මහජන චීන සමූහාණ්ඩුවෙන් ජනපති කළ ඉල්ලීමකට අනුව ජල බවුසර් රථ 90 ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ප්රදානය කිරීම රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුවිය.
මෙම ජල බවුසරයක් රුපියල් ලක්ෂ 140 ට වඩා වැඩි වටිනාකමකින් යුක්ත වන අතර, ජල බවුසර 90න් බවුසර 50ක් ලීටර 15,000ක ධාරිතාවයෙන් යුතු අතර, ඉතිරි බවුසර 40 ලීටර 10,000ක ධාරිතාවයෙන් යුතුය.
මෙම අවස්තාවට ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු අමාත්‍යංශ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.