සම්පත් බැංකුවේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය මලික් රණසිංහ මහතා පත්කර තිබේ.
මෙරට ප්රමුඛ පෙළෙහි වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුවෙහි නව සභාපතිවරයා ලෙස මලික් රණසිංහ මහතා පත්කිරීම පසුගිය අප්‍රේල් 01දා පැවති බැංකුවේ අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.
සම්පත් බැංකුවේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස 2016 වසරේ අගෝස්තු මාසයේ සිට කටයුතු කර ඇති ඒ මහතා ඊයේ (02දා) සිට බලපැවැත්වෙන පරිදි සම්පත් බැංකුවේ නව සභාපතිවරයා ලෙස කටයුතු කරයි.
සිවිල් ඉංජිනේරුකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු වන මලික් කුමාර් රණසිංහ මහතා මොරටුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකුද වෙයි.