කොවිඩ්-19 වෛරසයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙනයන සටනට සහයෝගය පළකරමින් ඒ සඳහා අත්‍යවශ්‍ය සැපයුම් ලබාදීම සඳහා ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත්වීම ප්‍රකාරව එක්සත් ජනපද රජය, ජාත්‍යන්තර සංවර්ධනය සහා වන එක්සත් ජනපද නියෝජිතායතනය හරහා නවීනතම කෘත්‍රිම ශ්වසන ආධාරක නොහොත් වෙන්ටිලේටර් යන්ත්‍ර 200ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඇමෙරිකානු තානාපතිනී අලෙයිනා ටෙප්ලිට්ස් මහත්මිය විසිල් මෙම වෙන්ටිලේටර් යන්ත්‍ර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත භාරදී තිබේ.
එක්සත් ජනපදයේ නිපදවන ලද මෙම වෙන්ටිලේටර් යන්ත්‍ර, නවීනතම තාක්ෂණයෙන් සමන්විත වන අතරම, ප්‍රමාණයෙන් කුඩා වීම නිසා පහසුවෙන් භාවිත කළ හැකි බවද කියයි. ඒ අනුව වෛරසයේ බලපෑමට ලක්වූ රොගීන්ට ප්‍රතිකාර කිරීමේදී නම්‍යශීලී අන්දමින් කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව සැලසෙනු ඇති බව තානාපති කාර්යාලය පවසයි.
වසංගතයෙන් වැඩි වශයෙන් බලපෑමට ලක්වූ ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වෙමින් කොවිඩ්-19 ආධාර වශයෙන් ලබාදුන් ඇ.ඩො.මිලියන 6 ඉක්මවන මුදලට අමතරව, මෙම වෙන්ටිලේටර් පරිත්‍යාගය සිදුවූ බවත්, ඒවා භාවිතය පිළිබඳ පුහුණුව මෙන්ම, නඩත්තු සහායද ලබාදෙන බව තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.