ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරයන්හි නිරතවීමේ විශ්වාසනීයත්වය විශාල ලෙස ඉහළ ගොස් ඇතැයි ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන LMD සඟරාව ද අනාවරණ කර තිබේ.
එම සඟරාව මගින් සිදු කරන ලද දෙසැම්බර් සමීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර සිදු කිරීමේ විශ්වාසනීයත්වය ස්ථාන 75කින් ඉහළට ගමන් කරමින් 186ක අගයක් පෙන්නුම් කරන බවයි. එය 2015 සැප්තැම්බර් මාසයෙන් පසුව ලබාගත් වැඩිම අගය බව ද එම සඟරාව පෙන්වා දෙයි.
නව ජනාධිපතිවරයා බලයට පැමිණීම සහ එම රජය විසින් මෙතෙක් ගනු ලැබූ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග මෙම තත්ත්වය හේතු තිබේ. විශේෂයෙන්ම වැට් බද්ද 15% සිට 8% දක්වා පහත හෙලීම, රජයේ අත්‍යාවශ්‍ය නොවන වියදම් කප්පාදුව සහ පෙනෙන්ට අනෙකුත් ඇති වෙනස්කම් හේතුවෙන් ව්‍යාපාරික ප්‍රජාවගේ සේම පාරිභෝගික විශ්වාසය ද ඇති වීම මෙම තත්ත්වයට හේතු වී ඇත.
නව රජය බලයට පත්වීමත් සමග ව්‍යාපාරික පරිසරය ඉදිරියේදී තවත් යහපත් වනු ඇතැයි අදාළ සමීක්ෂණයට එක් වූ කණ්ඩායම් පෙන්වා දී ඇත. මෙය ව්‍යාපාරික ප්‍රජාවගේ සේම විශේෂයෙන් ම ආයෝජකයන්ගේ ද විශ්වාසය ඉහළ දමන්නක් බව එම සඟරාව පෙන්වා දෙයි.