මහනුවර අධිවේගී මාර්ගයේ පළමු කොටස සහ දෙවැනි කොටසෙහි වැඩ මේ වසරේ අවසන් කරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් ඊයේ (29දා) අමාත්‍යවරයා මෙසේ පවසා ඇත. එහිදී, කිරිඇල්ල මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ,
"මහනුවර දිස්ත්‍රික්කයට පමණක් රු.මිලියන 5,386ක මාර්ග සංවර්ධනය කර තිබෙනවා. බස්නාහිර පළාත වෙනුවෙන් රු.මිලියන 5,541ක් වැය කර තිබෙනවා. සබරගමුවට රු.මිලියන 11,000ක්, මධ්‍යම පළාතේ මිලියන 10,000ක් වැයකර තිබෙනවා.
ඒ වගේම, මන්ත්‍රීවරුන්ට රු.මිලියන 60ක් බැගින් රු.බිලියන 10ක් ලබාදීම පසුගිය කාලය තුළ අප සිදුකර තිබෙනවා. මහනුවර අධිවේගී මාර්ගයේ තුන්වැනි කොටස ගැන අර්බුදයක් තිබෙනවා.මහනුවර අධිවේගී මාර්ගයේ පළමු කොටස සහ දෙවැනි කොටස වැඩ මේ වසරේ අවසන් කරනවා. කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගය වතුර බැසයාමට හැකිවන ලෙස 30%ක් කුලුණු මත ඉදි කරනවා" යැයි පවසා සිටයේය.