නොවැම්බර් මාසය තුළ ශ්‍රී ලංකාවේ වාහන ලියාපදිංචිය වසර 6ක කාලය තුළ අවම අගය වාර්තා කර ඇති බව සඳහන් වෙයි.
ඒ අනුව, නොවැම්බරයේදී ලියාපදිංචි කර ඇති මෝටර් රථ සංඛ්‍යාව 24,472ක් ලෙස සටහන් වෙයි. මෙම අගයට වඩා අඩු වාහන ලියාපදිංචියක් මීට පෙර වාර්තා කර ඇත්තේ වර්ෂ 2013 වසරේ නොවැම්බර් මාසයේදීය.
රුපියලේ අගය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂට කැපී පෙනෙන ලෙස අඩුවීමත්, ජනවාරි මාසයේ පැවති ජනාධිපතිවරණ උණුසුමත් වාහන ලියාපදිංචිය අඩුවීමට හේතු වූවා යැයි විශ්වාස කෙරෙයි.