෙනවා.
? ටෙලිනාට්‍ය ප්‍රතික්ෂේප කිරීම තුළ වෘත්තීමය වශයෙන් පැවැත්ම කියන කාරණය අභියෝගාත්මක නැද්ද
මේ වනතුරු ටෙලිනාට්‍ය විස්සකට පමණ මම දායක වෙලා ඇති. ඒ කාලයේ සිට මගේ ආත්ම තෘප්තිය තිබ්බේ වේදිකාවේ. මම ගීත ප්‍රසංග, රසවින්දන වැඩසටහන් වැනි දේවලට දායක වෙනවා. මම හිතන්නේ ඒ දේවල් ගැන මම තෘප්තිමත්.
? මේ වන විට තිස්හත් වසරක් ඔබ කලා ක්ෂේත්රය තුළ කටයුතු කර තිබෙනවා. ඒ ගැන අදහසක් සඳහන් කළොත්
මට ලැබුණ දේවල් ගැන මම සතුටුවෙනවා. නොලැබුණු දේවල් ගැන හිතන්නේ නැහැ. අපේ ක්ෂේත්රයේ තිබෙන ක්‍රමවේදය ගැන ගත්තොත් ඒ ගැන කලකිරීමක් තිබෙනවා. මේ ආර්ථික දේශපාලන රටාව තුළ බඩජාරිවාදයට හසුව මුදල් සෙවීම සඳහා කුමන හෝ කටයුත්තකට යොමුව සිටීමේ තත්ත්වයක් තමයි තිබෙන්නේ.
? ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු කෙබඳුද
ගිරිරාජ් කෞෂල්‍යගේ නව සිනමා නිර්මාණයක් වන %කතුරු මිතුරු^ නිර්මාණයට දායක වුණා. එය හාෙස්යා්ත්පාදක නිර්මාණයක්. ඒ වගේම මේ ප්‍රසංගය මෙතැනින් නොනවත්වා ඉදිරියට පවත්වාගෙන යෑමට අදහසක් තිබෙනවා. මේ ප්රසංගයටත් හැමදෙනාටම ආරාධනා කරනවා.
විමසීම් - 0727300400
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



