ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා නියාමන ආයතනය වන ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස උපුල් ධර්මදාස මහතා අද (16දා) පෙරවරුවේ එම අධිකාරයේදී වැඩකටයුතු ආරම්භ කළේය.
එම අවස්ථාවට අභිනවයෙන් පත්වූ උප සභාපති අමිත විජේසූරිය, සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී එච්.එම්.සී නිමල්සිරි, වැඩබලන අතිරේක අධ්යක්ෂ ජනරාල් පණ්ඩුක ප්‍රියන්ත ජයවීර, අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන සරල චින්තක කරුණාරත්න, චමින්ද වෙලේගම යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් එක්ව තිබේ.
උපුල් ධර්මදාස මහතා සිවිල් ගුවන් සේවා අධිකාරියේ 07 වැනි සභාපතිවරයා ලෙස වැඩභාර ගත් අතර, ඔහු 1974 වසරේ එයාර් සිලෝන් සමාගමට සම්බන්ධව පසුකාලීනව ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ව්‍යාපාර කටයුතු කරමින් ගුවන් ප්‍රවාහන ක්ෂේත්රයේ හා සංචාරක ක්ෂේත්රයේ දීර්ඝ කාලීන අත්දැකීම් හිමිකර ගත්තෙකි.