මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී පෙරේරා මහතා ලංකා බැංකුවේ සභාපති ලෙස 2019 පෙබරවාරි 14දා දින සිට නැවතත් පත්කර තිබේ.
2015 ජනවාරි මස 28දා සිට 2018 නොවැම්බර් මස 18දා දක්වා කාලය තුළ ලංකා බැංකුවේ සභාපති ධුරය හෙතෙම හොබවනු ලැබීය.
මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් එල්.එල්.බී උපාධියත්, මහා බ්‍රිතාන්‍යයේ නොදම්බ්රියා විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර වෙළෙඳ නීතිය පිළිබඳ එල්.එල්.එම්. උපාධියත් හිමිකරගෙන ඇත. 2012 වසරේදී ජනාධිපති නීතීඥයෙකු ලෙස පත්වූ ඒ මහතා, ලංකා බැංකුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකුද වෙයි.