ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හිටපු එක්සත් ජනපද තානාපති රොබට් ඔ'බ්ලේක් මහතා අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග සාකච්ඡා පවත්වා තිබේ.
දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර එක්සත් ජනපද හිටපු සහකාර රාජ්‍ය ලේකම්වරයෙකුද වන ඒ මහතා ඊයේ (15දා) අරලියගහ මන්දිරයේදී අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග මෙසේ සාකච්ඡාවල නිරත වී තිබේ.