ශ්‍රී ලංකන් ගුවන් සේවය වසර 35කට අධික කාලයක් නරීටා වෙත පියාසර කිරීමේ අභිමානයත් සමග සතියකට ගුවන් ගමන් වාර 5ක් දක්වා සිය ගුවන් මෙහෙයුම් වැඩි කිරීමට කටයුතු යොදා තිබේ.
කියෝහි නරීටා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පියාසර කළ ප්‍රථම ගුවන් සේවා කිහිපය අතරින් එකක් වනුයේ ශ්‍රී ලංකන් ගුවන් සේවයයි. අද වනවිට ජපන් සංචාරකයින්ගේ ජනප්‍රිය ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව පත්වෙමින් තිබෙන වටපිටාවක මෙසේ ගුවන් ගමන් වාර වැඩිකර තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවය ටෝකියෝ සිට කොළඹ වෙත නොනවත්වා මෙහෙයුම් සිදුකරන එකම ගුවන් සමාගම වන අතර, මෙමගින් දකුණු ඉන්දියාවේ බොහෝ නගරවලට වේගයෙන් සම්බන්ධ වීමේ පහසුකම ද සපයයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම නරීටා සහ කොළඹ අතර මෙහෙයුම් සිදු කිරීම සඳහා නවතම එයාර් බස් A330-300 ගුවන්යානා යොදා ගන්නා අතර, එම ගුවන් යානා ව්‍යාපාරික පන්තියේ ආසන 28කින් සහ පිරිමැසුම් පන්තියේ ආසන 269කින් සමන්විත වේ.