පුරා වසර 13ක් අඛණ්ඩව ශ්‍රී ලාංකේය සිසු පරපුර වෙනුවෙන් සිදුකළ මඟපෙන්වීම තවදුරටත් ඉදිරියට ගෙනයමින් 'ෆියුචර් මයින්ඩ්ස්' උසස් අධ්‍යාපනික හා වෘත්තීය ප්‍රදර්ශන මාලාව 14 වැනි වසරටත් නිල වශයෙන් එළිදැක්වේ.
කොළඹ BMICH හිදී ජුනි 14 සිට 16 දක්වාත්, මහනුවර KCC හිදී ජුනි මස 22 සහ 23 දිනවලත් පැවැත්වීමට කටයුතු සූදානම් කළ ෆියුචර් මයින්ඩ්ස් 2019 ගාලු පුරවරයට පැමිණෙන ප්‍රදර්ශනය, ගාල්ල හෝල් ඩි ගෝල් ශාලා පරිශ්‍රයේදී සැප්තැම්බර් මස 07 සහ 08 දිනවල පැවැත්වෙනු ඇත.
'ෆියුචර් මයින්ඩ්ස්' උසස් අධ්‍යාපනික සහ වෘත්තීය ප්‍රදර්ශනය 2019 වසරේ එළිදැක්වීම, පසුගියදා කොළඹදී අති උත්කර්ෂවත් ලෙස සිදුකෙරිණි. මේ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස අන්තර්ජාතික මූල්‍ය සංස්ථාවේ (IFC) දේශීය කළමනාකාරිනී අමීනා අරීෆ් සහ මාලදිවයින් හිටපු ජනපති මවුමූන් අබ්දුල් ගයුම් මහතාගේ දියණිය සහ එරට හිටපු විදේශ ඇමතිනී දුන්යා මවුමූන් යන මහත්මීන් සහභාගී වූහ. එහිදී, අදහස් දැක්වූ එම මහත්මීන් දෙපළම සඳහන් කළේ ගෝලීය උසස් අධ්‍යාපන අවශ්‍යතා ඉහළ යමින් පවතින අවධියක ෆියුචර් මයින්ඩ්ස් මගින් දින හතක් පුරාවට දේශීය සිසුන්ට ගෝලීය උසස් අධ්‍යාපන අවස්ථා වීවෘත කිරීම ප්‍රශංසනීය බවය.
මෙවරත් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන අයට, වඩාත් සුදුසු විසඳුම් ලබාදීමට දෙස් විදෙස් උසස් අධ්‍යාපන ආයතන විශාල සංඛ්‍යාවක් සහභාගී වන බව ෆියුචර් මයින්ඩ්ස් සභාපති කසුන් පෙරේරා මහතා අදහස් දක්වමින් සඳහන් කළේය. එහිදී, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව, කැනඩාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය, මැලේසියාව, නවසීලන්තය, රුසියාව, චීනය සහ ඉන්දියාව නියෝජනය කෙරෙන විදෙස් විශ්වවිද්‍යාල සහ ඒවායෙහි නිල දේශීය නියෝජිත ආයතන රැසක්ද මේ අතර වන බව පැවසූ සභාපතිවරයා, දෙමව්පියන් හා දූ දරුවන්ට තම උසස් අධ්‍යාපන අවශ්‍යතා එකම වහළක් යටින් ඉටුකර ගැනීමේ මහඟු අවස්ථාවක් මේ යටතේ උදාවන බවද පැවසීය.
පසුගිය වසරේදී ආරම්භ කළ විශේෂ අංගයක් වූ %ආර්ථික කලාපය^ නගර ත්‍රිත්වයේම ප්‍රදර්ශනය තුළ මෙවරත් ක්‍රියාත්මක වන අතර, මේ යටතේ සිසුන්ට හා දෙමව්පියන්ට අවශ්‍ය උසස් අධ්‍යාපන ණය පහසුකම් අතිවිශේෂ පැකේජ යටතේ ලබාදීමට දිවයිනේ ප්රමුඛ ආයතන රැසක් සැදී පැහැදී සිටින බවද සඳහන් විය. මෙම ප්‍රදර්ශනයට සමගාමීව උසස් අධ්‍යාපන අවස්ථා සහ වෘත්තීය සැලසුම්කරණය පිළිබඳව සිසුන් දැනුවත් කිරීම සඳහා වෘත්තීය මාර්ගෝපදේශන සහ වෘත්තීය උපදේශන සැසි පැවැත්වීමට ඔවුන් සූදානමින් සිටින අතර, මෙය සිසු දරුදරියන්ට රැකියා අවස්ථා සොයාදීමට වඩා සිය වෘත්තීමය තත්ත්වය ඉහළ නංවා ගැනීමට අවශ්‍ය අධ්‍යාපනික පසුබිම සකස් කරගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරෙන ප්‍රදර්ශනයක් බව ඔවුහු වැඩිදුරටත් පවසා සිටිති.
'ෆියුචර් මයින්ඩ්ස් 2019' වැඩි විස්තර www.futureminds.lk වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකිය.